ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අප්‍රියෙල් 6 පි.
  • සිතට දිරි දෙන ගීතිකා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිතට දිරි දෙන ගීතිකා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සතුටු සිතින් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අලුත් ගීතිකා!
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවියන්ට අපිව ළං කරන සින්දු
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අප්‍රියෙල් 6 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සිතට දිරි දෙන ගීතිකා

පියානෝ එකක් ළඟ ඉන්න සහෝදර එරික් ෆ්රොස්ට්

හිරේ ඉද්දී පාවුලුයි සීලසුයි දෙවිට ප්‍රශංසා ගී ගැයුවා. (ක්‍රියා 16:25) නාට්සි පාලන කාලයේ සාක්සන්හවුසන් ගාල් කඳවුරේ හිටපු සාක්ෂිකරුවනුත් සයිබීරියාවේ වහල්භාවයේ හිටපු සාක්ෂිකරුවනුත් ගීතිකා කිව්වා. පීඩාවලට මුහුණ දෙද්දී ගීතිකාවලින් හිතට මොන තරම් දිරියක් ලැබෙනවද කියලා ඒ උදාහරණවලින් පැහැදිලියි.

‘ප්‍රීතිමත් හඬින් ගයමු’ කියන අලුත් ගීතිකා පොත තවත් භාෂා ගණනාවකින් ළඟදීම නිකුත් කරනවා. අපිටත් පොතක් ලැබුණම පවුලේ නමස්කාරයේදී ඒවාට පුරුදු වෙමු. ඒ පදමාලා මතක තියාගන්න ඒක උදව් වෙයි. (එෆී 5:19) එතකොට පීඩාවකට මුහුණ දෙන්න වෙද්දී ඒ වචන මතකයට නඟාගන්න දෙවි අපිට උදව් කරයි. පීඩාවලදී ඒක අපිට ලොකු දිරියක් වෙයි. අපි සතුටින් ඉන්න අවස්ථාවලදීත් ගීතිකාවලින් අපි ලොකු දිරියක් ලබනවා. ඔව්, අපි ‘ප්‍රීතිමත් හඬින්’ ගයන ගීතිකා අපේ බලාපොරොත්තුව ගැන නිතරම මනසේ තියාගන්න අපිට උදව් වෙනවා. (1ලේක 15:16; ගීතා 33:1-3) ඒ නිසා අපිට ලැබෙන අලුත් ගීතිකාවලට හොඳින් හුරු වෙන්න උත්සාහ කරමු.

‘සිරකරුවන්ට දිරි දුන් ගීතිකාවක්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:

  • ගීතිකාවක් නිර්මාණය කරන්න සහෝදර ෆ්රොස්ට් පෙලඹුණේ මොන හේතු නිසාද?

  • සාක්සන්හවුසන් ගාල් කඳවුරේ හිටිය සහෝදරයන්ට ඒ ගීතිකාව දිරියක් වුණේ කොහොමද?

  • එදිනෙදා ජීවිතයේදී ඔයාට ගීතිකා ශක්තියක් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

  • ඔයා කටපාඩම් කරන්න ආස මොන ගීතිකාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න