ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hdu 18 ලිපිය
  • දෙවියන්ට අපිව ළං කරන සින්දු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ට අපිව ළං කරන සින්දු
  • ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපේ සින්දු හදන විදිහ
  • “විශ්වාසය රැකගන්න අපේ සින්දු මට උදව් වුණා”
  • සතුටු සිතින් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපේ සින්දුවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ගයමු ගී දෙවි යෙහෝවාට
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
hdu 18 ලිපිය
සහෝදරියක් ෆෝන් එකෙන් අපේ සින්දු අහන ගමන්.

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

දෙවියන්ට අපිව ළං කරන සින්දු

2021 නොවැම්බර් 1

සංගීතය කියන්නේ යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන හරිම වටින තෑග්ගක්. අපේ හිතට කතා කරන්න, අපිට අලුත් පණක් දෙන්න, අපිව ප්‍රබෝධවත් කරන්න සංගීතයට පුළුවන්. හැබැයි අපේ සින්දුවලින් ඊටත් වඩා වැඩි දෙයක් වෙනවා. ඒවාට පුළුවන් අපිව දෙවියන්ට තව තවත් ළං කරන්න.

2014 ඉඳන් මේ වෙන කල් අපේ සින්දු 70කටත් වඩා හදලා තියෙනවා. මේ වෙද්දී භාෂා 500කටත් වඩා වැඩි ගණනකින් අඩුම තරමේ එක සින්දුවක් හරි අහන්න පුළුවන්. මේ සින්දු හදන්නේ කවුද, ඒවා නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා ඔයාත් කල්පනා කරලා තියෙනවාද?

අපේ සින්දු හදන විදිහ

අපේ සින්දු හදන්නේ ඕඩියෝ වීඩියෝ සේවා අංශයේ ඉන්න සංගීත නිෂ්පාදන කණ්ඩායම. ඒ අංශය තියෙන්නේ පාලක මණ්ඩලයේ ඉගැන්වීම් කමිටුව යටතේ. සංගීත නිෂ්පාදන කණ්ඩායමේ ඉන්න සහෝදර සහෝදරියන් 13දෙනා තමයි ගී පද රචනා කරන එක, සින්දු රෙකෝඩ් කරලා එඩිට් කරන එක සහ ඒ වගේ තවත් දේවල් කරන්නේ. ඒ වගේම ගීත රචනා කරන්න, සංගීතය හදන්න, ගායනා කරන්න ලෝකේ වටේම ඉන්න අපේ ස්වේච්ඡා සේවකයන්ගේ උදව් ගන්නත් ඉගැන්වීම් කමිටුවේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ සහෝදර සහෝදරියන් හැමෝම එයාලගේ හැකියාවන් පාවිච්චි කරන්නේ යෙහෝවා දෙවියන්ට ප්‍රශංසාව ගේන්න මිසක් එයාලට ප්‍රශංසාව ගන්න නෙවෙයි.

කම්පියුටර් ප්‍රෝග්‍රෑම් සහ සංගීත භාණ්ඩ පාවිච්චි කරලා සහෝදරයන් සංගීතය හදනවා.

අපේ සින්දු හැදෙන්නේ කොහොමද? මුලින්ම, කෙනෙක් සින්දුව අහද්දී එන්න ඕනෙ මොන වගේ හැඟීමක්ද කියලත් ඒක පදනම් වෙන්න ඕනෙ මොන බයිබල් පද මතද කියලත් ඉගැන්වීම් කමිටුව තීරණය කරනවා. ඊටපස්සේ සංගීත නිෂ්පාදන කණ්ඩායම ගී පද රචනය කරන්න, තනු නිර්මාණය කරන්න සහෝදර සහෝදරියන්ට පවරනවා. ඒ වැඩකටයුතු ඉවර වුණාම සින්දුවේ සාම්පල් එකක් රෙකෝඩ් කරලා ඉගැන්වීම් කමිටුවට යවනවා. එතකොට එයාලා සින්දුව අහලා එයාලගේ යෝජනා එවනවා. ඊටපස්සේ සංගීත නිෂ්පාදන කණ්ඩායම ඒ යෝජනා ඇතුල් කරලා ආයෙත් සින්දුව රෙකෝඩ් කරනවා. රෙකෝඩිං කරන්න සමහර ශාඛා කාර්යාල සහ රෙකෝඩිං උපකරණ තියෙන ගෙවල් පාවිච්චි කරනවා.

රෙකෝඩිං එක වෙලාවේ සහෝදරයෙක් ඩ්‍රම් ගහනවා.

අපේ සින්දුවල තනු නිර්මාණය කරන්න, ඒවා රෙකෝඩ් කරන්න අපේ සහෝදරයෝ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරනවා. මේ වැඩේට සංගීත භාණ්ඩ, මික්සර්, ඇම්ප්ලිෆයර්, ස්පීකර් සහ මයික් ඕනෙ වෙනවා. සමහර මයික් ඇමරිකානු ඩොලර් 100කින් (රුපියල් 20,000කින් විතර) ගන්න පුළුවන් වුණත් සමහර ඒවාවල ගාණ ඩොලර් 1,000කට (රුපියල් 2,00,000කට විතර) වඩා වැඩියි. සින්දුව රෙකෝඩ් කරන උපකරණ ගන්න 2020දී ඩොලර් 1,16,000ක් (රුපියල් 2,32,00,000ක් විතර) වියදම් වෙලා තියෙනවා.

