ඔයත් නවත්වන්න ඕනෙද?
දේශනා සේවයේ යද්දී සමහර ප්‍රචාරකයන් පුරුද්දක් විදිහට යම් වෙලාවකදී සේවය නවත්වනවා. යම් හේතු නිසා සමහර අයට නිශ්චිත වෙලාවකදී සේවය නවත්වන්න වෙන බව ඇත්තයි. ඒත් කණ්ඩායමේ අනිත් අය නවත්වන නිසා හෝ සාමාන්‍යයෙන් කණ්ඩායමේ අය පුරුද්දක් විදිහට සේවය නවත්වන වෙලාව ආව නිසා ඔයත් සේවය නවත්වන්න ඕනෙද? තවත් ටිකක් වෙලා වැඩිපුර වැඩ කරන්න, වීදි සේවය වගේ වෙනත් සේවයක යෙදෙන්න ඔයාට බැරිද? නැත්නම් ගෙදර යන ගමන්ම නැවත බැලීමකට හෝ දෙකකට යන්න බැරිද? උනන්දුව දක්වපු කෙනෙක්ගේ ගෙදර ගියාම එයා ගෙදර හිටියා නම් හරි මඟ තොටේ යන අයට වැඩිපුර සඟරා දෙන්න පුළුවන් වුණා නම් හරි ඒකෙන් කොච්චර ප්‍රයෝජන ලැබෙයිද කියලා හිතලා බලන්න. අපිට නවත්වන්න විශේෂ හේතුවක් නැත්නම් තව ටිකක් වැඩිපුර වැඩ කිරීමෙන් “දෙවිට කරන ප්‍රශංසාව” වැඩියෙන් දෙන්න අපිට පුළුවන්.—හෙබ්‍රෙ. 13:15.