ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/12 2-3 පි.
  • සේවයේදී පත්‍රිකා දෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේදී පත්‍රිකා දෙමු
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • සංවාද ඇරඹීමට පත්‍රිකා යොදාගන්න
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • අලුත්ම මුහුණුවරකින් ආ අලුත් පත්‍රිකා!
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • දේවවචනයට කතා කරන්න ඉඩ දෙන්න එය ජීවමානයි!
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පත්‍රිකා යොදාගෙන සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන් කොහොමද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 10/12 2-3 පි.

සේවයේදී පත්‍රිකා දෙමු

1. ඒ කාලේ ඉඳන් පත්‍රිකා පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද?

1 ශුභාරංචිය දේශනා කරන්න ඒ කාලේ ඉඳන් පත්‍රිකා පාවිච්චි කරනවා. වර්ෂ 1880දී සී. ටී. රසල් සහ එයාගේ ආශ්‍රිතයන් මුරටැඹ සඟරා කියවන අයට, පොදු ජනයාට බෙදන්න කියලා පත්‍රිකා මුද්‍රණය කරලා දුන්නා. ඒ පත්‍රිකා හුඟක් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා දේවරාජ්‍ය ගැන ප්‍රචාරය කිරීමට 1884දී සහෝදර රසල් ලාභ නොලබන සංවිධානයක් නීත්‍යනුකූලව ලියාපදිංචි කළා. එහි නමට ‘පත්‍රිකාව’ යන අදහස තියෙන ‘ට්‍රැක්ට්’ යන වචනය ඇතුළත් කළා. ඒ අනුව එය සයන්ස් වොච් ටවර් ට්‍රැක්ට් සොසයටි යන නමින් හැඳින්වුණා. අද එය වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා කියා හඳුන්වනවා. වර්ෂ 1918 වෙද්දී බයිබල් ශිෂ්‍යයන් පත්‍රිකා මිලියන 300කටත් වඩා බෙදාහැරලා තියෙනවා. දෙවිගේ පණිවිඩය මිනිසුන්ට දැනුම්දෙන්න අදටත් පත්‍රිකා හුඟක් ප්‍රයෝජනවත්.

2. පත්‍රිකා ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

2 ප්‍රයෝජනවත් වීමට හේතු: පත්‍රිකාවල ලස්සන පින්තූර සහ ප්‍රයෝජනවත් තොරතුරු කෙටියෙන් ඇතුළත් වෙනවා. ඒ නිසා ඕන කෙනෙක්ට ආස හිතෙනවා. ඒ වගේම අපේ සඟරා පොත්පත් කියවන්න අදිමදි කරන කෙනෙක් වුණත් පත්‍රිකා කියවන්න කැමති වෙයි. අළුත් ප්‍රචාරකයන්ට වගේම දරුවන්ට වුණත් ඒවා ලේසියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒවා කුඩා නිසා ගෙනියන්නත් පහසුයි.

3. පත්‍රිකාවල තියෙන වටිනාකම ගැන ඔබේ අද්දැකීමක් හෝ ප්‍රකාශනවල තියෙන අද්දැකීමක් කියන්න.

3 පත්‍රිකා නිසා සත්‍යය ගැන දැනගන්න හුඟක් අයට පුළුවන් වෙලා තියෙනවා. දවසක්දා හයිටි රටේ කාන්තාවකට පාරේ වැටිලා තිබුණු පත්‍රිකාවක් හම්බ වුණා. ඇය ඒක කියවලා මෙහෙම කිව්වා “මේක තමයි ඇත්ත ආගම!” රැස්වීම්වලට යන්න පටන්ගත් ඇය බයිබල් පාඩමක් පටන්ගෙන පස්සේ බව්තීස්ම වුණා. ඇයට සත්‍යය ගැන දැනගන්න ලැබුණේ දෙවිගේ බලවත් පණිවිඩය පුංචි පත්‍රිකාවක තිබුණ නිසයි.

