අත්හදා බැලීමට යෝජනා
මුරටැඹ ජූනි 1
“අද අපි අපේ අසල්වැසියන්ව ටික වෙලාවකට හම්බ වෙන්න ආවේ බයිබලයේ තියෙන දේවල් හොයලා බලන්න කියලා උනන්දු කරන්නයි. නවීන විද්‍යාවෙන් බයිබලය බොරුයි කියලා ඔප්පු කරලා තියෙනවා කියලා හුඟක් අය හිතනවා. බයිබලය ගැන ඔයා හිතන්නේ මොකක්ද? ඒක විශ්වාස කරන්න පුළුවන්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන දෙයක් මං බයිබලයෙන් පෙන්වන්නම්. [යෝබ් 26:7 කියවන්න.] බයිබලයේ තියෙන දේවල් විද්‍යාවට කොච්චර එකඟද කියලා මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”
පිබිදෙව්! ජූනි
“අද හුඟක් අයට ලෙඩ රෝග තියෙන නිසා සහනයක් ලැබෙන බයිබල් පදයක් පෙන්නන්නයි ආවේ. [යෙසායා 33:24ආ කියවන්න.] කිසි කෙනෙක් ලෙඩ වෙන්නේ නැත්නම් අපේ ජීවිතය මීට වඩා ගොඩක් වෙනස් වෙයි නේද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ කාලය එනකම් හොඳ ශරීර සෞඛ්‍යයක් තියාගන්න උදව් වෙන යෝජනා 5ක් මේ සඟරාවේ තියෙනවා.”