බයිබලයෙන් අධ්‍යනය කරන තොරතුරු ගැන කල්පනා කරමින්
අත්හදා බලන්න යෝජනා
‘පිබිදෙව්!’
ප්‍රශ්නය: බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක්ද? නැත්නම් ඒක මිනිසුන්ගේ අදහස් තියෙන පොතක්ද?
බයිබල් පදය: 2තිමෝ 3:16
ඉදිරිපත් කිරීම: බයිබලය ඇත්තටම දෙවියන්ගෙන් ලැබුණු පොතක් කියලා කියන්න තියෙන සාක්ෂි තුනක් ගැන මේ සඟරාවේ කතා කරනවා.
බයිබලයෙන් උගන්වන්න
ප්‍රශ්නය: ජීවිතය කියන වටිනා තෑග්ග අපි සලකන්න ඕනෙ කොහොමද?
බයිබල් පදය: එළි 4:11
බයිබලයේ කියන්නේ: ජීවිතය දෙවියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක් නිසා අපි ඒක සලකන්නේ හුඟාක් වටින දෙයක් විදිහට. අපි අපේ ආරක්ෂාව ගැන හිතනවා. අපි හිතාමතාම අනිත් අයගේ ජීවිතවලට හානියක් වෙන දේවල් කරන්නේ නැහැ.
‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’
ප්‍රශ්නය: මේ පත්‍රිකාවේ මුලින්ම තියෙන ප්‍රශ්නයත් ඒකට දීලා තියෙන උත්තරත් බලන්න. ඔයා හිතන්නේ මොකක්ද?
බයිබල් පදය: ලූක් 11:28
ඉදිරිපත් කිරීම: ඒ බයිබල් පදයේ තියෙන දේ ඔයාගේ පවුලේ අයට අදාළ වෙන්නේ කොහොමද කියලාත් බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලාත් මේ පත්‍රිකාවේ තියෙනවා.
ඔයාගේ යෝජනාව ලියන්න
ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.