4. පත්‍රිකා ඉදිරිපත් කරන්න තියෙන මාසවල අපේ අරමුණ වෙන්න ඕනේ මොකක්ද?

4 ගෙයින් ගෙට යද්දී: ශුභාරංචිය ගැන කියන්න පත්‍රිකා හොඳ ක්‍රමයක් නිසා නොවැම්බර් මාසයේ ඉඳන් සමහර මාසවල ඉදිරිපත් කරන ප්‍රකාශනය හැටියට එය පාවිච්චි කරන්න යනවා. මිනිසුන්ට ඔහේ පත්‍රිකාවක් දීලා එනවා වෙනුවට අපේ අරමුණ වෙන්නේ කෙනෙක් එක්ක සාකච්ඡාවක් ආරම්භ කිරීමයි. මුල් හමුවීමේදී හරි නැවත බැලීමේදී හරි සත්‍යය දැනගන්න කෙනෙක්ට උනන්දුවක් තියෙනවා කියලා තේරුණොත් බයිබලයේ ඉගැන්වීම් පොත හෝ බයිබල් පාඩම් සඳහා යොදාගන්න වෙනත් ප්‍රකාශනයක් පාවිච්චි කරලා පාඩමක් කරන විදිහ පෙන්වන්න. පත්‍රිකා එකින් එකට වෙනස්. ඒ නිසා ඒවා ඉදිරිපත් කරන විදිහ ගැනත් අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ.

5. ගෙයින් ගෙට යද්දී පත්‍රිකා දෙන්නේ කොහොමද?

5 ගෙයින් ගෙට යද්දී පත්‍රිකා පාවිච්චි කරනවා නම් නිවැසියාට කතා කරන විදිහ, සේවය කරන ප්‍රදේශයට වගේම දෙන පත්‍රිකාවටත් ගැළපෙන්න ඕනේ. පත්‍රිකාවක් නිවැසියාගේ අතට දීමෙන් හෝ පත්‍රිකා කීපයක් පෙන්නලා නිවැසියාට කැමති එකක් තෝරගන්න කියලා කීමෙන් සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. ඔයාලා සේවය කරන ප්‍රදේශයේ මිනිස්සු දොර අරින්න කැමති නැත්නම් ජනේලයකින් වගේ පේන තැනකින් පත්‍රිකාව පෙන්වන්න. නැත්නම් දොර යටින් පත්‍රිකාව දාන්නද කියලා අහලා ඒ පත්‍රිකාවේ තියෙන දේ ගැන එයා මොකක්ද හිතන්නේ කියලා අහන්නත් පුළුවන්. පත්‍රිකාවේ මාතෘකාවට තියෙන්නේ ප්‍රශ්නයක් නම් ඒ ගැන එයාගේ අදහස අහන්න පුළුවන්. එහෙම නැත්නම් නිවැසියාගේ උනන්දුව ඇති කරන වෙනත් ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. පත්‍රිකාවේ තොරතුරුවලින් පොඩි කොටසක් නිවැසියා එක්ක කියවන්න. කියවගෙන යද්දී ප්‍රශ්නයක් සඳහන් වෙලා තියෙන තැන්වල ටිකක් නැවතිලා ඒකට එයාගේ අදහස අහන්න. ප්‍රධාන බයිබල් පද කියවන්නත් පුළුවන්. සාකච්ඡාව ඉවර වුණාම ආපහු හම්බ වෙන්න පුළුවන් නිශ්චිත දිනයක් සහ වේලාවක් අහන්න. කවුරුත් ගෙදර නැති වෙලාවක සාමාන්‍යයෙන් ඔයාලා ප්‍රකාශන තියලා යනවා නම් පිට අයට නොපෙනෙන තැනක පත්‍රිකාවක් තියලා යන්න.

6. වීදි සේවය කරද්දී පත්‍රිකා ඉදිරිපත් කරන්න අපිට පුළුවන් කොහොමද?

