ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 11 පරි. 90-96 පි.
  • මගේ ඇඳුම් සැබෑ මා හෙළි කරයි ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මගේ ඇඳුම් සැබෑ මා හෙළි කරයි ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නිවැරදි පණිවුඩය?
  • “මගේ මිතුරන්ට කිරීමට වුවමනා වන ඕනෑ ම දෙයක් මං කරනවා”
  • අද “පවතියි”—හෙට “නැතිවෙයි”
  • ‘විනීත සහ ඔබින’
  • සුදුසු ලෙස සැරසීමේ ප්‍රයෝජන
  • “අභ්‍යන්තර මනුෂ්‍යයා” ගෙන් සැරසීම
  • ඔයා අඳින පළඳින විදිහෙන් දෙවිව ගෞරවයට පත් වෙනවාද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අප අඳින ඇඳුම්—ඇත්තෙන්ම ඒවා ගැන සැලකිලිමත් විය යුතුද?
    1999 පිබිදෙව්!
  • මට සුදුසු ඇඳුම් එකතු කරගත හැක්කේ කෙසේද?
    1995 පිබිදෙව්!
  • විනීතව ඇඳ පැළඳ සිටිමු
    2002 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 11 පරි. 90-96 පි.

පරිච්ඡේද 11

මගේ ඇඳුම් සැබෑ මා හෙළි කරයි ද?

“එය එතරම් කොට නෑ, ඔබලා පරණ-තාලේ අය!” යයි පෙගී තම දෙමව්පියන්ට කෑගැසුවා ය. ඇය තම කාමරයට දිව ගියා ය—එය ඇයට ඇඳීමට වුවමනා වූ සායක් ගැන ආරවුලක මහා අවසානය විය. තව ද ඔබ ආශා කළ යම් ඇඳුමක් ගැන දෙමව්පියෙකු, ගුරුවරයෙකු හෝ ස්වාමියෙකු විවේචනය කළ විට සමහර විට ඔබත් එවැනි ම මත භේදයකට මැදි වී සිටින්නට ඇත. ඔබ එය සාමාන්‍ය ඇඳුමක් යයි පැවසී ය; ඔවුහු එහි පිළිවෙළක් නැති බව පැවසූහ. ඔබ එය නවීන පන්නයේ එකක් යයි නම් කළේ ය; ඔවුහු එය නොමනා අලංකාරයෙන් යුතු හෝ නුසුදුසු හැඟීම් අවුස්සන එකක් යයි පැවසූහ.

රුචිකත්වයන් වෙනස් වන අතර ඔබේ අදහස් දැක්වීමට ඔබට අයිතියක් ද තිබෙන බව ඇත්ත ය. එහෙත් ඔබ ඇඳිය යුතු ආකාරය සලකා බලන විට ‘ඕනෑ එකක් සුදුසු’ යයි මින් අදහස් විය යුතු ද?

නිවැරදි පණිවුඩය?

“ඔබ අඳින දෙය, ඔබ සැබවින් ම කවුද යන්න සහ ඔබ ගැන ම ඔබට හැඟෙන ආකාරය වන්නේ ය,” යයි පෑම් නමැති ගැහැණු ළමයා පවසන්නී ය. එසේ ය, ඇඳුම් ඔබ ගැන අන්‍යයන්ට පණිවුඩයක්, ප්‍රකාශයක් නිකුත් කරයි. සාවධාන බව, ස්ථිරත්වය, උසස් සදාචාර ප්‍රමිති ගැන කියා පෑමට ඇඳුම්වලට හැක. නැතහොත් බලවත් විරෝධය හා අසන්තුෂ්ටිය තදින් ප්‍රකාශ කිරීමට එයට හැක. හඳුන්වා දීමේ ආකෘතියක් වශයෙන් පවා ක්‍රියා කිරීමට එයට හැක. ඇතැම් යෞවනයෝ පැලුම් සහිත ඇඳුම්, විකාර මෝස්තර හෝ මෝස්තර සැලසුම්කරුවන්ගේ මිල අධික ඇඳුම් වෙළෙඳ ලකුණක් වශයෙන් භාවිතා කරති. අන් අය විරුද්ධ ලිංගයේ අය ආකර්ෂණය කර ගැනීමට හෝ තමාගේ නියම වයසට වඩා වයස වැඩි කර පෙන්වීමට හෝ ඇඳුම් යොදා ගනිති.

