නිහඬව නොසිට දිරිගන්වන්න
1. දේවසේවයේ හවුල් වෙද්දී පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
1 සෙසු සහෝදරයන් එක්ක ගත කරන කාලය “එකිනෙකාව දිරිගැන්වීමට” හොඳ අවස්ථාවක් කියලා පාවුල්ට හැඟුණා. (රෝම 1:12) දේශනා සේවයේ යද්දී අනිත් කෙනාව දිරිගන්වන්නත් එයාට උපකාර කරන්නත් ඔබ පියවර ගන්නවාද? නිහඬව නොසිට දක්ෂ දේවසේවකයෙක් වෙන්න ඔබට උදව් වුණ දේවල් ගැන කතා කරන්න ඔබ කැමතිද?
2. ඔබ එක්ක සේවයේ යන කෙනාගේ බය නැති කරන්න මොනවාද කරන්න පුළුවන්? ඒක වැදගත් ඇයි?
2 බිය සැක දුරු කරන්න: සමහර අය සේවයේ ගිහින් කතා කරන්න ටිකක් බයයි. ඒක මුහුණේ ඉරියව්වෙන් සහ කතා කරන විදිහෙන් තේරුම්ගන්න පුළුවන්. ඒ අයව අගය කළොත් ඔවුන් ශක්තිමත් වෙයි. තවත් මොන වගේ දේවල් කරන්න පුළුවන්ද? එක සංචාරක සේවකයෙක් මේ වගේ දෙයක් කරනවා. සේවයේ යද්දී එයාට බයක් දැනෙන්නේ මොන වගේ දේවල් නිසාද කියලත් ඒ බය නැති කරගන්න කොච්චර යාච්ඤා කරනවාද කියලත් එයත් එක්ක සේවයේ යන කෙනාට එයා කියනවා. තවත් සහෝදරයෙක් මෙහෙම කිව්වා. “මම කතා කරන්න කලින් ගෙදර ඉන්න කෙනා එක්ක ටිකක් හිනා වෙනවා. ඒ වගේ පොඩි දෙයක් කරන්නත් යාච්ඤා කරලා දෙවිගෙන් ශක්තිය ඉල්ලන්න වෙනවා.” ඔබටත් බිය සැක දුරු කරගන්න උපකාර වුණ දේවල් තියෙනවා නම් ඔබ එක්ක සේවයේ යන කෙනාට ඒ ගැන කියන්න.
3. ඔබ එක්ක යන ප්‍රචාරකයාට දක්ෂ කෙනෙක් වෙන්න උපකාර කරන්න මොනවාද කරන්න පුළුවන්?
3 කියලා දෙන්න: නිවැසියෙක් එක්ක සාකච්ඡාවක් පටන්ගන්න උදව් වුණ සැබෑ සිද්ධියක්, හැඳින්වීමක් හෝ ප්‍රශ්නයක් ඔබට තියෙනවාද? ‘රාජ්‍ය සේවාවේ’ අත්හදා බැලීමට දීලා තියෙන යෝජනාවකට ඔබ එකතු කරපු පුංචි අදහසක් නිසා හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවාද? ඔබ එක්ක යන කෙනාට ඒක කියන්න. (හිතෝ. 27:17) නැවත බැලීමට යද්දී ඔබ කරන්න හිතන දේ ගැනත් ඒක කරන විදිහ ගැනත් ප්‍රචාරකයාට කියන්න. ඒ වගේම යම් කරුණක්, බයිබල් පදයක් හෝ ඉගැන්වීමේ ක්‍රමයක් ශිෂ්‍යයාට ගැළපෙන විදිහට පාවිච්චි කෙරුවේ ඇයි කියලත් බයිබල් පාඩමකින් පස්සේ කියන්න.
4. සේවයේ හවුල් වෙන අනිත් අයට උදව් කරන්න අපි උනන්දු වෙන්න ඕන ඇයි?
4 මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් අලුත් අයට සත්‍යය කියලා දෙන්න උනන්දු වුණා. ඒ වගේම එකිනෙකාව දිරිගන්වන එක හා ශක්තිමත් කරන එක කොච්චර වැදගත්ද කියලත් තේරුම්ගෙන සිටියා. (ක්‍රියා 11:23; 15:32) තිමෝතිව පුහුණු කළ පාවුල් ඔහුට දිරිගැන්නුවේ ඉගෙනගත්ත දේවල් අනිත් අය එක්ක බෙදාගන්න කියලයි. (2 තිමෝ. 2:2) දේශනා සේවයේදී අපි එක්ක යන අයට උදව් කරනවා නම් ඒ අයට දක්ෂ ලෙසත් ප්‍රීතියෙනුත් සේවය කරන්න පුළුවන් වෙනවා. එහෙම කරනවා නම් අපි අපේ දෙවි පියාණන්වත් සතුටු කරනවා.—හෙබ්‍රෙ. 13:15, 16.