6 වීදි සේවයේදී: වීදි සේවයේ යද්දී ඔයාලා පත්‍රිකා පාවිච්චි කරලා තියෙනවාද? තප්පරයක්වත් නැවතිලා අපිත් එක්ක කතා කරන්න සමහර අයට වෙලා නැහැ. ඒ නිසා එයාලා අපේ ප්‍රකාශන කියවයිද අහක දායිද කියලා අපි දන්නේ නැහැ. ඒ අයට නිකම්ම අළුත් සඟරා දෙනවා වෙනුවට පත්‍රිකාවක් දෙමුද? පත්‍රිකාව සිත් ඇදගන්නා නිසාත් පණිවිඩය කෙටියෙන් සඳහන් වෙලා තියෙන නිසාත් වෙලාවක් ලැබුණම එයාලා ඒක කියවයි. කෙනෙක් නැවතිලා කතා කරන්න කැමති නම් පත්‍රිකාවේ තියෙන තොරතුරු ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්.

7. අවිධිමත්ව සාක්ෂි දැරීමට පත්‍රිකා පාවිච්චි කළ විදිහ විස්තර කරන්න.

7 අවිධිමත්ව සාක්ෂි දැරීමේදී: පත්‍රිකා පාවිච්චි කරලා ලේසියෙන්ම අවිධිමත්ව සාක්ෂි දරන්න පුළුවන්. එක සහෝදරයෙක් ගමනක් යද්දී හැමතිස්සේම සාක්කුවේ පත්‍රිකා කීපයක් දාගෙන යනවා. කඩේකට වගේ ගියාම එතන වැඩ කරන කෙනෙක්ට කියවන්න දෙයක් දෙන්නද කියලා අහලා පත්‍රිකාවක් දෙනවා. එක යුවළක් ඇමරිකාවේ නිව් යෝක් නගරය බලන්න ගියා. ඒ නගරයට විදේශිකයන් හුඟක් එන හින්දා සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි කියන පොත් පිංචයත් භාෂා කීපයකින් පත්‍රිකාත් එයාලා අරගෙන ගියා. පාර අයිනේ බඩු විකුණන කෙනෙක් හරි උයනක හෝ ආපන ශාලාවක ඉන්න කෙනෙක් හරි වෙන භාෂාවකින් කතා කරනවා එයාලට ඇහුණාම ඒ කෙනාගේ භාෂාවෙන් පත්‍රිකාවක් දුන්නා.

8. පත්‍රිකා හරියට බීජ වගේ. එහෙම වෙන්නේ කොහොමද?

8 “බීජ වපුරන්න”: පත්‍රිකා හරියට බීජ වගේ. බීජ වපුරන කොට ඒවායින් කීයක් පැළ වෙයිද කියලා ගොවියෙක් හරියටම දන්නේ නැහැ. ඒ නිසා ගොවියා බීජ ගොඩක් වපුරනවා. ඒ ගැන දේශනාකාරයා 11:6 මෙහෙම කියනවා. “උදෑසන ඔබේ බීජ වපුරන්න. කිසි විවේකයක් නොගෙන සවස් වන තුරුම එසේ කරන්න. මන්ද ඒ කුමන බීජ පැළ වෙයිද කියා ඔබ දන්නේ නැත. සමහරවිට ඉන් එකක් හෝ දෙකක් හෝ ඒ සියල්ල වුවද පැළ වීමට ඉඩ තිබේ.” ඒ නිසා ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හුඟක් ප්‍රයෝජනවත් වන පත්‍රිකා හොඳින් පාවිච්චි කරලා දෙවි ගැන ‘දැනුම දසත පතුරුවමු.’—හිතෝ. 15:7.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ශුභාරංචිය ගැන කියන්න පත්‍රිකා හොඳ ක්‍රමයක් නිසා නොවැම්බර් මාසයේ ඉඳන් සමහර මාසවල ඉදිරිපත් කරන ප්‍රකාශනය හැටියට එය පාවිච්චි කරන්න යනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න