මෙබැවින් බොහෝ යෞවනයන්ට බෙහෙවින් ඇඳුම් වැදගත් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට පහසු ය. කෙසේ වුවද, ඩ්‍රෙස් ෆො සක්සෙස් හි කර්තෘ වූ ජෝන් ටී. මොලි, මෙසේ අනතුරු අඟවයි: “අප අඳින ආකාරයට අප හමු වන ජනයා කෙරෙහි අපූර්ව බලපෑමක් තිබෙන අතර ඔවුන් අපට සලකන ආකාරය කෙරෙහි විශාල ලෙස බලපෑමක් ඇති කරයි”.

ඔබ අඳින ආකාරය ගැන ඔබේ දෙමව්පියන් මෙතරම් සැලකිලිමත්වීම පුදුමයක් නොවේ! ඔවුනට එය පුද්ගලික රුචිකත්වයේ ප්‍රශ්නයකට වඩා වැඩි දෙයකි. ඔවුනට වුවමනා වන්නේ, ඔබ සමබර, වගකීම් දැරිය හැකි පුද්ගලයෙකු බව ඔබ තුළින් අන්‍යයන්ට නිසියාකාර ව පෙනෙන්ට සැලැස්වීමට ය. කෙසේ වුවද, ඔබ අඳින ආකාරය මගින් මෙය ඉටු කරයි ද? ඔබේ ඇඳුම් තෝරා ගැනීමට මඟ පෙන්වන්නේ කුමක් ද?

“මගේ මිතුරන්ට කිරීමට වුවමනා වන ඕනෑ ම දෙයක් මං කරනවා”

බොහෝ යෞවනයන්ට, තම ස්වෛරී භාවය හා පුද්ගලිකත්වය ප්‍රකාශ කිරීමක් වන්නේ ඇඳුම් පැළඳුම් ය. එහෙත් යෞවනයෙකු වශයෙන්, ඔබේ පුද්ගලිකත්වය තවමත් වැඩෙමින්, තවමත් වෙනස් වෙමින්—තවදුරටත් වෙනස් වන ස්වභාවයක පවතී. එබැවින් ඔබ සම්බන්ධයෙන් ම ප්‍රකාශයක් කිරීමට ඔබට වුවමනා වන නමුත්, පැවසිය යුතු දේ හෝ එය පවසන ආකාරය ගැන ඔබට එතරම් නිසැකකමක් නොතිබිය හැක. මෙබැවින් ඇතැම් යෞවනයෝ අශෝභන, අවනම්බු ගෙන එන, ඇඳුමෙන් තමන් සරසා ගනිති. කෙසේ වුවද, ඔවුන්ගේ ‘පුද්ගලිකත්වය’ තහවුරු කරනවා වෙනුවට, ඔවුහු හුදෙක් තම නොමේරූ භාවයට අවධානය යොමු කර ගනිති.—ඔවුන්ගේ දෙමව්පියන් ලැජ්ජාවට පත් වන බව කිව යුතු නැත.

