යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සාකච්ඡාවකට යෝජනා පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
සාකච්ඡාවකට යෝජනා ලෑස්ති කරන්න සහෝදරයෝ ගොඩක් මහන්සි වෙනවා. ඒවාවලින් ඔයාලත් හුඟක් ප්‍රයෝජන අරන් තියෙනවා කියලා අපිට විශ්වාසයි. ඒත් රටෙන් රටට තත්වය වෙනස් නිසා කැමති නම් සේවයේ හවුල් වෙද්දී ප්‍රදේශයට ගැළපෙන විදිහට සාකච්ඡාවක් පටන්ගන්න හරි වෙනස් විෂයක් පාවිච්චි කරන්න හරි ප්‍රචාරකයන්ට පුළුවන්. හැබැයි විශේෂ ව්‍යාපෘතියක් තියෙන අවස්ථාවලදී ලබා දෙන මඟ පෙන්වීම් හැමෝම අනුගමනය කරන්න ඕනේ. මොකද අපේ එකම ඉලක්කය තමයි රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න යේසුස් භාර දුන්න වැඩේ ඉටු කරන එක.—මතෙ 24:14.
ශිෂ්‍ය පැවරුමක් කරද්දී ශිෂ්‍යයා සාකච්ඡා කරන්න ඕනෙ සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය. විශේෂ මඟ පෙන්වීමක් දීලා නැත්නම් ප්රශ්නය, බයිබල් පදය, ඊළඟ හමු වීමට ප්රශ්නය, පසුබිම ප්‍රදේශයට ගැළපෙන විදිහට වෙනස් කරන්න එයාට නිදහස තියෙනවා. 2020 ජූනි මාසයේ ‘වැඩපොතේ’ 8වෙනි පිටුවේ තිබුණ මඟ පෙන්වීම තවදුරටත් අදාළ වෙන්නේ නැහැ.