ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 දෙසැම්බර් 7 පි.
  • සේවයේ දක්ෂ වීමට - එක් එක් කෙනාට ගැළපෙන විදිහට කතා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - එක් එක් කෙනාට ගැළපෙන විදිහට කතා කරන්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සඟරාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන ආකාරය
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ගෙවැසියා පවසන දේට අනුව කතා කරන්න
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • නිවැසියාව සිතන්න පොලඹවන්න
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • දේවසේවයේදී රන් අණ අදාළ කරගමු
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 දෙසැම්බර් 7 පි.
සහෝදරියන් දෙන්නෙක් ටැබ් එක යොදාගෙන ගොවිපොළක වැඩ කරන කෙනෙක්ට සාක්ෂි දරමින්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - එක් එක් කෙනාට ගැළපෙන විදිහට කතා කරන්න

ඒක වැදගත් ඇයි? අභිෂේක ලත් අය සහ වෙනත් බැටළුවන් හැම තරාතිරමකම ඉන්න මිනිසුන්ට “ජීවනදායක වතුර නොමිලේ” ඇවිත් ගන්න කියලා ආරාධනා කරනවා. (එළි 22:17) කීකරු මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න යෙහෝවා දෙවියන් ලබා දීලා තියෙන හැම සැපයුමක්ම ඒ වතුරවලින් සංකේතවත් වෙනවා. සේවයේදී අපිට විවිධාකාර විශ්වාසයන් තියෙන, විවිධාකාර සිරිත් විරිත් පිළිපදින අයව හමු වෙනවා. ඒ හැම කෙනෙක්ටම උදව් කරන්න නම් එයාලගේ හිතේ උනන්දුවක් ඇති වෙන විදිහට අපි “සදාකාල ශුභාරංචිය” කියන්න ඕනේ.—එළි 14:6.

ඒක කරන්නේ කොහොමද?

  • ඔයා සේවේ යන ප්‍රදේශයේ ඉන්න අයගේ හිතට කාවදින විෂයක් සහ බයිබල් පදයක් තෝරගන්න. සාකච්ඡාවකට යෝජනා යටතේ තියෙන විෂයක් හරි ප්‍රදේශයේ අයගේ හිතට කාවදියි කියලා හිතන විෂයක් හරි තෝරගන්න පුළුවන්. වැඩියෙන්ම සාර්ථක වෙලා තියෙන්නේ මොන වගේ විෂයන් සහ බයිබල් පදද? ප්‍රවෘත්තිවල ගිය, මිනිසුන් කතාබහ කරන දෙයක් තියෙනවාද? පිරිමි අයගේ හිතට කාවදින දේවල් මොනවාද? ගැහැනු අයගේ හිතට කාවදින දේවල් මොනවාද?

  • ප්‍රදේශයේ මිනිසුන් සාමාන්‍යයෙන් එකිනෙකාට සුභ පතන විදිහට සුභ පතන්න. එයාලගේ සිරිත්විරිත් ගැන සැලකිලිමත් වෙන්න.—2කොරි 6:3, 4

  • අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන ප්‍රකාශන සහ වීඩියෝ ගැන හොඳින් දැනුවත් වෙන්න. උනන්දුවක් දක්වන අයට ගැළපෙන දෙයක් පෙන්වන්න ඒක උදව් වෙයි

  • ඔයාගේ ප්‍රදේශයේ වෙනත් භාෂා කතා කරන අය ඉන්නවා නම් එයාලට සාක්ෂි දරන්න උදව් වෙන තොරතුරු එයාලගෙම භාෂාවලින් ඩවුන්ලෝඩ් කරගන්න

  • නිවැසියාගේ අවශ්‍යතාවට ගැළපෙන විදිහට ඔයාගේ ඉදිරිපත් කිරීම සකස් කරගන්න. (1කොරි 9:19-23) උදාහරණෙකට නිවැසියා ආදරේ කරපු කෙනෙක් මෑතකදී මිය ගිහින් කියලා දැනගත්තොත් එයාට සාක්ෂි දරන්න පුළුවන් කොහොමද?

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ප්‍රචාරකයා මුලින්ම නිවැසියා එක්ක කතා කළේ මොන විෂය ගැනද?

  • නිවැසියා මුහුණ දෙමින් හිටියේ මොන වගේ තත්වයකටද?

  • නිවැසියාට වැඩියෙන්ම ගැළපෙන්නේ මොන බයිබල් පදයද? ඒ ඇයි?

  • ඔයාගේ ප්‍රදේශයේ ඉන්න අයට ගැළපෙන විදිහට ඔයාගේ ඉදිරිපත් කිරීම සකස් කරගන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න