අනෙක් යෞවනයෝ තම තුල්‍යයන් මෙන් සැරසීමට පහසුවෙන් තෝරා ගනිති; එය ඔවුනට සුරක්ෂිත භාවයේ හැඟීමක් සහ කණ්ඩායමක් සමඟ තමා ව ම හඳුන්වා දීමක් ද ගෙන දෙන බව පෙනෙන්නට තිබේ. සැබවින් ම, ජනයා සමඟ මුසු වීමට වුවමනා වීම අනිවාර්යයෙන් ම වරදක් නොවේ. (1 කොරින්ති 9:22 සසඳන්න.) එහෙත් ඇත්තෙන් ම නොඇදහිලිවන්ත යෞවනයන් සමඟ හඳුන්වා දීමට ක්‍රිස්තියානියෙකුට වුවමනා වේ ද? තව ද, කෙසේ නමුත් තුල්‍ය අනුමැතිය සෙවීම ඥානවන්ත ද? එක් යෞවනියක් මෙසේ වරද පිළිගත්තා ය: “මගේ මිතුරන්ට කරන්නට වුවමනා ඕනෑ ම දෙයක් මං ඒ ආකාරයෙන් ම කරනවා, එතකොට ඒ අය මොකුත් කියන්නේ නෑ.” එහෙත් වෙනත් කෙනෙකුගේ ආශාවන්ට හා සිතුවිලිවලට ඉඩ දෙන, වෙන කෙනෙකුට සම්පූර්ණයෙන් ම යටත් වී සිටින කෙනෙකු ඔබ විසින් හඳුන්වන්නේ කවරෙකු කියා ද? බයිබලය මෙසේ පිළිතුරු දෙයි: “ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුණොත්, . . . ඔහුට කීකරු වුවහොත්, ඔබ ඔහුට කීකරු වන බැවින් ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහු ද?”—රෝම 6:​16, NW.

යෞවනයන් අතර “යටත්වීමට අවධාරණය කරනු ලැබීම කොතරම් බලවත් විය හැකි ද යත් කණ්ඩායමේ සාමාජිකයන්, අඳින ආකාරය, කථා කරන ආකාරය, කිරීමට වුවමනා වන දේ හා එපමණක් නොව සිතන්නේ සහ විශ්වාස කරන්නේ කුමක් ද යන්න ගැන උපදෙස් සඳහා ඔවුන් මත [තම තුල්‍යයන් මත] රඳා පවතිමින්, සම්පූර්ණයෙන් ම වාගේ කණ්ඩායමේ න්‍යායයන්වල සිරකරුවන් වී සිටින බව පෙනෙන්නට තිබේ.”—ඇඩොලෙසන්ස්: ට්‍රාන්සිෂන් ෆ්‍රොම් චයිල්ඩ්හුඩ් ටු මැච්‍යුරිටි.

එහෙත් එවන් උපදෙස් දීමට ඔබේ මිතුරන් සුදුසුකම් ලැබ සිටින්නේ කොතෙක් දුරට ද? (මතෙව් 15:​14 සසඳන්න.) ඔබට පීඩා ගෙන දෙන වැඩෙමින් පවතින චිත්ත වේගීය වේදනාවලින් ම ඔවුහුත් පීඩා නොවිඳිත් ද? එසේ නම්, ඒවා ඔබේ සාමාන්‍ය අවබෝධයට හෝ සාරධර්ම හා ඔබේ දෙමව්පියන්ගේ කැමැත්තට විරුද්ධ වන විට පවා ඔබ යටහත් පහත් ලෙස ඔබේ ප්‍රමිති නියම කිරීමට ඔවුනට ඉඩ හැරීම ඥානවන්ත වන්නේ ද?

අද “පවතියි”—හෙට “නැතිවෙයි”

වෙනත් යෞවනයන්ට විලාසිතා ලෝකය මගින් මඟ පෙන්වනු ලැබ ඇත. එහෙත් එම රැල්ල කෙතරම් අවිනිශ්චිත ද! බයිබලයේ වචන අපට මෙසේ මතක් කරනු ලබයි: “මේ ලෝකයේ අන්දම [දසුන NW] පහවෙවී යන්නේය.” (1 කොරින්ති 7:31) අද “පවතින” දේ මෙලෙස පුදුම ලෙස හෙට (මිල අධික බව ද කිව යුතු නොවේ) හිටි හැටියේ ම යල් පැන ගිය දෙයක් බවට පත් වේ. වාටි දික් වේ නැතහොත් කෙටි වේ, කලිසම් කකුල් පළල් වේ නැත්නම් සිහින් වේ, මේ සියල්ල මහජනතාව පහසුවෙන් වංචනික ලෙස රවටා බොහෝ මුදල් ගන්නා වූ නිෂ්පාදිතයන් හා ඇඳුම් සකස් කරන්නන්ගේ ප්‍රයෝජනය සඳහා ය.

