ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/14 7 පි.
  • අලුත් ගීතිකා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් ගීතිකා!
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • සතුටු සිතින් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ගයමු ගී දෙවි යෙහෝවාට
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සිතට දිරි දෙන ගීතිකා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 12/14 7 පි.

අලුත් ගීතිකා!

1 2014 ඔක්තෝබර් 4වෙනිදා වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා මගින් පැවැත්වුව වාර්ෂික රැස්වීමේදී දැන් තියෙන ගීතිකා පොත අලුත් කරනවා කියලා නිවේදනය කළා. ඒක අපි හැමෝටම සතුටුදායක ආරංචියක්! ඒ රැස්වීමේදී, ගීතිකා අපේ නමස්කාරයේ වැදගත් අංගයක් කියලා හැමෝටම මතක් කරලා දුන්නා.—ගීතා. 96:2.

2 ‘ගීතිකා පොත අලුත් කරන්නේ මොකටද’ කියලා ඔබ කල්පනා කරනවා ඇති. ඒකට එක හේතුවක් තමයි, බයිබල් ඉගැන්වීම් වඩාත් පැහැදිලි වෙද්දී අපේ ගීතිකාවල තියෙන වචන වෙනස් කරන්න වෙන එක. (හිතෝ. 4:18) අනික, කලින් පාවිච්චි කරපු සමහර වචන හා යෙදුම් දැන් අපි පාවිච්චි කරන්නෙත් නැහැ.

3 ඒවා ගායනා කරන්න අලුත් ගීතිකා පොතක් ලැබෙන කල්ම ඉන්න වෙයිද? නැහැ. ඊළඟ මාස කීපයේදී jw.org වෙබ් අඩවියෙන් ඒවා ලබාගන්න පුළුවන්. අලුත් ගීතිකා ලැබුණු ගමන්ම සේවා රැස්වීම අවසන් කරන්න ඒවා යොදාගන්නවා. සේවා රැස්වීමේ වැඩසටහන අවසානයේ “අලුත් ගීතිකාව” කියලා සඳහන් කරලා තියෙනවා.

4 අලුත් ගීතිකා ඉගෙනගන්න පුළුවන් විදිහ: අලුත් ගීතිකාවක් ඉගෙනගන්න එක ලේසි දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් ගීතිකාකරු වගේ අපිත් රැස්වීම්වලදී “නිහඬව නොසිට” ගායනා කරන්න ඕනේ. (ගීතා. 30:12) අලුත් ගීතිකාවක් ඉගෙනගන්න මේ විදිහට කරන්න.

  • වෙබ් අඩවියේ තියෙන අලුත් ගීතිකාවල පියානෝ වාදනයට කීප වතාවක්ම ඇහුම්කන් දෙන්න. ඒ විදිහට ගීතිකාවේ සංගීතයට හුරු වෙද්දී තාලේ මතක තියාගන්න පහසු වෙයි.

  • ගීතිකාව කටපාඩම් කරගන්න.

  • ගීතිකාවේ වාදනයත් එක්ක ගායනා කරන්න. හුරු වෙන කල්ම එහෙම කරන්න.

  • පවුලේ නමස්කාරයේදිත් අලුත් ගීතිකා ගායනා කරලා හුරු වෙන්න.

5 සේවා රැස්වීම අවසන් කරන්නේ අලුත් ගීතිකාවකින් නම් මුලින්ම සභාවට පියානෝ වාදනය ඇහෙන්න සලස්වනවා. ඊටපස්සේ අනිත් ගීතිකා වගේම පියානෝ වාදනයත් එක්ක ගායනා කරන්න පුළුවන්.

6 රැස්වීම්වලදී හැමෝම එකට එකතු වෙලා යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගායනා කරන්න ලැබෙන එක ලොකු සතුටක්. ඒ නිසා රැස්වීම්වලදී ගීතිකාව නිවේදනය කරනකොට නැඟිටලා යන එක පුරුද්දක් කරගන්න එකෙන් වළකින්න ඕනේ.

7 අපේ අගය පෙන්වන්න පුළුවන් තවත් විදිහක් තියෙනවා. එක්දින සහ තුන්දින සමුළුවලදී වැඩසටහන පටන්ගන්න කලින් සංගීතය වාදනය කරනවා. ඒ මිහිරි සංගීත නිර්මාණය කරන්න ලෝකේ විවිධ රටවල ඉන්න අපේ සහෝදර සහෝදරියන් කීපදෙනෙක් අවුරුද්දකට දෙපාරක් එයාලගෙම වියදමෙන් ඇමරිකාවේ පැටර්සන්වලට නගරයට එනවා. සමුළුවේ සභාපති අපිට ඉඳගෙන සවන් දෙන්න කියලා ආරාධනා කළාම අපි ඒක කරනවා නම් අපේ අගය පෙන්වන්න පුළුවන්. එහෙම කරන එකෙන් වැඩසටහනට අවධානය දෙන්න අපේ හිත් සූදානම් කරගන්නත් පුළුවන්.—එස්රා 7:10.

8 අද රැස්වීම අවසන් වෙද්දී “අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද” කියන අලුත් ගීතිකාව අපි ගායනා කරනවා. මෑතකදී වාර්ෂික රැස්වීමේ අහන්න සැලැස්සුව මේ ගීතිකාව හදලා තියෙන්නේ දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වෙලා වසර 100ක් පිරීම සනිටුහන් කරන්නයි.

9 අලුත් ගීතිකා, යෙහෝවා දෙවිගෙන් අපිට ලැබිලා තියෙන ‘යහපත් දෙයක්.’ (මතෙ. 12:35අ) මේ ගීතිකා මුළු හදවතින්ම ගායනා කරලා යෙහෝවා දෙවිට ප්‍රශංසාව හා ගෞරවය දෙන්න අපි අදිටන් කරගමු.—ගීතා. 147:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න