යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සතුටු සිතින් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න
පාවුල් සහ සීලස් හිරේ ඉද්දී ගීතිකා ගායනා කරමින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කළා. (ක්‍රියා 16:25) දිගටම විඳදරාගන්න ඒක එයාලට අනිවාර්යයෙන්ම උදව් වෙන්න ඇති. අපේ සිංදු සහ නමස්කාරයේදී අපි ගයන ගීතිකා පීඩා මැද වුණත් දිගටම විශ්වාසවන්තව ඉන්න අපිටත් ලොකු දිරිගැන්වීමක් වෙනවා. හැබැයි වැඩියෙන්ම වටින්නේ ඒකෙන් දෙවිට ප්‍රශංසා කරන්න ලැබෙන එකයි. (ගීතා 28:7) ගීතිකා කීපයක්වත් මතක තියාගන්න කියලා අපි හැමෝටම දිරිගැන්වීමක් ලැබුණා. ඔයා ඒක කළාද? පවුලේ නමස්කාරයේදී ගීතිකා කියලා ඒවාට හුරු වෙන්නත් ඒවා කටපාඩම් කරන්නත් අපි උත්සාහ කරමු.
‘ගී හඬින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන දරුවන්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
ගීතිකා ගායනා කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
ගීතිකාවක් පටිගත කරන්න ඕඩියෝ/වීඩියෝ අංශ සූදානම් වෙන්නේ කොහොමද?
දරුවන් එයාලගේ පවුලේ අයත් එක්ක පටිගත කිරීමකට සූදානම් වෙන්නේ කොහොමද?
ඔයා වැඩියෙන්ම කැමති මොන ගීතිකාවලටද? ඒ ඇයි?