ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 48 ලිපිය
  • මගේ පෙනුම කොයි වගේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මගේ පෙනුම කොයි වගේද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විලාසිතා තෝරද්දී කරන වැරදි 3ක් සහ ඒවා නොකර ඉන්න පුළුවන් විදිහ
  • අප අඳින ඇඳුම්—ඇත්තෙන්ම ඒවා ගැන සැලකිලිමත් විය යුතුද?
    1999 පිබිදෙව්!
  • මට සුදුසු ඇඳුම් එකතු කරගත හැක්කේ කෙසේද?
    1995 පිබිදෙව්!
  • මගේ ඇඳුම් සැබෑ මා හෙළි කරයි ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • විලාසිතා පිළිබඳ සමබර දෘෂ්ටියක්
    2003 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 48 ලිපිය
යෞවනියන් ඇඳුම් තෝරනවා

යොවුන් සිතේ ගැටලු

මගේ පෙනුම කොයි වගේද?

ඔයාගේ ඇඳුම් පැළඳුම් ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕන ඇයි? කෙනෙක්ගේ ඇඳුම්වලින් යම් පණිවිඩයක් දෙනවා. ඔයාගේ ඇඳුම්වලින් ඔයා දෙන්නේ මොන පණිවිඩයද?

  • විලාසිතා තෝරද්දී කරන වැරදි 3ක් සහ ඒවා නොකර ඉන්න පුළුවන් විදිහ

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

විලාසිතා තෝරද්දී කරන වැරදි 3ක් සහ ඒවා නොකර ඉන්න පුළුවන් විදිහ

1වෙනි වැරැද්ද: ඔයාගේ පෙනුම තීරණය කරන්න මාධ්‍යයට ඉඩ දෙන එක

“එකම විලාසිතාවක් වෙළඳ දැන්වීම්වලින් පෙන්නද්දී මගේ හිත ඒකට ඇදිලා යනවා. ඉතින් ඒ විලාසිතාව ඇඳපු අයව නිතර නිතර දකිද්දී ඒ රැල්ලට අහු නොවී ඉන්න අමාරුයි” කියලා යෞවනියක් වන ටෙරීසා කියනවා.

වෙළඳ දැන්වීම්වලට අහු වෙන්නේ ගෑනු ළමයි විතරක් නෙමෙයි. “විලාසිතා රැල්ලට පිරිමි ළමයිනුත් අහු වෙනවා. වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්නේ පුංචි කාලෙදිම එයාලව රැල්ලට අහු කරගන්න විදිහටයි” කියලා පොතක කියනවා.—The Everything Guide to Raising Adolescent Boys.

හරි මඟ පෙන්වීමක්: බයිබලයේ මෙහෙම කියනවා. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” (හිතෝපදේශ 14:15) ඒ ප්‍රතිපත්තියට අනුව වෙළඳ දැන්වීම්වල ඔයා දකින දේවල් හොඳද නරකද කියලා හිතලා බලන්න පුරුදු වෙන්න. උදාහරණෙකට ‘හැඟීම් අවුස්සන’ ඇඳුම් විලාසිතා ඇතුළත් වෙළඳ දැන්වීම් දකිද්දී මෙහෙම හිතලා බලන්න.

  • ‘මේ රැල්ලට අහු වුණොත් වාසි වෙන්නේ කාටද?’

  • ‘මේක ඇන්දොත් මාව වැටෙන්නේ මොන අයගේ ගොඩටද?’

  • ‘ඇත්තටම මම ඒ වගේ කෙනෙක්ද?’

විලාසිතා තෝරගද්දී: විලාසිතා පෙන්වන මාධ්‍යයන්වලට සහ වෙළඳ දැන්වීම්වලට සතියක් පුරා කිට්ටු අවධානයක් දෙන්න. ඒවාවලින් උනන්දු කරන්නේ මොන වගේ අය වෙන්න කියලද? ඒ විලාසිතා රැල්ල එක්කම ඔයාත් ඉන්න ඕන කියන පණිවිඩය හෙමින් සීරුවේ ඔයාගේ ඔළුවට දාන්නද ඒවායින් හදන්නේ? කැරන් කියන යෞවනිය මෙහෙම කියනවා. “නියම පෙනුමට ඉන්න, නියම ඇඳුම ඇඳලා ඉන්න, නියම ඇඟක් තියෙනවා කියලා පෙන්වන්න වෙළඳ දැන්වීම් ලොකු බලපෑමක් ඇතිකරනවා. ඒ නිසා වෙළඳ දැන්වීම් හදන අය දන්නවා යෞවනයන්ව පහසුවෙන්ම ඉලක්ක කරගන්න පුළුවන් කියලා.”

2වෙනි වැරැද්ද: හැමෝම අඳින නිසා මාත් අඳින්න ඕන කියලා හිතන එක.

යෞවනයෙක් වන මැනුවෙල් කියනවා “එක ඇඳුමක් අලුත්ම විලාසිතාව වුණොත් හැමෝම ඒක අඳින්න පටන්ගන්නවා. ඒක ඇන්දේ නැත්නම් අනිත් අය තමන්ව කොන් කරනවා” කියලා. ඇනා කියන යෞවනියත් ඒකට එකඟ වෙමින් කිව්වේ “අනිත් අයගේ පිළිගැනීම ලැබෙනවා නම් විලාසිතාව මොකක් වුණත් කමක් නෑ” කියලයි.

හරි මඟ පෙන්වීමක්: බයිබලයේ කියන්නේ “තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න” කියලයි. (රෝම 12:2) ඒ උපදෙස මතක තියාගෙන ඔයාගේ ඇඳුම් ගැන මෙහෙම හිතන්න.

