සිහි කිරීමට ඔබ සූදානම්ද?
එදා ක්‍රි.ව. 33 නීසාන් 13වෙනිදායි. තමන්ගේ කිට්ටු මිතුරන් එක්ක ගත කරන අන්තිම හැන්දෑව ඒකයි කියලා යේසුස් දැනගෙන හිටියා. එදා ඔහු ඔවුන් එක්ක අවසන් පාස්කුව පැවැත්තුවා. ඊටපස්සේ ඔහු ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කියලා අලුත් සැමරීමක් හඳුන්වලා දුන්නා. ඒක වැදගත් අවස්ථාවක් නිසා හොඳින් සූදානම් කරන්න අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු පේතෘස්ව හා යොහන්ව යැව්වා අවශ්‍ය දේවල් සූදානම් කරන්න. (ලූක් 22:7-13) එදා ඉඳලා හැම අවුරුද්දකම සිහි කිරීම පවත්වන අය ඒකට කලින්ම සූදානම් වෙන්න අවශ්‍යයි. (ලූක් 22:19) අප්‍රියෙල් 3වෙනිදා පවත්වන සිහි කිරීමට සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද?
ප්‍රචාරකයන් කරන සූදානම:
ආරාධනා පත්‍ර බෙදාහැරීමේ වැඩසටහනට හොඳින් හවුල් වෙන්න සැලසුම් යොදන්න.
බයිබල් ශිෂ්‍යයන්, නෑදෑයන්, පාසැලේ හා රැකියා ස්ථානයේ මිතුරන් වගේම දන්නා හඳුනන හැමදෙනාවම ඇතුළත් කරලා ලැයිස්තුවක් හදාගන්න.
නියමිත බයිබල් කොටස කියවලා ගැඹුරින් කල්පනා කරන්න.
සිහි කිරීමට එන අමුත්තන්ව පිළිගන්න සූදානම් වෙලා ඉන්න.