යහපත් ක්‍රිස්තියානීන් වෙමු
අපේ සින්දුවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
අපේ සින්දුවලින් ඔයා වැඩියෙන්ම ආස මොන ඒවාටද? ඔයා ඒවාට ආස ඇයි? ඒ වීඩියෝවලින් එදිනෙදා ජීවිතේට සම්බන්ධ තොරතුරු පෙන්වනවා නේද? අපේ සින්දුවල විවිධ තේමාවන් සහ සංගීත රටාවන් තියෙන නිසා හැමෝටම වගේ ගැළපෙන සින්දු තියෙනවා. හැබැයි අපේ සින්දු සහ ඒවාට අදාළ වීඩියෝ හදලා තියෙන්නේ විනෝදයක් ලබන්න විතරක් නෙවෙයි.
අපේ ක්‍රිස්තියානි ජීවිතයට සහ දේවසේවයට අදාළ කරගන්න පුළුවන් වැදගත් පාඩම් ඒ හැම සින්දුවකින්ම අපිට උගන්වනවා. උදාහරණෙකට ආගන්තුක සත්කාරය, එකමුතුකම, මිතුදම්, ධෛර්යය, ආදරය සහ විශ්වාසය ගැන සමහර සින්දුවලින් කියවෙනවා. යෙහෝවා දෙවියන් වෙතට ආයෙත් හැරිලා එන එක, සමාව දෙන එක, හැම දවසකම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක සහ නමස්කාරයට සම්බන්ධ ඉලක්ක තියාගෙන ඒවා ජය ගන්න එක වගේ දේවලුත් අපේ සින්දුවල ඇතුළත් වෙනවා. ජංගම දුරකථනය පාවිච්චි කරන එක ගැන කියන සින්දුවකුත් තියෙනවා. ඒ පාඩම්වලට අමතරව අපේ සින්දුවලින් හොයාගන්න පුළුවන් වුණු තවත් වටිනා පාඩම් මොනවාද?
‘හරිම ළඟයි’ කියන අපේ සින්දු වීඩියෝ එක පෙන්වලා මේ ප්‍රශ්න අහන්න.
වැඩිහිටි යුවළ හිතන්නේ ලැබෙන්න යන මොන ආශීර්වාද ගැනද?—උත් 12:3
දෙවියන් දීලා තියෙන පොරොන්දු ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියන එක ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?
ළඟදීම අපිට ආයෙත් දැකගන්න පුළුවන් වෙන්නේ කාවද?
මේ කාලේදී මුහුණ දෙන පීඩාවන් දරාගන්න දේවරාජ්‍යය ගැන අපිට තියෙන බලාපොරොත්තුව උදව් වෙන්නේ කොහොමද?—රෝම 8:25