දේවවචනය නිධානයක් | 1 පේතෘස් 3-5
“සියලු දේවල අවසානය ළඟා වී ඇත”
මීට කලින් කවදාවත් සිද්ධ වෙලා නැති මහත් පීඩාවකට ළඟදීම අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. මේ කාලෙත් අනාගතයේදීත් ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?
- දිගටම යාච්ඤා කරන්න. දෙවියන්ගෙන් දේවල් ඉල්ලන එක, දෙවියන්ට ප්‍රශංසා කරන එක, ස්තුති කරන එක, කන්නලව් කරන එක ඔයාගේ යාච්ඤාවට ඇතුළත් කරන්න 
- සහෝදරයන්ට අවංකවම ආදරේ පෙන්වමින් එයාලට තව තවත් ළං වෙන්න 
- ආදරෙන් පෙලඹිලා ආගන්තුක සත්කාරය පෙන්වන්න 
මේ ගැන හිතන්න. ‘මං ජීවත් වෙන රටෙත් ලෝකේ පුරාමත් ඉන්න සහෝදරයන්ට අවංකවම ආදරේ කරන්න වගේම ආගන්තුක සත්කාරය පෙන්වන්න මට පුළුවන් කොහොමද?’