අසර්බයිජානයේ ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව යොදාගෙන සාක්ෂි දරමින්
අත්හදා බලන්න යෝජනා
‘පිබිදෙව්!’
ප්‍රශ්නය: අපිට තියෙන කාලය සමබරව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
බයිබල් පදය: දේශ 4:6
ඉදිරිපත් කිරීම: අපිට තියෙන කාලයෙන් මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා තේරුම්ගන්න උදව් වෙන යෝජනා මේ සඟරාවේ තියෙනවා.
බයිබලයෙන් උගන්වන්න
ප්‍රශ්නය: අපි ඉපදෙන්නේ ටික කාලයක් ජීවත් වෙලා මැරිලා යන්නද?
බයිබල් පදය: ගීතා 37:29
බයිබලයේ කියන්නේ: දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ පොළොවේ සදාකල් ජීවත් වෙන්න.
‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’
ප්‍රශ්නය: අපි හැමෝටම සතුටක් ගේන පණිවිඩයක් හොයාගන්න පුළුවන් කොහෙන් කියලාද ඔයා හිතන්නේ? [‘හොඳ පණිවිඩයක් දැනගන්න ආසද?’ කියන වීඩියෝ එක පෙන්වන්න.]
බයිබල් පදය: යෙසා 52:7
ඉදිරිපත් කිරීම: බයිබලයේ කතා කරන ‘යහපත් කාලයක් ගැන ශුභාරංචිය’ මොකක්ද කියලා මේ සඟරාවේ විස්තර කරනවා.
ඔයාගේ යෝජනාව ලියන්න
ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.