ඔක්තෝබර් 15න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 44 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 7වන පරි. 14-18 ඡේ. සහ 63, 64 පිටුවල ඇති කොටු (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: දානියෙල් 10–12 (විනා. 10යි)
අංක 1: දානියෙල් 11:15-27 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ක්‍රිස්තියානීන් පළිගැනීමෙන් වළකින්න අවශ්‍ය ඇයි?—රෝම 12:18-21 (විනා. 5යි)
අංක 3: යාච්ඤා කිරීමේදී රූප වැනි දේවල් භාවිත කිරීම දෙවි අනුමත කරනවාද?—පිබිදෙව්! 11/08 18-19 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ‘මං කැමති නැහැ’ කියලා කෙනෙක් කිව්වොත්? බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයේ 8 සහ 9 පිටුවල තොරතුරු මත පදනම් සාකච්ඡාවක්. එහි ඇති යෝජනා කිහිපයක් සහ සහෝදරයෝ පාවිච්චි කරන වෙනත් යෝජනාත් සාකච්ඡා කරන්න. ඒවා ඔයාලගේ ප්‍රදේශයේ අයට ගැළපෙන ඒවා විය යුතුයි. යෝජනා දෙකක් නිරූපණය කරන්න.
විනා. 20: “සේවයේදී පත්‍රිකා දෙමු.” ප්‍රශ්නොත්තර සාකච්ඡාවක්. පස් වෙනි ඡේදය සාකච්ඡා කරද්දී නොවැම්බර් මාසයේදී බෙදා දෙන්න යන පත්‍රිකා ගැන කෙටි විස්තරයක් දී ඒවා ඉදිරිපත් කරන විදිහ නිරූපණය කරන්න. හත් වෙනි ඡේදය සාකච්ඡා කරද්දී පත්‍රිකා පාවිච්චි කර අවිධිමත්ව සාක්ෂි දරන්න පුළුවන් විදිහ නිරූපණය කරන්න.
ගීතිකා අංක 97 සහ යාච්ඤාව