ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ඔක්තෝබර් 32 පි.
  • ප්‍රධාන කරුණු ආයේ මතක් කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රධාන කරුණු ආයේ මතක් කරගන්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • මූලික කරුණු කැපීපෙනෙන්නට සැලැස්වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • තේමාව සහ මූලික කරුණු කැපී පෙනෙන්නට සැලැස්වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • කථා සැකිල්ලක් පිළියෙළ කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ඔක්තෝබර් 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

ප්‍රධාන කරුණු ආයේ මතක් කරගන්න

අධ්‍යයනය කළාට පස්සේ ‘මං මොනා ගැනද බැලුවේ’ කියලා කවදා හරි අමතක වෙලා තියෙනවාද? කාලෙන් කාලෙට අපි ඕනම කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්. එහෙමනම් මොකක්ද කරන්න පුළුවන්? ප්‍රධාන කරුණු ආයේ මතක් කරගන්න.

අධ්‍යයනය කරද්දී සැරින් සැරේ නැවතිලා ‘මං මොකක්ද මේකෙන් ඉගෙනගත්තේ’ කියලා හිතන්න. පාවුල් එයාගේ ලිපිය ලියද්දී සහෝදරයන්ට දිරිගැන්නුවෙත් ඒ විදිහට කරන්න කියලයි. එයා කියපු දේ බලන්න. “මෙතෙක් පැහැදිලි කළ දේවලින් ඉස්මතු වන ප්‍රධාන කරුණ වන්නේ මෙයයි.” (හෙබ්‍රෙ. 8:1) පාවුල් කියපු දේවල් තේරුම්ගන්න සහ ලිපියේ තිබුණ කරුණු එකකට එකක් සම්බන්ධ වෙන විදිහ තේරුම්ගන්න පාවුල් ඒ විදිහට අනිත් අයට උදව් කළා.

අධ්‍යයනය කළාට පස්සේ ඒ බලපු දේවල් ආයේ මතක් කරගන්න විනාඩි 10ක් විතර වෙන් කරන්න. ඔයාට අධ්‍යයනය කරපුවා මතක නැත්නම් ආයෙත් උපමාතෘකා සහ හැම ඡේදෙකම මුල් වාක්‍යය කියවලා බලන්න. ඒක උදව් වෙයි ඒවා ආයේ මතක් කරගන්න. ඔයා අලුත් දෙයක් ඉගෙනගත්තා නම් ඒක ඔයාගෙම වචනවලින් පැහැදිලි කරන්න පුළුවන්ද කියලා බලන්න. ප්‍රධාන කරුණු ආයේ බලන එක ඒවා මතක තියාගන්න ඔයාට උදව්වක්. ඒ වගේම එහෙම කරන එකෙන් ඔයා කියවන දේවල් ජීවිතේට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා තව හොඳට ඔයාට තේරෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න