ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 5 පි.
  • සිහි කිරීමට ඔයා ලෑස්තිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිහි කිරීමට ඔයා ලෑස්තිද?
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මං ආරාධනා කරන්නේ කාටද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සිහි කිරීම වෙනුවෙන් ඔයා ගන්න වෑයමට දෙවියන් ආශීර්වාද කරයි!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න”
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • “මේ දේ නොකඩවා කරන්න”
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 5 පි.
පේතෘස් සහ යොහන් මේසයක් මත රොටි සහ වයින් ලෑස්ති කරනවා.

පේතෘස් සහ යොහන් ක්‍රි.ව. 33 පාස්කු උත්සවය සමරන්න උඩුමහල් කාමරයක් ලෑස්ති කරනවා

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සිහි කිරීමට ඔයා ලෑස්තිද?

යේසුස් පවත්වපු අන්තිම පාස්කුව හරිම විශේෂයි. මොකද ඔහුගේ මරණය සිද්ධ වෙන්න බොහොම පොඩි කාලයයි ඉතුරු වෙලා තිබුණේ. ඒ වගේම නියෝජිතයන් එක්ක පාස්කුව සැමරුවාට පස්සේ අවුරුදු පතා සමරන්න ඕන ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙන්නයි ඔහු සැලසුම් කරලා තිබුණේ. ඒක පවත්වන්න තැනක් ලෑස්ති කරන්න ඔහු පේතෘස්ව සහ යොහන්ව යැව්වා. (ලූක් 22:7-13; කවරයේ පින්තූරය බලන්න.) ඒකෙන් පැහැදිලියි මාර්තු 27වෙනිදා සිහි කිරීම පවත්වන්න අපිත් කලින්ම ලෑස්ති වෙන්න ඕනෙ කියලා. ඒ නිසා කථිකයා, සංකේත වගේ අවශ්‍ය හැම දෙයක්ම සභාවන්වලින් කලින්ම ලෑස්ති කරනවා. ඒකට ලෑස්ති වෙන්න අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් මොනවාද?

යේසුස්ගේ ජීවිත පූජාව ගැන ඔයාට තියෙන අගය වැඩි කරගන්න. සිහි කිරීමට අදාළ බයිබල් කොටස කියවලා ඒ ගැන හොඳට කල්පනා කරන්න. ‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ පොතේ කියවන්න ඕන කොටස සඳහන් වෙනවා. ඒ ගැන තවත් තොරතුරු ‘දේවවචනය අධ්‍යයනයට’ පොතේ 16වෙනි කොටසෙත් තියෙනවා. (2020 අප්‍රියෙල් ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතත්’ බලන්න.) පවුලේ නමස්කාරයේදී යේසුස්ගේ ජීවිත පූජාවේ වැදගත්කම ගැන ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙන් සහ ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතෙන් තවත් තොරතුරු හොයලා බලන්න පුළුවන්.

පවුලේ නමස්කාරයේදී පවුලක් සිහි කිරීම ගැන සාකච්ඡා කරනවා.

සිහි කිරීමට අනිත් අයට ආරාධනා කරන්න. ආරාධනා පත්‍රිකා බෙදන කාර්යයට උපරිමයෙන් හවුල් වෙන්න. නැවත බැලීම්, කලින් කරපු බයිබල් පාඩම්, යාළුවන්, නෑදෑයන් වගේ ඔයාට ආරාධනා කරන්න පුළුවන් අය කවුද කියලා හිතන්න. වැඩිමහල්ලන් අක්‍රියාශීලී හැම කෙනෙක්ටම ආරාධනා කරන්න ඕනේ. ඔයා ආරාධනා කරන කෙනා ඉන්නේ වෙන පළාතක නම් ඒ පැත්තේ සිහි කිරීම පවත්වන තැනයි, වෙලාවයි jw.org වෙබ් අඩවියෙන් හොයාගන්න ඔයාට පුළුවන්. ඒකට වෙබ් අඩවියේ මුල් පිටුවේ අපි ගැන කියන කොටසට ගිහින් “සිහි කිරීම” යටතේ බලන්න.

වැඩිමහල්ලන් දෙන්නෙක් අක්‍රියාශීලී කෙනෙක්ට සිහි කිරීමට ආරාධනා කරනවා.

සිහි කිරීමට ලෑස්ති වෙන්න අපිට කරන්න පුළුවන් තවත් දේවල් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න