ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/14 4-6 පි.
  • අද්දැකීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අද්දැකීම්
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • නොවැම්බර් මාසයේදී අලුත් ඉදිරිපත් කිරීමක්
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබ මේවා හොඳින් භාවිත කරනවාද?
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • බයිබලය—එහි පණිවිඩය කුමක්ද? යන සඟරාව යොදාගත හැකි ක්‍රමයක්
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 2/14 4-6 පි.

අද්දැකීම්

◼ ඕස්ට්‍රේලියාව: ජෝන් උගත් කෙනෙක්. කුඩා කාලයේදී කතෝලිකයෙක් ලෙස හැදී වැඩුණත් පසුව ඔහු දෙවි කෙනෙකුව විශ්වාස කළේ නැහැ. දවසක් පුරෝගාමියෙක් ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ යන සඟරාව ඔහුට දුන්නා. තව දවසක ‘ජීවයේ ආරම්භය’ යන සඟරාවත් දුන්නා. ජෝන් තුළ උනන්දුවක් ඇති කිරීමට ඒ පුරෝගාමියා ඔහුට සෑම මාසයකම අලුත්ම සඟරා දීලා දෙවිගේ නිර්මාණ හෝ බයිබල් අනාවැකි ගැන පළ වී තිබෙන ලිපි පෙන්වුවා. බයිබලය ගැන දැනගන්න ජෝන් යම් ආශාවක් දක්වන බව දැනගත් පුරෝගාමියා ඔහුට බයිබලය ගැන සඳහන් පොතකුත් දුන්නා. (The Bible—God’s Word or Man’s?) දෙවි කෙනෙක් නැහැ කියා සිතූ ඔහු පොත කියවූ පසු “දෙවි කෙනෙක් ඉන්නත් පුළුවන්” කියා පිළිගත්තා. ඉන්පසු පුරෝගාමියා ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත ඔහුට පෙන්වා එහි 2වෙනි පරිච්ඡේදයේ 8 සහ 13-16 දක්වා ඡේද සාකච්ඡා කළා. එහි සඳහන් බයිබල් පද ජෝන්ගේ හිතට තදින්ම කාවැදුණු නිසා “බයිබලය ගැන තවත් ඉගෙනගන්න ඕනේ” කියා පැවසුවා.

◼ මෙක්සිකෝව: බයිබලය ලියවිලා තියෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් බව තමන් විශ්වාස කරන්නේ නැහැ කියා කෙනෙක් ප්‍රචාරකයෙක්ට පැවසුවා. ප්‍රචාරකයා එය විශ්වාස කරන්න තිබෙන සාක්ෂි පෙන්නුවා. කීප වතාවක්ම ඔහුව මුණගැසී බයිබලයෙන් කරුණු පැහැදිලි කර දුන් විට ඔහු පුදුම වුණා. විශේෂයෙන්ම දෙවිගේ ප්‍රතිපත්ති ඔහුට තදින්ම කාවැදුණා. ඔහු පැවසුවේ මෙසේයි. “මුලින්ම ඔයා මට බයිබලයේ තියෙන දේවල් ගැන කියලා දෙද්දී මට හිතුණේ ඒවා සාමාන්‍ය තොරතුරු කියලා. ඒත් දැන් ඒ දේවල් බයිබලයෙන්ම කියවද්දී, විශේෂයෙන්ම සදාචාරය ගැන තියෙන ප්‍රතිපත්ති කියවද්දී ඒවා මගේ හිතට තදින්ම දැනෙනවා.”

