ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/12 2 පි.
  • දේශනා කරන්න හේතු දොළහක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේශනා කරන්න හේතු දොළහක්
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ඔබට ලැබී ඇති වරප්‍රසාදය අගය කරන්න
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අපව පොලඹවන්නේ ප්‍රේමයයි!
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • දිගටම උද්‍යෝගයෙන් සේවය කරමු
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ස්වාමීන් තුළ ඔබ භාරගත් සේවය සම්පූර්ණ කිරීමට වගබලා ගන්න.”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 6/12 2 පි.

දේශනා කරන්න හේතු දොළහක්

අපි ශුභාරංචිය දේශනා කරලා මිනිසුන්ට උගන්වන්නේ ඇයි? ඒකට ප්‍රධානම හේතුව, අවංක මිනිසුන්ට ජීවනයට යන පාර පෙන්වන්න කියලා අපිට හිතෙන්න පුළුවන්. (මතෙ. 7:14) පහත සඳහන් වන හේතුවලින් මුලින්ම සඳහන් වෙන්නේ ඒකයි. ඒත් ඒක ප්‍රධානම හේතුව නෙමෙයි. එහෙනම් මේ හේතු 12න් ප්‍රධානම හේතුව මොකක්ද?

1. ජීවිත බේරෙනවා.—යොහ. 17:3.

2. දුෂ්ට මිනිස්සුන්ට අනතුරු ඇඟවීමක් ලැබෙනවා.—එස. 3:18, 19.

3. ඒ ගැන තියෙන අනාවැකි ඉටු වෙනවා.—මතෙ. 24:14.

4. යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයි කියලා ඔප්පු වෙනවා. දුෂ්ට මිනිස්සුන්ට පසුතැවිලි වෙන්න අවස්ථාවක් දෙන්නේ නැතුව දෙවි එයාලව විනාශ කළා කියලා කිසිම කෙනෙකුට කියන්න බැහැ.—ක්‍රියා 17:30, 31; 1 තිමෝ. 2:3, 4.

5. යේසුස්ගේ රුධිරයෙන් මිල දී ගත්ත මිනිසුන්ට දේශනා කරන්න අපිට තියෙන වගකීම අපි ඉටු කරනවා.—රෝම 1:14, 15.

6. අපි ලේ වරදින් නිදහස් වෙනවා.—ක්‍රියා 20:26, 27.

7. අපේ ගැලවීමට ඒක අත්‍යවශ්‍යයි.—එස. 3:19; රෝම 10:9, 10.

8. අපි අසල්වැසියන්ට ප්‍රේම කරන නිසා.—මතෙ. 22:39.

9. යෙහෝවා දෙවිටත් යේසුස්ටත් කීකරු වෙන්න කැමති නිසා.—මතෙ. 28:19, 20.

10. ඒක අපේ නමස්කාරයේ කොටසක්.—හෙබ්‍රෙ. 13:15.

11. අපි දෙවිට ප්‍රේම කරන නිසා.—1 යොහ. 5:3.

12. දෙවිගේ නමට වෙලා තියෙන කැළල ඉවත් කරන්න අපිත් දායක වෙනවා.—යෙසා. 43:10-12; මතෙ. 6:9.

හැබැයි අපි දේශනා සේවයේ යන්නේ ඒ හේතු නිසා විතරක් නෙමෙයි. උදාහරණයකට දේශනා සේවය නිසා දෙවි ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් වෙනවා. ඒ වගේම දෙවිත් එක්ක හවුල් වැඩකරුවන් වීමේ විශේෂ වරප්‍රසාදයත් අපිට ලැබෙනවා. (1 කොරි. 3:9) අපි දේශනා සේවයේ යන්න ප්‍රධානම හේතුව, ඉහත සඳහන් හේතු අතරින් 12වෙනි එකයි. මිනිස්සු අපිට සවන් දුන්නත් නැතත් දේශනා සේවයේ හවුල් වීමෙන් දෙවිගේ නමට වෙලා තියෙන කැළල ඉවත් කරන්න අපි දායක වෙනවා. ඒ වගේම දෙවිට නින්දා කරන්නාට උත්තරයක් දෙන්න දෙවිට පුළුවන් වෙනවා. (හිතෝ. 27:11) ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය නතර කරන්නේ නැතුව දිගටම කරගෙන යන්න ඇත්තෙන්ම අපිට හොඳ හේතු තියෙනවා.—ක්‍රියා 5:42.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න