දක්ෂ ලෙස උගන්වන්න ලැබුණු මෙවලම්
1. ශුභාරංචිය කියන අයට දක්ෂ ශිල්පීන් වෙන්න පුළුවන් කොහොමද?
1 දක්ෂ ශිල්පියෙක් විවිධ මෙවලම් පාවිච්චි කරනවා. සමහර ඒවා අවශ්‍ය වෙන්නේ විශේෂ කාර්යයන්වලටයි. අනිත් ඒවා නිතරම පාවිච්චි කරන ඒවායි. නිතරම පාවිච්චි කරන මෙවලම් ඔහුගේ අතට හොඳට හුරුයි. අපි පාවිච්චි කරන වැදගත්ම මෙවලම මොකක්ද? “ගෝලයන් වෙන්න උපකාර කරන්න” උදව් වෙන මූලිකම මෙවලම බයිබලයයි. (මතෙ. 28:19, 20) බයිබලයේ දිරිගන්වලා තියෙන්නේ “ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන” අය වෙන්න කියලයි. (2 තිමෝ. 2:15) ඒ නිසා ‘සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන අය වෙන්න’ අපි වෑයම් කරන්න ඕනේ. ඊට අමතරව සත්‍යය උගන්වන්න නිතරම පාවිච්චි කරන තවත් මෙවලම් තියෙනවා. සත්‍යය උගන්වන්න ඒවා හොඳින් පාවිච්චි කරන්න අපි පුරුදු වෙන්න ඕනේ.—හිතෝ. 22:29.
2. උගන්වන්න උදව් වෙන මූලික මෙවලම් මොනවාද?
2 මූලික මෙවලම්: බයිබලයට අමතරව පාවිච්චි කරන මෙවලම් මොනවාද? සත්‍යය උගන්වන්න මුලින්ම යොදාගන්නේ ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත. ශිෂ්‍යයෙක් ඒක පාඩම් කළාට පස්සේ බයිබල් ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්න උදව් වෙන “දෙවිගේ ප්‍රේමය” කියන පොත ඔහු එක්ක අපි පාඩම් කරනවා. ඒ නිසා මේ පොත් දෙක හොඳින් පාවිච්චි කරන්න ඉගෙනගන්න. උගන්වන්න ලැබිලා තියෙන මෙවලම්වලට සඟරා කීපයකුත් ඇතුළත්. ‘ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාවත් බයිබල් පාඩම් පටන්ගන්න පාවිච්චි කරන්න පුළුවන්. අපේ ප්‍රදේශයේ කියවන්න බැරි අය ඉන්නවා නම්, අපේ පොත් පත් වැඩිය පළ වෙලා නැති භාෂා කතා කරන අය ඉන්නවා නම් අපිට පුළුවන් ‘දෙවිට සවන් දෙන්න’ හෝ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ කියන සඟරා පාවිච්චි කරන්න. ශිෂ්‍යයන්ව සංවිධානයට යොමු කරන්න පාවිච්චි කරන්නේ ‘දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!’ කියන සඟරාවයි. ගෝලයන් වෙන්න උපකාර කරන්න ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ ‘දෙවියන්ට නමක් තියෙනවාද?’ කියන වීඩියෝ යොදාගන්නත් පුළුවන්. අපි ඒවා දක්ෂ ලෙස පාවිච්චි කරන්න ඉගෙනගන්න ඕනේ.
3. ඉදිරියේදී ලැබෙන ‘රාජ්‍ය සේවා’ අපිට උදව් වෙන්නේ මොනවා කරන්නද?
3 ලැබිලා තියෙන මෙවලම් දක්ෂ ලෙස පාවිච්චි කරන විදිහ ඉදිරියේදී ලැබෙන ‘රාජ්‍ය සේවාවලින්’ පෙන්වලා දෙනවා. ඒවා දක්ෂ ලෙස පාවිච්චි කරනවා නම් අපි මේ උපදෙස පිළිපදිනවා. “ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත් නිරතුරුවම සැලකිලිමත් වන්න. ඒ දේවලට ඇලී සිටින්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.”—1 තිමෝ. 4:16.