වෝර්වික්වල: ලෝක මූලස්ථානය
පසුගිය වසරෙන්
සාතන්ගේ ලෝකයෙන් එන දුෂ්කරතා මැද ජීවත් වුණත් යෙහෝවා දෙවිගේ සැබෑ නමස්කාරකයන් ඔහු ‘වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරනවා.’ (1 කොරි. 15:58) සාක්ෂිකරුවන් පහුගිය වසර පුරා යෙහෝවා දෙවිට “විශ්වාසවන්තව” ඉන්නත් “දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්නත්” කොයි තරම් වෙහෙසිලා තියෙනවාද කියලා මේ වාර්තාවෙන් දැනගන්න පුළුවන්.—ගීතා. 37:3.
ලෝක මුලස්ථානයට සහ ශාඛා කාර්යාලයට අලුත් තැනක්!
වෝල්කිල්වල කාර්යාලය විශාල කිරීමේ වැඩ 2016 පෙබරවාරි 1වෙනිදා අවසන් වුණා. එක්සත් ජනපදයේ ශාඛා කමිටුවත් සේවා අංශයත් තවත් අංශ කිහිපයකුත් මේ ස්ථානයට ගෙන ගියා. අලුත් ලෝක මූලස්ථානයේ වැඩත් ඉවර වෙන්න ළඟයි. ඒ නිසා බෘක්ලින් බෙතෙල් පවුලේ අය වෝර්වික්වලට පදිංචිය මාරු කරන්න පටන් අරන්.
2017 අප්‍රියෙල් 3වෙනිදා ඉඳන් අපේ අලුත් ලෝක මූලස්ථානය බලන්න යන්න හැමෝටම පුළුවන්. මඟ පෙන්වන්නෙක් නැතුව විශේෂ අංග තුනක් සහ මඟ පෙන්වන්නෙක් එක්ක තවත් ගොඩක් දේවල් නරඹන්න පුළුවන්.
- “බයිබලය සහ දෙවිගේ නම” කියන ප්‍රදර්ශන ශාලාවේ දුර්ලභ ගණයේ පැරණි බයිබල් සහ ඒවායේ දෙවිගේ නම සඳහන් වෙලා තියෙන විදිහ දැකගන්න පුළුවන්. 
- “යෙහෝවා දෙවිගේ නාමය දරන සෙනඟ” කියලා නම් කරලා තියෙන ප්‍රදර්ශන ශාලාවෙන් සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්. මේ තුළින් යෙහෝවා දෙවි තමන්ගේ කැමැත්ත කරන්න ඔහුගේ සෙනඟට ක්‍රමානුකූලව අවශ්‍ය දැනුම සහ මඟ පෙන්වීම් දීලා ඔවුන්ව සංවිධානය කරලා තියෙන විදිහ පැහැදිලි වෙනවා. 
- “ලෝක මූලස්ථානය - යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ” කියන ප්‍රදර්ශන ශාලාවෙන් පාලක මණ්ඩලයේ විවිධ කමිටුවලින් අපේ රැස්වීම්, සේවය සහ ඉගැන්වීමේ වැඩකටයුතු සංවිධානය කරලා තියෙන විදිහ ගැන දැනගන්න පුළුවන්. 
මඟ පෙන්වන්නෙක් නොමැතිව නැරඹිය හැකි ඒ කොටස් තුන සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8:00 සිට ප.ව. 4:00 දක්වා බලන්න පුළුවන්. ඊට අමතරව මඟ පෙන්වන්නෙක් සමඟ කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ලේ සහ වෝර්වික් භූමියේ සමහර කොටස් නරඹන්න පුළුවන්. මේ සඳහා විනාඩි 20ක් ගත වෙයි. මේ සේවාව සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8:00 සිට පෙ.ව. 11:00 දක්වාත් ප.ව. 1:00 සිට ප.ව. 4:00 දක්වාත් ලබාගන්න පුළුවන්.
කාර්යාල නැරඹීම සඳහා ගමන් පහසුකම් සැලසුම් කිරීමට පෙර jw.org/si වෙබ් අඩවියේ අපි ගැන > කාර්යාල සහ කාර්යාල නැරඹීම > එක්සත් ජනපදය කියන කොටස බලන්න.