පරණ සඟරා නාස්ති කරන්න එපා
පරණ සඟරා ගොඩගහලා තියාගන්නවා නම් හෝ විසි කරනවා නම් කාටවත් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන හින්දා අපි ඒවා අනිත් අයට දෙන්න උත්සාහ කරන්න ඕනේ. සත්‍යයට උනන්දුවක් දක්වන්නත් යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න පෙලඹෙන්නත් එක සඟරාවක් ඇති. (රෝම 10:13, 14) පරණ සඟරාවලට කරන්න පුළුවන් දේ ගැන යෝජනා කීපයක් මෙන්න.
• නිතරම සේවයේ යන්නේ නැති ප්‍රදේශවල සේවයේ යද්දී නිවැසියන් ගෙවල්වල නැත්නම් අනිත් අයගේ අවධානයට යොමු නොවන විදිහට සඟරාවක් තියලා එන්න පුළුවන්.
• බස් නැවතුම්පොළ, දුම්රියපොළ වගේ මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරද්දී හමු වෙන අයගෙන් සඟරාවක් කියවන්න කැමතිද කියලා අහන්න. ඊටපස්සේ පරණ සඟරා කීපයක් පෙන්නලා කැමති ඒවා තෝරගන්න කියන්න.
• ඔබේ සභාවට අයිති ප්‍රදේශයේ සාත්තු නිවාස, සායන වැනි තැන්වල පරණ සඟරා කීපයක් තියන්න. ඒත් ඊට කලින් ඒ ස්ථානය භාරව ඉන්න අයගෙන් ඒ සඳහා අවසර ගන්න. ඒ වෙද්දිත් සඟරා කීපයක් එහේ තියෙනවා නම් තව ඒවා තියන්න එපා.
• ඔබ නැවත බැලීම්වලට සූදානම් වෙද්දී ඒ ඒ පුද්ගලයා උනන්දුව දක්වන දේවල් ගැන කල්පනා කරන්න. ඔහුට දරුවන් ඉන්නවාද? ඔහු සංචාරය කරන්න කැමති කෙනෙක්ද? ඔහු වගා කරන්න කැමති කෙනෙක්ද? පරණ සඟරාවලින් ඒ කෙනාට ගැළපෙන ලිපියක් තෝරගෙන ඊළඟ සැරේ ගියාම ඒ ලිපිය පෙන්වන්න.
• උනන්දුව දක්වපු කෙනෙක්ව හම්බ වෙන්න නිතර නිතර ගියත් ඔහුව හම්බ වෙන්නේ මාස කීපයකට පස්සේ නම් ඔහුට දෙන්න බැරි වුණ සඟරා කීපයක් පෙන්වන්න.