ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 දෙසැම්බර් 15 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • වැඩවලට කිසිම විදිහකින් බාධා කරන්න එපා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාව පාවිච්චි කරන්න යෙහෝවාට ඉඩ දෙන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • එකට නමස්කාර කරන අයව කවදාවත් අත්හරින්න එපා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාට මතකද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 දෙසැම්බර් 15 පි.

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

දෙවියන්ට කතා කරන්න, ඇහුම්කන් දෙන්න, ඔහු ගැන හිතන්න කාලේ ගද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

හොඳ තීරණ ගන්න, හොඳ ගුරුවරයෙක් වෙන්න, විශ්වාසය ශක්තිමත් කරගන්න, යෙහෝවා ගැන ආදරේ වැඩි කරගන්න පුළුවන්.—w22.01, 30-31 පිටු.

යෙහෝවාව, ඔහු පත් කරපු අයව විශ්වාස කරන එක ප්‍රයෝජනවත් ඇයි?

දැන් ඉඳන්ම අපි දෙවියන් ගැන විශ්වාසය තියන්න ඕනේ. ඒකට වැඩිමහල්ලන්ගේ මඟ පෙන්වීම්, එයාලගේ තීරණ සැක නොකර එයාලට සහයෝගය දෙන්න ඕනේ. එතකොට අමුතුයි කියලා හිතුණත් මහත් පීඩාවේදී ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අපි සූදානම්.—w22.02, 4-6 පිටු.

“සෙරුබාබෙල්ගේ අතේ තියෙන ලඹය” ගැන දේවදූතයා කිව්වේ ඇයි? (සෙක. 4:8-10)

අලුත් දේවමාලිගාව කලින් එක තරම් තේජවත් නැහැ කියලා හිතුණත් යෙහෝවාගේ ප්‍රමිතියට ඒක හදනවා කියලා ඒකෙන් සහතික වුණා.—w22.03, 16-17 පිටු.

‘කතාබහෙන් ආදර්ශයක් වෙන්න’ පුළුවන් පැති මොනවාද? (1 තිමෝ. 4:12)

සේවේදී කරුණාවන්තව, ගෞරවයෙන් කතා කරන එක. රැස්වීම්වලදී අදහස් දීලා හදවතින්ම ගීතිකා කියන එක. ඇත්ත කතා කරන එක. අනිත් අයව දිරිගන්වන එක. නින්දාසහගත කතා අයින් කරන එක.—w22.04, 6-9 පිටු.

දානියෙල් පොතේ ඉන්න මෘගයන් 4දෙනාටම තිබුණ ලක්ෂණ එළිදරව් 13:1, 2 ඉන්න මෘගයාට තියෙන්නේ ඇයි?

මොකද ඒ මෘගයාගෙන් මිනිස්සුන්ව පාලනය කරපු හැම ආණ්ඩුවක්ම නියෝජනය වෙනවා.—w22.05, 9 පිටුව.

යෙහෝවා යුක්තිය ඉටු කරන එක ගැන අපේ විශ්වාසය පෙන්නන්න පුළුවන් කොහොමද?

කෙනෙක් අපිව රිද්දද්දී, අපිට වරදක් කරද්දී අපි ඒක දෙවියන්ට බාර දෙනවා. පාපය නිසා ඇති වෙලා තියෙන හැම හානියක්ම ඔහු දවසක නැති කරනවා.—w22.06, 10-11 පිටු.

රැස්වීමකදී යාච්ඤා කරන සහෝදරයෙක් මතක තියාගන්න ඕනෙ මොකක්ද?

උපදෙස්, නිවේදන දෙන එක සුදුසු නැහැ. විශේෂයෙන්ම ආරම්භක යාච්ඤාවේදී “වචන රාශියක්” කියන්න අවශ්‍ය නැහැ. (මතෙ. 6:7)—w22.07, 24-25 පිටු.

“පිළිකුල් දේවල් කරන අයට” “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්” ලැබෙනවා කියන්නේ ඇයි? (යොහ. 5:29)

එහෙම කියන්නේ නැවත නැඟිට්ටාට පස්සේ එයාලා කරන දේවල් අනුව එයාලව සෝදිසියට නැත්නම් පරීක්ෂණයට ලක් වෙන නිසයි.—w22.09, 18 පිටුව.

1922 සැප්තැම්බර් මාසේ තිබුණ සමුළුක සහෝදර රදෆර්ඩ් කිව්වේ මොනවාද?

“යේසුස් රජු විදිහට පාලනය කරනවා! ඔබ ඔහුගේ නියෝජිතයෝ. ඒ නිසා රජු සහ ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න!”—w22.10, 3-5 පිටු.

යෙසායා 30 කියන විදිහට දෙවියන් අපිට විඳදරාගන්න උදව් කරන්නේ මොන විදි තුනෙන්ද?

යාච්ඤාවලට ඇහුම්කන් දීලා උත්තර දෙනවා, මඟ පෙන්වීම් දෙනවා, දැන් වගේම අනාගතයේදීත් ආශීර්වාද කරනවා.—w22.11, 9 පිටුව.

ගීතාවලිය 37:10, 11, 29ට අතීතයේ වගේම අනාගතයෙත් ඉටු වීමක් තියෙනවා කියන්නේ ඇයි?

සලමොන්ගේ කාලේ ඊශ්‍රායෙල් සෙනඟ ලොකු සමාදානයක් අද්දැක්කා. යේසුස් 11වෙනි පදය උපුටලා දක්වපු එකෙන් පැහැදිලියි ඒකට අනාගතයේ ඉටු වීමකුත් තියෙනවා කියලා. (මතෙ. 5:5; ලූක් 23:43)—w22.12, 8-10, 14 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න