උදාහරණයක් ලෙස, වසර කීපයකට පෙර තිබුණා වූ සකසන ලද ජීන්ස් [කලිසම් විශේෂයක්] පිස්සුව සලකා බලන්න. ජීන්ස් හිටි හැටියේ ම උසස් මෝස්තරයක් බවට පත් විය. කැල්වින් ක්ලීන් සහ ග්ලෝරියා වැන්ඩබිල්ට් වැනි නම් දරමින් ඇවිදින ප්‍රදර්ශන පුවරු වීමට ජනයා අධිකතර මුදලක් ගෙව්වෝ ය. “ජනයාට වුවමනා වන්නේ නමකි,” යයි “සර්ජිඔ වැලන්ටි” ජීන්ස් නිෂ්පාදනය කරන සමාගමේ ප්‍රධානියා වූ ඊලයි කැප්ලන් පැහැදිලි කළේ ය. එහෙත්, ජීන්ස්වල සාක්කු මත එතරම් පැහැදිලි ව මසා තිබෙන නම්බු නාමය ඇති වැලන්ටි මහතා කවරෙක් ද? න්‍යූස්වීක් සඟරාව වාර්තා කළේ “ඔහු නොපවතියි,” කියා ය. තව ද පැහැදිලි කිරීමේ දී කැප්ලන් ම මෙසේ ඇසී ය: “ඊලයි කැප්ලන්, ජීන්ස් මිල දී ගන්නට ගියේ කවුද?”

‘එහෙත් විලාසිතාවලින් සැරසීම වරදක් ද?’ ඔබ අසන්නට ඉඩ තිබේ. අනිවාර්යයෙන් ම නැත. බයිබල් කාලයේ දෙවියන් වහන්සේගේ සේවකයෝ ප්‍රාදේශීය රුචිකත්වයන්ට අනුව තමන් ව සරසා ගත්හ. උදාහරණයක් ලෙස, තාමර් නානා වර්ණ ඇඳුමක් ඇඳ සිටි බව බයිබලයේ පවසයි. “මක්නිසාද,” ඒ දවස්වල “රජුගේ කන්‍යා දූවරු එබඳු සළු ඇන්දෝය.”—2 සාමුවෙල් 13:18.

එහෙත් කෙනෙක් විලාසිතාවට දාසයෙකු විය යුතු ද? එක් යෞවනියක් මෙසේ ශෝකය පළ කළා ය: “අන් සෑම දෙනෙකුට ම තිබෙන උසස් වර්ගයේ කලිසමක් දැක ඔබ මෙසේ පවසයි, ‘අම්මා, මට ඒ කලිසම අරන් දෙන්න,’ එවිට ඇය මෙසේ පවසන්නී ය, ‘නෑ, මට ඒවා ගෙදර දී මහන්න පුළුවන්.’ මම මෙසේ පවසමි, ‘නමුත් ඔබට තේරෙන්නේ නෑ. මට ඕනෙ මේ කලිසමයි’ ” එහෙත්, ඇත්තෙන් ම, ඔබ මෝස්තර සැලසුම්කරුවන්ගේ ඉත්තෙකු බවට පත්වීමෙන් ඔබේ පුද්ගලිකත්වය ඔබ ඉවත් කරන්නේ හා සැබෑ ඔබ වසාලන්නේ නැද්ද? අවුස්සන නිවේදන, වීරපාඨයන් සහ සැලසුම් කරන ලද නම්, මගින් ඔබ පාලනය විය යුත්තේ මන්ද?

බයිබලයේ රෝම 12:2 හි අපට මෙසේ පවසයි: “මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත [හෘදය NW] අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා.” ඔබට ඇඳුම් තෝරා ගැනීමට සිදු වන විට ‘පිළිගත යුතු වූ දෙවියන් වහන්සේගේ කැමැත්ත’ කුමක් ද?

