දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
බයිබල් ශිෂ්‍යයන්ව සංවිධානයට ළං කරන අලුත් සඟරාව
1. දේවකැමැත්ත කියන සඟරාවේ අරමුණ මොකක්ද?
1 මේ සඟරාව පාවිච්චි කරන්න පටන්ගත්තද? සඟරාව සකස් කරලා තියෙන්නේ (1) අපි ගැනත් (2) අපේ සේවය ගැනත් (3) අපේ සංවිධානය ගැනත් ශිෂ්‍යයන්ට අවබෝධයක් ලබා දීමේ අරමුණෙන්. මේ සඟරාවේ පාඩම් තියෙන්නෙ කෙටියෙන්, එක පිටුවකට එක ගානේ. ඒ නිසා බයිබල් පාඩමෙන් පස්සෙ විනාඩි පහක් දහයක් විතර අරගෙන ශිෂ්‍යයා එක්ක සාකච්ඡාවක් කරන්න හරිම ලේසියි.
2. සඟරාවේ තියෙන විශේෂ දේවල් මොනවද?
2 සකස් කරලා තියෙන විදිහ: කලින් පෙන්වා දුන් විදිහට මේ සඟරාවේ යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන පැති තුනකින් විස්තර කරලා තියෙනවා. මේ සඟරාවේ පාඩම් 28ක් තියෙනවා. හැම පාඩමකම ප්‍රධාන මාතෘකාව තියෙන්නෙ ප්‍රශ්නයක් විදිහට. තද කලු අකුරෙන් තියෙන උප මාතෘකා, ඒ ප්‍රශ්නෙට උත්තරයි. ලෝකෙ පුරාම කරන වැඩ කටයුතු ගැන යම් අවබෝධයක් ලබා දෙන්න, රටවල් 50ක ඉන්න සාක්ෂිකරුවන්ගේ පින්තූර මේ සඟරාවේ ඇතුළත් කරලා තියෙනවා. හැම පාඩමකම වගේ “යෝජනාවක්” කියලා කොටුවක් තියෙනවා. ඒකෙ තියෙන දේ අත්හදා බලන්න කියලා ශිෂ්‍යයාට උනන්දු කරන්න අපිට පුළුවන්.
3. මේ සඟරාව පවිච්චි කරන්න පුළුවන් කොහොමද?
3 පාවිච්චි කරන විදිහ: මුලින්ම මාතෘකාව විදිහට තියෙන ප්රශ්නය ශිෂ්‍යයාට පෙන්නන්න. පාඩම කියවගෙන යද්දි තද කලු අකුරින් තියෙන උප මාතෘකා කාවද්දන්න. අන්තිමට පිටුවෙ යටින්ම තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න. පාඩම එක දිගටම හරි කොටසින් කොටස හරි කියවලා සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම කියවන්නේ මොන බයිබල් පදද කියලා තීරණය කරන්න ඔයාලට පුළුවන්. පින්තූරයි යෝජනා කොටුවයි අමතක කරන්නත් එපා. සාකච්ඡා කරන්නෙ පාඩම් තියෙන පිළිවෙලට වුණත් අවශ්‍යතාවට අනුව වෙන පාඩමක් කරන්න වුණත් බැරිකමක් නෑ. උදාහරණෙකට ළඟදි සමුළුවක් එනවා නම් 11වෙනි පාඩම කරන්න පුළුවන්.
4. මේ සඟරාව උදව් වෙන්නෙ මොකටද?
4 බයිබල් පාඩමක් කරද්දී අපි කරන්නෙ ශිෂ්‍යයාව අපේ ස්වර්ගික පියාට ළං කරන එකයි. ඒ වගේම යෙහෝවා දෙවිගේ සංවිධානය ගැනත් එයාලව දැනුවත් කරන්න ඕනෙ. (හිතෝ. 6:20) දේවකැමැත්ත කියන මේ සඟරාව නිසා ඒ දේ කරන්න දැන් අපිට කොච්චර ලේසිද!