අත්හදා බැලීමට යෝජනා
ජූනි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“හැමෝගෙන්ම අපි මේ වැදගත් ප්‍රශ්නේ ඇහුවා. [ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම පිටුවේ මුලින්ම තියෙන ප්‍රශ්නය පෙන්වන්න.] ඔයා මොනවද හිතන්නේ?” ප්‍රතිචාරයට ඉඩහරින්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරා දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මුරටැඹ ජූනි 1
“දුම් පානය හින්දා හැම අවුරුද්දකම 60,00,000ක් විතර මැරෙනවා. ඒකෙන් මිනිස්සුන්ව බේරගන්න විදිහක් තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන දෙවියන් හිතන දේ දැනගත්තාම හුඟක් අයට දුම් පානය නතර කරන්න පුළුවන් වෙලා තියෙනවා. දුම් පානය කරන එක අනිත් අයට බලපාන විදිහ ගැන තේරුම්ගන්න මේ බයිබල් පදය උදව් වෙලා තියෙනවා. [1 කොරින්ති 10:24 කියවන්න.] දෙවියන් දුම් පානය අනුමත කරනවාද කියලා හොයලා බලන අයට ඒක නතර කරන්න පෙලඹීමක් ඇති වෙන විදිහ ගැන මේ සඟරාවේ කතා කරනවා.”
පිබිදෙව්! ජූනි
“මිතුරු සමාජ වෙබ් අඩවි නිසා දැන් යාළුවෝ ගොඩක් ඇති කරගන්න සමහර අයට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි හොඳ යාළුවෙකුට තියෙන්න ඕන වැදගත්ම ගුණාංගය මොකක් කියලද ඔයා හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. [යාකොබ් 1:19 කියවන්න.] අපි අනිත් අයට හොඳ යාළුවන් වෙන්න නම් අපි කොයි වගේ අය වෙන්න ඕනද කියලා මේ සඟරාවේ මඟ පෙන්වීම් හතරක් දීලා තියෙනවා.”