‘විනීත සහ ඔබින’

පළමු වෙනි තිමෝති 2:9 [NW] හි “විනීත භාවයෙන් හා සිහි කල්පනාවෙන් යුක්ත ව ඔබින වස්ත්‍ර ඇඳීමට,” ක්‍රිස්තියානින්ට උනන්දු කරයි. “ඔබින” වස්ත්‍රයක් ස්වභාවයෙන් ම පිළිවෙළකට හා පිරිසිදු ව තිබෙනු ඇත. “විනීත භාවය” අවස්ථාවන් සැලකිල්ලට ගනියි. හොඳින් මසා නිම කළ ඇඳුමක් රැකියාවක් සඳහා සුදුසු විය හැකි නමුත් මුහුදු වෙරළට එය නොගැළපේ! අනික් අතට, කාර්යාලයකට පිහිනුම් කට්ටලයක් ඇඳීම හාස්‍ය ජනක දෙයක් වනවා නොඅනුමාන ය.

මෙලෙස යෙහෝවඃ වහන්සේගේ යෞවන සාක්ෂිකරුවන්, ක්‍රිස්තියානි රැස්වීම්වල දී හෝ අන්‍යයන්ට දේශනා කිරීමේ වැඩයෙහි යෙදෙද්දී, තමන් අඳින දෙය වුවමනාවට වඩා සාමාන්‍ය ඇඳුමක් නොව නමුත් දෙවියන් වහන්සේගේ යෞවන සාක්ෂිකරුවන් වශයෙන් තමන් හඳුන්වා දෙන ඇඳුමක් වන බවට සැලකිලිමත් වනු ඇත. දෙවන කොරින්ති 6:​3, 10 හි පාවුල්ගේ වචන මෙසේ සිහිපත් කරයි: “අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී, . . . මේ සියල්ලෙන් අපි දෙවියන්වහන්සේගේ සේවකයන් මෙන් අපම පිළිගන්වමුව.”

විනීත භාවය අන්‍යයන්ගේ හැඟීම් ගැන ද සැලකිල්ලට ගනියි. ප්‍රේරිත පාවුල් පවසන ආකාරයට, ක්‍රිස්තියානියෙකුගේ ක්‍රියා තමාගේ ම හෘදය සාක්ෂිය ගැන පමණක් නොව නමුත් “අන් කෙනෙකුගේ හෘදයසාක්ෂිය” ගැන ද සැලකිල්ලට ගත යුතුයි. (1 කොරින්ති 10:29) ඔබේ දෙමව්පියන්ගේ හෘදය සාක්ෂිය කෙරෙහි ඔබ විශේෂයෙන් ම සැලකිලිමත් නොවිය යුතු ද?

සුදුසු ලෙස සැරසීමේ ප්‍රයෝජන

තම ස්වාමිපුරුෂයා වූ රජු ඉදිරියේ පෙනී සිටීමට එස්තර්ට අවශ්‍ය වූ අවස්ථාවක් ගැන බයිබලයේ පවසයි. කෙසේ වුවද, එවන් අනාරාධිත පෙනී සිටීමක් මරණයට තුඩුදිය හැකි බලවත් වරදක් විය හැක! දෙවියන් වහන්සේගේ උපකාරය සඳහා ඉතා උනන්දුවෙන් එස්තර් යාච්ඤා කළ බවට සැකයක් නැත. එහෙත් අවස්ථාවට සුදුසු අන්දමින්—“රාජ වස්ත්‍ර පැළඳ” ගැනීමෙන් තම පෙනුම කෙරෙහි ඇය අවධානය යොමු කළා ය! තව ද “රජ එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඈ කෙරෙහි කරුණා” කළේ ය.—එස්තර් 5:​1, 2.

