යහපත් ක්‍රිස්තියානීන් වෙමු
පත්‍රිකා යොදාගෙන සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන් කොහොමද?
2018 ජනවාරි මාසයේ ඉඳන් ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ මුල් පිටුවේ සාකච්ඡාවකට යෝජනා සඳහන් වෙනවා. අපේ ප්‍රකාශන ඔහේ බෙදාගෙන යනවා වෙනුවට මිනිසුන් එක්ක සාකච්ඡාවක් පටන්ගන්න උත්සාහ කරන්න කියලත් අපිව දිරිගන්වලා තියෙනවා. ඒකට හුරු වෙන්න උදව්වක් විදිහට බයිබලය විතරක් යොදාගෙන සාකච්ඡාවක් අරඹන්න පුළුවන් විදි ගැන වීඩියෝවලින් පෙන්වලා දුන්නා. ඒත් ඒකෙන් අදහස් කළේ ගෙයින් ගෙට සේවයේ හවුල් වෙද්දී ප්‍රකාශන දෙන්න බැහැ කියලාද? නැහැ. උදාහරණෙකට හොඳ සාකච්ඡාවක් අරඹන්න අපිට පත්‍රිකා යොදාගන්න පුළුවන්. ඔයාට පුළුවන් ඕනම පත්‍රිකාවක් යොදාගෙන පහත සඳහන් වෙන ක්‍රමයට සාක්ෂි දරන්න.
මුල් පිටුවේ තියෙන ප්රශ්නය අහලා පහළ සඳහන් වෙන උත්තරවලින් එකක් තෝරන්න කියන්න.
පත්‍රිකාවේ දෙවෙනි පිටුවේ ඉහළ තියෙන බයිබලයේ සඳහන් වෙන උත්තරය පෙන්වන්න. කාලය තියෙනවා නම් පත්‍රිකාවේ ඇතුළත සඳහන් වෙන තොරතුරු කීපයක් කියවලා සාකච්ඡා කරන්න.
පත්‍රිකාව නිවැසියාට දීලා ඒකේ සඳහන් අනිත් තොරතුරු පහසු වෙලාවක කියවන්න කියලා දිරිගන්වන්න.
“මේ ගැන හිතන්න” කියන කොටස යටතේ තියෙන ප්රශ්නය පෙන්වන්න. ඊළඟ වතාවේදී ඒකට බයිබලයේ දෙන උත්තරය සාකච්ඡා කරන්න සැලසුම් කරන්න.
නිවැසියාව හමු වෙන්න ගියාම උත්තරය සාකච්ඡා කරලා ඊළඟ හමු වීමට තවත් ප්‍රශ්නයක් තියලා එන්න. අපේ වෙබ් අඩවියේ තියෙන ප්‍රශ්නයක් හරි පත්‍රිකාවේ අන්තිම පිටුවේ සඳහන් වෙන ප්රකාශනයේ තියෙන ප්‍රශ්නයක් හරි ඒ සඳහා යොදාගන්න පුළුවන්. සුදුසු අවස්ථාවක් බලලා ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාව නැත්නම් ඉගැන්වීම් කට්ටලයේ තියෙන බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්න වෙනත් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න.