◼ එක්සත් ජනපදය: ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන, විශාල නගරවල සාක්ෂි දැරීමේ කාර්යයේ නිරත වී සිටි යුවළකට තායිවානයෙන් පැමිණි කාන්තාවක්ව මුණගැසුණා. ඇය දෙවි ගැන විශ්වාස කළත් බයිබලය බටහිර රටවල අයට ලියූ පොතක් කියා සිතුවා. ඇයට කිසි දෙයකින් අඩුවක් තිබුණේ නැතත් ජීවිතයට අරමුණක් තිබෙනවාද කියා කල්පනා කළා. ඊට බයිබලයෙන් පිළිතුරක් ලබාගැනීමේ අරමුණින් ඇය සාක්ෂිකාර යුවළ පොත් පත් ප්‍රදර්ශනය කර තිබූ තැනට ආවා. ඔවුන් ඇය සමඟ ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් සහ තවත් සඟරාවකින් බයිබල් පාඩමක් පටන්ගත්තා. (Lasting Peace and Happiness—How to Find Them) නමුත් ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ 2වනි පරිච්ඡේදය පාඩම් කරනවා වෙනුවට ඉහත කී සඟරාවේ මිනිසාට මඟ පෙන්වීම් ලබා දෙන පොතක් කියන කොටස සාකච්ඡා කළා. එහි මුල් ඡේද 6 සාකච්ඡා කළ පසුව ඇය සතුටින් පැවසුවේ බයිබලයේ සඳහන් වටිනා මඟ පෙන්වීම් වෙන කිසිම ආගමික පොතක නැහැ කියලයි. බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වෙලා තියෙන විදිහ ඉගෙනගත් ඇය මෙසේ පැවසුවා. “බයිබලය තරම් නිවැරදිව තොරතුරු වාර්තා වෙලා තියෙන තවත් පොතක් තියෙයි කියලා නම් මම හිතන්නේ නැහැ.”

◼ ජපානය: තමන් දෙවි කෙනෙක් ගැන විශ්වාස කරන්නේ නැහැ කියා නිවැසියෙක් ප්‍රචාරකයෙකුට පැවසුවත් ප්‍රචාරකයා විටින් විට ගොස් එම පුද්ගලයාට ‘පිබිදෙව්!’ සඟරාව දී “නිර්මාණයක්ද?” යන ලිපිවල තොරතුරු ගැන කෙටියෙන් කතා කළා. වැඩි කල් නොගොස් දෙවි කෙනෙක් ඉන්නත් පුළුවන් කියා ඔහු සිතන්න පටන්ගත්තා. දැන් ඔහු දෙවි කෙනෙක්ව විශ්වාස කරනවා පමණක් නොව ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ යන සඟරාවෙන් පාඩමකුත් කරනවා.

◼ කැනඩාව: නිවසින් පිට වී තම වාහනය වෙත යමින් සිටි කාන්තාවකට සහෝදරියක් සඟරා දුන්නා. ඊළඟ වතාවේ ඇයව හමු වීමට සහෝදරිය ගිය විට උනන්දුවක් නොදැක්වූ ඇය දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති බවත් පැවසුවා. නමුත් උත්සාහය අත් නොහැරිය සහෝදරිය ‘සතුටින් පිරි ජීවිතයකට මඟ’ කියන සඟරාව දෙන්න තීරණය කළා. ඇයව හමු වීමට ගිය සහෝදරිය කියා සිටියේ ඇය දෙවි කෙනෙක්ව විශ්වාස නොකළත් තනිවම දරුවන්ව හදා වඩා ගන්නා නිසා ඇයට ප්‍රයෝජනවත් වෙන සඟරාවක් දීමට පැමිණි බවයි. වටිනා උපදෙස් හොයාගන්න පුළුවන් විදිහ ගැන සාකච්ඡා කරන එම සඟරාවේ 1වෙනි කොටසේ 6වෙනි ඡේදය ඇයට පෙන්වුවා. පසුව දරුවන්ව හදා වඩා ගැනීම ගැන වටිනා මඟ පෙන්වීම් තිබෙන 2වෙනි කොටස කියවීමට ඇයව උනන්දු කළා. කාන්තාව එම සඟරාව සතුටින් ගත්තා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න