ඔබ සිත් ඇදගන්නා ලෙස නමුත් විනීත ව සැරසී සිටීමෙන් රැකියා සම්මුඛ පරීක්ෂණයක දී හොඳ හැඟීමක් ඇති කිරීමට ඔබට උපකාරවත් විය හැක. කරියර් ඩිවෙලප්මන්ට් සෙන්ටර් හි අධ්‍යක්ෂකවරයෙකු වූ විකී එල්. බොව්ම්, මෙසේ නිරීක්ෂණය කරයි: “ඇතැම් ස්ත්‍රීහු, තමන් සම්මුඛ පරීක්ෂණයකට යන විට වියවුල් වී සිටිති. එය හරියට පෙම්වතෙකු බැහැදැකීමට යනවා වාගේ යයි ඔවුන් සිතන අතර, ඔවුහු වශී කරන පෙනුමකින් සිටිති.” ප්‍රතිඵලයන්? “එමගින් වෘත්තීමය ලෙස ඔබේ නිපුණත්වයේ සුදුසුකම නැති වේ.” “හිර වූ හෝ හැඟීම් අවුස්සන දේවල්” ඇඳීමෙන් වැළකීමට ඇය අවවාද කරන්නී ය.

රැකියා සොයා යන විට යෞවන පිරිමින් ද ඔබින ඇඳුම් ඇඳීමට වෙර දැරිය යුතුයි. ව්‍යාපාරිකයෝ “තම හිසකේ පීරා, තම පාවහන් හොඳින් මැද තබා ගනිති. තව ද අන් පිරිමින්ගෙන් ද ඔවුන් එය ම අපේක්ෂා කරන” බව ජෝන් ටී. මොලි සටහන් කරයි.

එහෙත්, අවිනීත සැරසීමෙන්, අන්‍යයන් සමඟ ඔබේ සබඳතාවයන්ට ද හානි සිදු විය හැක. සයිකොලජි ටුඩේ හි සඳහන් වූ යෞවනයන් අතරෙන් ගන්නා ලද සමීක්ෂණයක පෙන්නුම් කළේ “කර ගැඹුරට කැපූ හැට්ටය, කොට කලිසම්, හිර වූ ජීන්ස් හෝ තනපට නොමැති ව සිටීම” ලිංගික ඇසුරකට ආරාධනයක් වශයෙන් පිරිමින් විසින් වටහා ගැනීමට ඉඩ තිබෙන බව ය. එක් යෞවන පිරිමියෙක් මෙසේ පාපොච්චාරණය කළේ ය: “යෞවන ස්ත්‍රීන් අඳින ආකාරය මා දකින විට ඔවුන් ගැන නිර්මල සිතුවිලි පමණක් සිතීම ඉතා දුෂ්කර බව මට පුද්ගලික ව ම වැටහේ.” ඔබේ ඇතුළාන්ත ගුණාංග අගය කිරීමට විනීත සැරසීම ජනයාට ඉඩ හරියි. එක්තරා ඇඳුමක් විනීත දැයි ඔබට සහතික නැත්නම්, ඔබේ දෙමව්පියන්ගෙන් උපදෙස් විමසන්න.

“අභ්‍යන්තර මනුෂ්‍යයා” ගෙන් සැරසීම

ප්‍රේරිත පේතෘස් ක්‍රිස්තියානින්ට උනන්දු කළේ ඔවුන්ගේ සැරසීම මෙසේ සකස් කරන්නට කියා ය, “අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය”—එසේ ය, අන්‍යයන්ගේ ඇස් ඉදිරියේත් එසේ ම ය! (1 පේදුරු 3:​4, පොදු නව අනුවාදය) මෝස්තරවලින් හෙබි ඇඳුමට ඔබේ තුල්‍යයන්ගෙන් සමහරෙකු මන් මත් කළ හැක. එහෙත් ඇඳුම් හෘදයන් දිනාගන්නේ හෝ සැබෑ මිතුරන් ඇති කරන්නේ හෝ නැත. මෙය ඉටු වන්නේ “අභ්‍යන්තර මනුෂ්‍යයා” ගෙන් සැරසීමෙන් ය—ඔබේ අභ්‍යන්තර පුද්ගලිකත්වයෙන් ක්‍රියා කිරීමෙන් ය. (2 කොරින්ති 4:​16, ද ජෙරුසලම් බයිබල්) ඇතුළාන්තයෙන් අලංකාර පුද්ගලයා, ඔහුගේ හෝ ඇගේ ඇඳුම් සැමවිට ම නවීනතම මෝස්තරයන්ගෙන් නොතිබුණත් වැදගැන්මකට නැති සැලසුම්කරුවන්ගේ ලේබල් “සටහන්” නොතිබුණත්, සැමවිට ම අන්‍යයන්ගේ සිත් ගනු ඇත.

