දේවවචනය නිධානයක් | නික්මයාම 12
ක්‍රිස්තියානීන්ට පාස්කුවෙන් අර්ථවත් වෙන දේ
දහවෙනි පීඩාවෙන් බේරෙන්න නම් ඊශ්‍රායෙල්වරු දෙවියන් දීපු මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක අත්‍යවශ්‍ය දෙයක් වුණා. (නික් 12:28) දෙවියන් අණ කරලා තිබුණා නීසාන් 14වෙනිදා රාත්‍රියේ හැමෝම තමන්ගේ නිවසට වෙලා ඉන්න ඕනෙ කියලා. බැටළුවන්ගෙන් හරි එළුවන්ගෙන් හරි කිසි කැළැලක් නැති අවුරුද්දක් වයස පිරිමි සතෙක්ව මරන්න කියලත් උගේ ලේ නිවෙස්වල උළුවහු කණු දෙකේ සහ ඒකේ උඩු ලීයේ තවරන්න කියලත් එයාලට කියලා තිබුණා. මුළු සතාවම ගින්නෙන් පුලුස්සලා ඉක්මනින්ම කන්න කියලත් කියලා තිබුණා. උදේ වෙන කල් නිවසෙන් එළියට යන්න කිසිම කෙනෙක්ට අවසර තිබුණේ නැහැ.—නික් 12:9-11, 22.
යෙහෝවා දෙවියන්ට කීකරු වෙන එක අපේ ජීවිතේට ආරක්ෂාවක් වෙන්නේ මොන වගේ පැතිවලින්ද?