රෙකෝඩිං ස්ටූඩියෝ එකක තියෙන මයික් සහ තවත් උපකරණ.

ලැබෙන සම්මාදම් ඉතුරු කරගන්න මොනවාද කරලා තියෙන්නේ? සංගීත කණ්ඩායමට ඕන කරන සහෝදර සහෝදරියන් හැමෝවම බෙතෙල් එකේ තියාගන්නවා වෙනුවට සංවිධානයේ වැඩවලට ගෙදර ඉඳන් හවුල් වෙන අයව ඒකට පාවිච්චි කරනවා. රෙකෝඩ් කරන්න දැන් ඉස්සර වගේ ලොකු වාදක කණ්ඩායමක් එක තැනකට ගෙන්නගන්නවා වෙනුවට සින්දුවට ඕන කරන විවිධ සංගීත භාණ්ඩවල නාදය කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හරහා නිර්මාණය කරගන්නවා.

“විශ්වාසය රැකගන්න අපේ සින්දු මට උදව් වුණා”

අපේ සින්දු අහන්න සහෝදර සහෝදරියෝ ගොඩක් ආසයි. උදාහරණෙකට ජර්මනියේ ඉන්න ටාරා කියන දේ බලන්න. “මගේ හිත කලබල වෙලා තියෙන වෙලාවට අපේ සින්දු අහද්දී මට ලොකු සන්සුන්කමක් දැනෙනවා. ඒවා මගේම භාෂාවෙන් අහද්දී මට දැනෙන්නේ යෙහෝවා මාව තුරුල් කරගන්නවා වගේ.” කසක්ස්තානයේ ඉන්න දිමිත්‍රි මෙහෙම කියනවා. “අපේ සින්දුවක් අහද්දී ඒකෙන් බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙනවාද, නැද්ද කියලා හිත හිත ඉන්න ඕනෙ නැහැ. යෙහෝවාට තවත් ළං වෙන්න ඒවා මට උදව් වෙනවා.”

දකුණු අප්‍රිකාවේ ඉන්න ඩේලියා කියන දේ බලන්න. “විශ්වාසය රැකගන්න අපේ සින්දු මට උදව් වුණා. මොකක් හරි හේතුවක් නිසා මං මානසිකව වැටිලා දුකෙන් ඉන්න හැම වෙලාවෙම ඒකට ගැළපෙන සින්දුවක් මගේ මතකෙට එනවා. මගේ මූඩ් එක ෆික්ස් කරගන්න අපේ සින්දුවල තාලෙත් ඇති.”

දකුණු අප්‍රිකාවේ ඉන්න ලිරාටෝ මෙහෙම කියනවා. “මං වැඩියෙන්ම ආස ‘හරිම ළඟයි,’ ‘සිටිමි ඔබ හා පාරාදීසේ’ කියන සින්දුවලට. ඒවා අහද්දී මට දැනෙන්නේ හරියට මං පාරාදීසේ ඉන්නවා වගේ. ඒ සින්දු අහන හැම වතාවකම මට මැවිලා පේනවා මගේ අම්මා මං ළඟට දුවගෙන ඇවිත් මාව බදාගන්න විදිහ.”

ශ්‍රී ලංකාවේ ඉන්න යෞවනියකගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “දවසක් මට විද්‍යාව උගන්වන ටීචර් මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා ඉන්න එක ගැන ළමයි ඉස්සරහා මට හොඳටම බැන්නා. ඒ වෙලාවේ මං ගොඩක් බය වුණා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි වුණා. ගෙදර ගිහින් අම්මාට ඒ ගැන කිව්වාම අම්මා කිව්වා ‘සවිමත් වේ ඔබ පාඩමෙන්’ කියන සින්දුව අහන්න කියලා. ඒක ඇහුවාට පස්සේ මට තේරුණා මං තව බයිබලය අධ්‍යයනය කරන්න ඕනෙ, මගෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනෙ කියලා. ඊළඟ දවසේ මං ගිහින් ටීචත් එක්ක ටිකක් කතා කළා. ටීචර් මං කියන දේවල් අහන් ඉඳලා අන්තිමේදී සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගොඩක් අගය කළා. ඇත්තටම මේ වගේ සින්දුවලින් අපිව දිරිගන්වන එක ගැන මං යෙහෝවා දෙවියන්ට ගොඩක් ස්තුති කරනවා.”

අපේ සින්දු හදන්න යන වියදම් පියවගන්නේ කොහොමද? ඒකට පාවිච්චි කරන්නේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා ලැබෙන සම්මාදම්. ඒ සම්මාදම්වලින් වැඩි හරියක් ලැබෙන්නේ donate.jw.org වෙබ් අඩවිය හරහායි. ඔයාලා හැමෝම කැමැත්තෙන් දෙන සම්මාදම්වලට හුඟක් ස්තුතියි!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න