යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව ආරක්ෂා කරයි
මුල්ම පාස්කුවට ලොකු අර්ථයක් තියෙනවා. එදා රෑ තමන්ගේ කුලුඳුල් පුතා මැරිලා කියලා පාරාවෝ දැනගත්තාම එයා මෝසෙස්ට මෙහෙම කිව්වා. “නුඹලා තව මොහොතක්වත් මගේ සෙනඟ අතරේ රැඳී සිටින්න එපා. වහාම මෙතැනින් යන්න. නුඹලා කියූ ලෙස මුළු ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ගොස් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න.” (නික් 12:31) යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව ආරක්ෂා කරන්න පියවර ගන්නවා කියලා ඒ සිද්ධියෙන් පැහැදිලි වුණා.
සාක්ෂිකරුවන්ගේ මෑත ඉතිහාසය දිහා බලද්දී හොඳින්ම පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන් දිගටම තමන්ගේ සෙනඟට මඟ පෙන්වමින් ආරක්ෂා කරනවා කියලා. ලෝක මූලස්ථානයේ “යෙහෝවා දෙවියන්ගේ නාමය දරන සෙනඟ” යන තේමාවෙන් තියෙන ප්‍රදර්ශන ශාලාවේ තොරතුරුවලින් ඒක තහවුරු වෙනවා.
‘වෝර්වික් ප්‍රදර්ශන ශාලා නරඹමු: “යෙහෝවා දෙවියන්ගේ නාමය දරන සෙනඟ”’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
1914 ඉඳන් බයිබලය ගැන මිනිසුන් තුළ විශ්වාසයක් ඇති කරන්න බයිබල් ශිෂ්‍යයන් යොදාගත්ත අලුත් ක්‍රමය මොකක්ද? ඒක කොයි තරම් දුරට සාර්ථක වුණාද?
1916දී සහ 1918දී බයිබල් ශිෂ්‍යයන්ගේ විශ්වාසය සෝදිසියට ලක් වුණේ කොහොමද? එයාලා දෙවියන් තෝරගත්ත සෙනඟ කියලා ඔප්පු වුණේ කොහොමද?
විරුද්ධවාදිකම් එල්ල වුණත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ දිගටම විශ්වාසවන්තව හිටියේ කොහොමද?
1935දී යෙහෝවා දෙවියන්ගේ සෙනඟ පැහැදිලිවම අවබෝධ කරගත්තේ මොන කාරණය ගැනද? ඒක එයාලට බලපෑවේ කොහොමද?
ලෝක මූලස්ථානයේ ප්‍රදර්ශන ශාලාව නැරඹීමෙන් හරි වීඩියෝ එකේ තිබුණු තොරතුරුවලින් හරි දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වමින් එයාලව ආරක්ෂා කරනවා කියන එක ගැන ඔයාට තිබුණු විශ්වාසය ශක්තිමත් වුණේ කොහොමද?