දේවසේවයේදී හොඳ සහයකයෙක් වන්න
1. තව ප්රචාරකයෙක් සමඟ සේවයේ හවුල් වීමෙන් ලැබෙන ප්රයෝජන මොනවාද?
1 ශුභාරංචිය දේශනා කිරීමට 70දෙනෙකුව තෝරාගත් යේසුස් ඔවුන්ව ‘දෙදෙනා බැගින් යැව්වා.’ (ලූක් 10:1) එම සැලසුම නිසා එකිනෙකාට සහය වෙන්නත් එකිනෙකාව දිරිගන්වාගන්නත් ඔවුන්ට හැකි වූ බව සහතිකයි. එසේනම් තව ප්රචාරකයෙක් සමඟ දේවසේවයේ හවුල් වෙද්දී ඔහුට හොඳ සහයකයෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද?
2. අනිත් ප්රචාරකයා ශුභාරංචිය ඉදිරිපත් කරද්දී අපි ඇහුම්කන් දිය යුත්තේ කොහොමද? ඒ ඇයි?
2 හොඳින් ඇහුම්කන් දෙන්න: අනිත් ප්රචාරකයා ශුභාරංචිය ඉදිරිපත් කරද්දී හොඳින් ඇහුම්කන් දෙන්න. (යාකො. 1:19) ඔහු බයිබල් පදයක් කියවද්දී ඔබද ඔබේ බයිබලයෙන් එය පෙරළා බලන්න. සහයකයා හෝ ගෙවැසියා කතා කරද්දී ඔහු දෙස බලා සිටින්න. ඔබ ඒ සංවාදයට හොඳ අවධානයක් දෙනවා නම් එසේම කිරීමට ගෙවැසියාද පෙලඹෙයි.
3. අනිත් ප්රචාරකයා ඔබගේ සහය ඉල්ලා සිටින්න ඉඩ තිබෙන්නේ කුමන අවස්ථාවලදීද?
3 කතාවට හවුල් විය හැකි අවස්ථා හඳුනාගන්න: අනිත් ප්රචාරකයා කතා කරද්දී ඔහුට දිගටම කතා කිරීමට ඉඩ දීමෙන් ඒ ප්රචාරකයාට ගෞරවය පෙන්වන්න අපිට පුළුවන්. (රෝම 12:10) සාකච්ඡාව මැදට පැන එම සාකච්ඡාව අපේ අතට ගැනීමෙන් අප වැළකිය යුතුයි. නමුත් ඔහු කිව යුතු දේ ඔහුට අමතක වුණොත් හෝ ගෙවැසියා දැක්වූ විරෝධයකට නැත්නම් නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙන්න කියා ඔහු ඉල්ලා සිටියොත්, වෙනත් විෂයක් ගැන කතා නොකර ඔහු කතා කරමින් සිටි දෙයට තව යමක් එකතු කරන්න ඔබට පුළුවන්. (හිතෝ. 16:23; දේශ. 3:1, 7) ශුභාරංචිය තවත් පැහැදිලිව ඉදිරිපත් කිරීමට එය අවස්ථාවක් කරගත යුතුයි.—1 කොරි. 14:8.
4. සේවයේදී ප්රීතිය ලබන්නත් සාර්ථක වෙන්නත් අපට උපකාර වන්නේ කුමක්ද?
4 යේසුස් යැවූ 70දෙනා දෙදෙනා බැගින් ගොස් ‘ආපසු ආවේ ප්රීතියෙන්.’ (ලූක් 10:17) දේවසේවයේ හවුල් වන විට අපේ සහයකයා කතා කරද්දී ඇහුම්කන් දෙමු. එමෙන්ම කතා කළ යුතු අවස්ථාව හඳුනාගනිමු. එවිට සේවයේදී ප්රීතිය ලබන්නත් සාර්ථක වෙන්නත් අපට හැකි වෙයි.