සිහි කිරීමට සතුටින් සූදානම් වෙමු
1. සිහි කිරීමේ කාලය විශේෂ අවස්ථාවක් වෙන්නේ මොනවා කරන්නද?
1 යෙහෝවා දෙවි අපිව ගලවගන්න කරපු දේ ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. යේසුස්ගේ මරණය සිහි කරන මාර්තු 26වෙනි අඟහරුවාදා ඒ සතුට සමරන්න හොඳම අවස්ථාවක්. (යෙසා. 61:10) සිහි කිරීමට කලින් ඉඳලම ඊට හොඳින් සූදානම් වෙන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන්නේ ඒ සතුටයි.
2. කලින්ම සූදානම් වෙන්න අපිව පොලඹවන්නේ මොකක්ද?
2 කලින්ම සූදානම් වෙමු: යේසුස්ගේ මරණය සිහි කිරීම වැදගත් චාම් සැමරීමක් වුණත් කිසිම අඩුවක් නැතුව පවත්වන්න නම් කලින්ම සූදානම් වෙන්න ඕනෙ. (හිතෝ. 21:5) පවත්වන වෙලාවයි තැනයි තීරණය කරගන්න ඕනෙ. එතැන පිරිසිදු කරන්න ඕනෙ. සුදුසු සංකේත ලෑස්ති කරගන්න වගේම ඒවා අතිනත යවන සහෝදරයන්ගේ හා පරිවාරකයන්ගේ වගකීම් ගැන පැහැදිලි මඟ පෙන්වීම් ලබා දෙන්නත් ඕනෙ. කතාව දෙන සහෝදරයා කතාව හොඳින් සූදානම් වෙන්නත් ඕනෙ. මේ හැම දෙයක්ම වගේ දැනටමත් කරලා ඇති. මේ දේවල් කරන්න අපිව පොලඹවන්නේ යේසුස් අපි වෙනුවෙන් ජීවිතය දුන්න එක අපි ඇත්තටම අගය කරන නිසයි.—1 පේතෘ. 1:8, 9.
3. සිහි කිරීම සඳහා අපේ මුළු සිතම යොමු කරන්නේ කොහොමද?
3 සිත යොමු කරමු: සිහි කිරීමේ වැදගත්කම සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න නම් අපේ මුළු සිතම ඊට යොමු කරන්න ඕනෙ. (එස්රා 7:10) එහෙම කරන්නේ කොහොමද? යේසුස් මේ පොළොවේ ගත කරපු අවසන් දවස් ගැන තියෙන විශේෂ බයිබල් කියවීම කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න. යේසුස්ගේ ආත්ම පරිත්‍යාගශීලී ආකල්පය ගැන හොඳින් කල්පනා කරද්දී යේසුස්ව අනුකරණය කරන්න අපි තුළ පෙලඹීමක් ඇති වෙනවා.—ගලා. 2:20.
4. ඔබ වැඩියෙන්ම සතුටු වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන මොන ප්‍රයෝජනයටද?
4 යේසුස්ගේ ජීවිත පූජාවෙන් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. යෙහෝවා දෙවි විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා කියලා එයින් තහවුරු වෙනවා. දෙවිත් එක්ක සමාදාන වෙන්නත් අවස්ථාව උදා වෙනවා. (කොලො. 1:21, 22) අපිට පාපයෙන් හා මරණයෙන් ගැලවිලා සදාකාල ජීවනය ලබන්න අවස්ථාවත් ලැබෙනවා. (1 යොහ. 2:2) දෙවිට කැප වෙලා යේසුස්ගේ ගෝලයෙක් විදිහට හැමදාම ජීවත් වෙන්න ගත්ත අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නත් පුළුවන් වෙනවා. (මතෙ. 16:24) ඒ දේවල් ගැන හිතමින් සිහි කිරීමට හොඳින් සූදානම් වෙලා එයට සහභාගි වෙද්දි අපිට දැනෙන සතුට පිරිලා ඉතිරිලා යාවි.