  • ‘මේ ඇඳුම් ගන්න මං වැඩියෙන්ම පෙලඹුණේ මොන හේතු නිසාද?’

  • ‘ජනප්‍රිය වෙළඳ නාමයක් තියෙන ඇඳුමක් ගන්න එක මට කොච්චර වැදගත්ද?’

  • ‘මං උත්සාහ කරන්නේ මගේ ඇඳුම්වලින් අනිත් අයගේ අවධානය ගන්නද?’

විලාසිතා තෝරගද්දී: අලුත්ම විලාසිතාව (හැමෝම අඳින) නැත්නම් පරණ විලාසිතාව (ජනප්‍රිය නැති) කියන පැති දෙක ගැන විතරක් බලන්නේ නැතුව තුන්වෙනි පැත්තක් ගැනත් හිතන්න. ඒක තමයි ආරක්ෂාවක් තියෙන, වරදක් නැහැ කියලා සෑහීමට පත් වෙන්න පුළුවන් ඇඳුම. ඔයාට ඔයාගේ ඇඳුම් ගැන හොඳ හැඟීමක් තියෙනවා නම් අනිත් අයගේ පිළිගැනීමක් තියෙයිද කියලා ළත වෙන්න ඕන නැහැ.

3වෙනි වැරැද්ද: ‘කොට වෙන, හිර වෙන තරමට හොඳයි’ කියලා හිතන එක.

“සමහර වෙලාවට හැඟීම් අවුස්සන විදිහට අඳින්න පෙලඹීමක් ඇති වෙනවා කියන එක බොරුවක් නෙමෙයි” කියලා ජෙනිෆර් කියන යෞවනිය කියනවා.

හරි මඟ පෙන්වීමක්: බයිබලයේ මෙහෙම කියනවා. ‘ඔබේ බාහිර අලංකාරයට මුල් තැන නොදෙන්න. ඒ වෙනුවට ඔබේ ඇතුළාන්තය අලංකාරවත් කරගන්න.’ (1 පේතෘස් 3:3, 4) ඒ උපදෙසට අනුව වඩා වැදගත් වෙන්නේ බාහිර පෙනුමද? නැත්නම් හොඳ ගතිගුණද?

විලාසිතා තෝරගද්දී: ඔයා තෝරගන්න ඇඳුම් පැළඳුම් විනීත වෙන්න ඕනේ. අද විනීතකමට එච්චර තැනක් නැති වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම හිතලා බලන්න.

තොරතෝංචියක් නැතුව කියවන, තමන් ගැනම විතරක් කතා කරන කෙනෙක් එක්ක ඔයා කතා කරලා තියෙනවාද? ඒ වගේ කෙනෙක් දන්නේ නැතුව ඇති ඔයාට එයාව කොච්චර එපා වෙනවාද කියලා.

යෞවනයෙක් එයාගේ ඇඳුමෙන් අනිත් අයගේ අවධානය ගන්න හදද්දී ඒ අය අකමැත්ත පෙන්නනවා

ඔයාගේ ඇඳුම්වලින් ‘මං දිහා බලන්න’ කියන පණිවිඩේ නම් දෙන්නේ අනිත් අයට ඔයාව එපා වෙනවා

අවිනීතව ඇන්දාම ඔයාත් ඒ වගේ කෙනෙක් වෙනවා. මොකද ඔයාගේ ඇඳුම පෙන්නලා ‘මං දිහා බලන්න’ කියලා ඔයා අනිත් අයට අඟවනවා. ඒකෙන් පේන්නේ ඔයා ඕනෑවට වඩා ඔයා ගැන හිතනවා කියලයි. ඒ විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ගේ අවධානය ලබාගන්න ඔයාට ආසාවක් තියෙනවා කියන පණිවිඩයත් ඒ ඇඳුමෙන් දෙනවා. එතකොට වෙන්නේ නරක අදහසින් කෙනෙක් ඔයා දිහා බැලුවත් ඔයා ඒකට කැමති වෙන එකයි.

ඔයා ඒ ඇඳුම කොච්චර ප්‍රදර්ශනය කෙරුවත් ඔයා එහෙම කරන්නේ ඒක විකුණන්න නෙමෙයිනේ. ඒ නිසා විනීතව අඳින්න උත්සාහ කරන්න. “විනීතව අඳිනවා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ආච්චි කෙනෙක් වගේ අඳින්න ඕන කියලා. එහෙම අඳින එකෙන් ඔයා ඔයාටත් අනිත් අයටත් ගරු කරනවා කියලා පෙන්වනවා.” එහෙම කිව්වේ යෞවනියක් වන මොනිකා.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

බ්‍රියැනා

“මම ටිකක් ලොකු සායවල් ගත්තා. එහෙම කෙරුවේ මම මහත් වෙලා හින්දා නෙමෙයි. මගේ ඇඳුම් ඇඟට හිර වෙනවාට කැමති නැති හින්දයි. ඒත් දන්නවද සිද්ධ වුණ දේ? හුඟක් අය මගෙන් ඇහුවා මං කෙට්ටු වෙලාද කියලා. ඒකෙන් පේන්නේ විනීතව ඇඳ පැළඳගෙන හිටියාම ලස්සනට පේනවා කියලයි.”—බ්‍රියැනා.

කෙරන්

“විනීතව ඇඳ පැළඳගෙන ඉද්දී පහසුවක් දැනෙනවා. ඒ වගේ ඇඳුම් ඇඟට හිරත් නෑ. අනිත් එක ඒ වගේ ඇඳගෙන ඉන්න එක මගේ විශ්වාසයන්ට පටහැනිත් නෑ. ඒ හින්දා බය නැතුව කියන්න පුළුවන් මං ක්‍රිස්තියානි කෙනෙක් කියලා.”—කෙරන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න