සේවයේ දක්ෂ වීමට හොඳ සහයකයෙක් වෙන්න
ඒක වැදගත් ඇයි? දෙන්නෙක් එකට සේවයේ යන එකේ තියෙන ප්‍රයෝජන යේසුස් දැනගෙන හිටියා. ඔහු ගෝලයන් 70දෙනාව සේවයේ යවද්දී දෙන්නා බැගින් යැව්වේ ඒ නිසයි. (ලූක් 10:1) සහයකයෙකුට පුළුවන් අනිත් කෙනා අසීරු තත්වයකට මුහුණ දෙද්දිත් නිවැසියාට දෙන්න ඕන උත්තරය දන්නේ නැති අවස්ථාවලදිත් ඔහුට උදව් කරන්න. (දේශ. 4:9, 10) ඒ වගේම සේවයේ දියුණු වෙන්න ඔබට ප්‍රයෝජනවත් වුණු දේවල් අනිත් කෙනාට කියනවා නම්, ඉඳලා හිටලා අවශ්‍ය යෝජනා දෙනවා නම් සේවයේ දක්ෂ වෙන්න ඒක ඔහුට උදව්වක් වෙයි. (හිතෝ. 27:17) සේවයේ යන අතරේදී දිරිගැන්වෙන දේවල් කතා කිරීමෙනුත් හොඳ සහයකයෙක් වෙන්න පුළුවන්.—ෆිලි. 4:8.
ඒක කරන්නේ කොහොමද?
• ඔබ එක්ක සේවයේ යන කෙනා නිවැසියෙකුට කතා කරද්දී හොඳින් සවන් දෙන්න. (යාකො. 1:19) බයිබල් පදයක් කියවද්දී ඔබත් බයිබලය පෙරළලා බලන්න. එතකොට අවශ්‍ය වුණොත් ඔහුට උදව් කරන්න ඔබට ලේසියි.
• සාකච්ඡාවට හවුල් වෙන්න ඕනමද කියලත් එහෙමනම් ඒ කොයි වෙලාවෙද කියලත් හොඳට හිතලා බලන්න. (හිතෝ. 25:11) බයිබල් පාඩමකට කෙනෙක් ඔබව එක්කගෙන ගියොත් ඉඳලා හිටලා විතරක් අදහස් දක්වන්න. ගෙයින් ගෙට සේවයේ යද්දී ඔබ එක්ක සේවය කරන කෙනාගේ වාරය ආවාම ඔහුට කතා කරන්න ඉඩ දෙන්න. ඒත් ඔහු අලුත් ප්‍රචාරකයෙක් නම් හෝ නිවැසියා අහපු ප්‍රශ්නයට, දක්වපු විරෝධයට ප්‍රතිචාරය දක්වන්න දන්නේ නැති කෙනෙක් නම් ඔබේ සහාය දෙන්න. කොටින්ම කියනවා නම් ගෙයින් ගෙට සේවයේ යද්දිත්, වෙන කෙනෙකුගේ නැවත බැලීමකට හෝ බයිබල් පාඩමකට හවුල් වෙද්දිත් සාකච්ඡාවට බාධාවක් වෙන විදිහට අදහස් දක්වන්න එපා. ඒ වගේම සාකච්ඡාව තමන්ගේ අතට ගන්නවත් සාකච්ඡාව වෙනත් පැත්තකට ගෙනියන්නවත් එපා.
• සේවයේ දියුණු වෙන්න ඔබට ප්‍රයෝජනවත් වුණ දේවල් කියන්නත් විටින් විට අවශ්‍ය යෝජනා දෙන්නත් පසුබට වෙන්න එපා. (හිතෝ. 3:27) සුදුසු අවස්ථාවක් බලලා මේ විදිහට පටන්ගන්න පුළුවන්. “ඒ සාකච්ඡාව ගැන ඔයා මොකක්ද හිතන්නේ?” “මං පුංචි යෝජනාවක් දෙන්නද?” “ඒ වගේ වෙලාවට මං කරන්නේ මෙහෙමයි.” ඔබ ඉඳලා හිටලා දෙන යෝජනා අනිත් අය අගය කළත් නිතරම අඩුපාඩු පෙන්නන්න ගියොත් ඔවුන් අධෛර්යයට පත් වෙන්න පුළුවන්.
මාසය තුළ මෙය අත්හදා බලන්න
• ඔබ කෙනෙක් එක්ක සේවයේ හවුල් වුණාට පස්සේ ඔහු කරපු කියපු දේවල් ඔබට උදව් වුණ විදිහ ගැන ඔහුට කියන්න.