‘සෑම තරාතිරමකම අයට’ දේශනා කරමු
1. දේවසේවකයන්, දක්ෂ කැටයම්කරුවෙකුට සමාන වන්නේ කෙසේද?
1 දක්ෂ කැටයම්කරුවෙක් තම කාර්යය සඳහා බොහෝ ආයුධ යොදාගන්නවා. ඒවා භාවිත කරන අවස්ථාව මෙන්ම ආකාරයද ඔහු දන්නවා. දේවසේවකයන් ලෙස අපගේ කාර්යයත් හොඳින් ඉටු කිරීමට අවශ්‍ය ආයුධ හා සමාන ප්‍රකාශන අපට තිබෙනවා. උදාහරණයකට ‘සෑම තරාතිරමකම අයට’ ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා මාසික නොවන විවිධ සඟරා අපට තිබෙනවා. (1 කොරි. 9:22) ඉන් කිහිපයක් මෙම රාජ්‍ය සේවාවේ අතිරේකයේ සඳහන් වෙනවා. ඒවා සකස් කර තිබෙන්නේ කවුරුන් වෙනුවෙන්ද කියාත් ඒවා ඉදිරිපත් කළ හැක්කේ කෙසේද කියාත් එහි සඳහන් වෙනවා.
2. දේවසේවයේදී මාසික නොවන සඟරා ඉදිරිපත් කළ හැකි අවස්ථා මොනවාද?
2 ඉදිරිපත් කළ හැකි අවස්ථා: කැටයම්කරුවෙක් නිතරම උත්සාහ කරන්නේ ඒ ඒ කාර්යයට ගැළපෙන ආයුධය භාවිත කිරීමටයි. අපත් අපට හමු වන අයට ප්‍රයෝජනවත් වන මාසික නොවන සඟරාවක් ඕනෑම විටකදී ඉදිරිපත් කිරීමට සූදානම් වෙමු. මේ ගැන සිතන්න. අප සේවය කරන්නේ බයිබලය ගැන එතරම් උනන්දුවක් නොදක්වන ජනයා සිටින ප්‍රදේශයක නම්, ඒ මාසයේ බෙදාහරින්නේ බයිබල් ඉගැන්වීම් පොත නම්, අපිට කුමක් කළ හැකිද? මුලින්ම ඔවුන්ට ගැළපෙන, මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කිරීම පලදායි විය හැකියි. ඔහු උනන්දුවක් දක්වයි නම් බයිබල් ඉගැන්වීම් පොත ලබා දිය හැකියි.
3. දේවසේවයේදී තැනට ගැළපෙන ප්‍රකාශන භාවිත කිරීමට අප ඉගෙනගත යුත්තේ ඇයි?
3 යම් කාර්යයක දක්ෂ ලෙස නිරත වන අයව බයිබලයේද ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. (හිතෝ. 22:29) මේ කාලයේදී “ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ශුද්ධ කාර්යය” තරම් වැදගත් දෙයක් තවත් නැහැ. (රෝම 15:16) මේ උතුම් කාර්යයේ නිරත වීමට අප ‘ලැජ්ජා වන්නේ නැහැ.’ එහි දිගටම හවුල් වීම සඳහා අප සතුව ඇති ආයුධ හෙවත් අපගේ ප්‍රකාශන තැනට උචිත ලෙස භාවිත කරමු.—2 තිමෝ. 2:15.