යෞවනයන් ව කලබල කර වෙළෙඳ සල්වලට යවන ඊළඟ පිස්සුව කුමක්දැයි දන්නේ කවුද? කෙසේ වුවද, ඔබට ඔබ ගැන ම සිතිය හැක. උසස් තත්ත්වයේ ඇඳුම් තෝරා ගන්න. අපිළිවෙළට සැරසීමෙන් සහ ලිංගිකත්වය විශේෂ කොට දක්වන ඇඳුම්වලින් වළකින්න. ජනප්‍රිය මෝස්තර සැණකෙළිය කරා යන පළමුවැන්නා ද—අනිවාර්යයෙන් ම අන්තිමයා ද—නොවී, මධ්‍යස්ථ ව සිටින්න. විගස යල් පැන යන්නා වූ මෝස්තරයක් බවට පත් නොවන, දිගු කාලයක් පවතින ගුණත්වයෙන් යුත් ඇඳුම් තෝරා ගන්න. ඔබේ ඇඳුම්, සන්නිවේදන මාධ්‍යයෙන් හෝ තුල්‍යයන්ගෙන් මවා දැක් වූ යම් රූපයක් නොව, නමුත් සැබෑ ඔබ ව විදහා දක්වමින්, හරි පණිවුඩයක් දෙන බවට සහතික වන්න!

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

◻ ඇඳුම් පණිවුඩයක් නිකුත් කරන්නේ කෙසේ ද?

◻ ඇතැම් යෞවනයන් තම ඇඳුම් තෝරා ගැනීමේ දී අශෝභන විකෘති දේ කරා නැඹුරු වන්නේ මන්ද?

◻ ඇඳුම් තෝරා ගැනීමට සිදු වන විට ඔබේ තුල්‍යයන්ගේ බලපෑමට ඔබ කෙතරම් දුරට යටත් වන්නේ ද?

◻ සැමවිට ම විලාසිතාවන්ගෙන් සැරසී සිටීමට උත්සාහ දැරීමේ දී ඇතැම් අවාසි කවරේ ද?

◻ විලාසිතාවක් ‘විනීත සහ ඔබිනවා’ දැයි තීරණය කරන්නේ කුමකින් ද?

[94 පිටුවෙහි හුවා දැක්වීම]

“ඔබ අඳින දෙය, ඔබ සැබවින් ම කවුද යන්න සහ ඔබ ගැන ම ඔබට හැඟෙන ආකාරය වන්නේ ය”

[91 පිටුවෙහි ඇති පින්තූර]

දරුවන් අඳින දේ පිළිබඳ ව දෙමව්පියෝ බොහෝ විට ඔවුන් සමඟ ගැටෙති. දෙමව්පියන් හුදෙක් පරණ තාලේ අය ද?

[92 පිටුවෙහි ඇති පින්තූර]

නොහොබිනා අන්තවාදි ලෙස සැරසීම මගින් බොහෝ යෞවනයෝ තම පුද්ගලිකත්වය තහවුරු කිරීමට උත්සාහ කරති

[93 පිටුවෙහි ඇති පින්තූර]

අවස්ථාවන්ට ගැළපෙන ආකාරයෙන් සැරසෙන්න. ඇඳුම් ඔබ ගැන පණිවුඩයක් නිකුත් කරයි!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න