යෞවනයන් අසති . . .
මට සුදුසු ඇඳුම් එකතු කරගත හැක්කේ කෙසේද?
රොබට් කලකිරී සිටියි! ඔහුට සිය සහෝදරියගේ විවාහ මංගල්‍යයට යෑමට තිබෙන නමුත්, ඇත්තෙන්ම අඳින්න ඇඳුමක් නැත. බයිබලය පවසන අයුරින් රොබට් “ඇඳුම් නැතුව” ඉන්නවා නොවේ. (යාකොබ් 2:15) එහෙත් රොබට් එදිනෙදා අඳින ඇඳුම් මෙම උත්සව අවස්ථාව සඳහා සුදුසු මදිය.
එහෙත්, යෞවන ඇන්ජෙලාට වෙනස් මෝස්තරවලින් යුතු ඇඳුම් ඇඳීමට අවශ්‍ය වන සම්භාෂණෝත්සව තුනකට යෑමට තිබේ. කෙසේවුවද, රොබට්ට මෙන් නොව, ඇයට ඇඳීමට සුදුසු ඇඳුමක් සොයාගැනීමට කරදරයක් නැත. ඇන්ජෙලා පෝසත් නිසා නොවේ. විවිධ අවස්ථාවලට අනුව ඇය, තමාට හොඳින් සැරසීම සඳහා ඉඩ සලසන ඇඳුම් එකතු කරගෙන තිබෙන නිසාය.
වුමන්’ස් ඩේ සඟරාවෙහි ලිපියක මෙසේ පැවසේ: “ඇඳුම් වැදගත්ය. ඔබ ගැනම සැබවින්ම හොඳ හැඟීමක් ඇති කරගැනීමට බෙහෙවින් දායක වීමට ඒවාට හැක.” ඔබ ගැන අන් අය දරන දෘෂ්ටිය සහ සලකන අයුරු කෙරෙහි ඉමහත් බලපෑමක් සිදු කිරීමටද ඔබ අඳින ඇඳුම්වලට හැක. එසේනම්, “ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර” අඳින්න යයි බයිබලය අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ හොඳ හේතු ඇතිවය. (1 තිමෝති 2:9) ඔබ ක්‍රිස්තියානියෙකු නම්, සුදුසු ඇඳුම් එකතු කරගෙන තිබීම ඔබට වැදගත් විය යුතුය.
එහෙත්, ඇඳුම්වලින් පිරි අල්මාරියක් ඔබට තිබුණත්, අඳින්ට කිසිවක් නැතැයි සමහරවිට ඔබට හැඟෙනවා වෙන්න පුළුවන්ද? ගැටලුව කුමක්ද, එමෙන්ම ඔබට කාරණා නිවැරදි කරගත හැක්කේ කෙසේද?
විලාසිතාවල මිල අධිකභාවය
බොහෝවිට ගැටලුව වන්නේ මුදල් නොව, නමුත් ලෝකයේ නිතැතින්ම-වෙනස්වන මෝස්තර සහ විලාසිතාවලට වහල්වීමය. “ජනප්‍රිය ඇඳුම් සඳහා යෞවනයන් කෙතරම් මුදල් ප්‍රමාණයක් වැය කරන්නේදැයි ව්‍යාපාරික ලෝකයට වැටහේ” යයි යූත්ට්රෙන්ඩ්ස් යන පොත පවසයි. යෞවනයන්ට වියදම් කිරීමට—තවත් වියදම් කිරීමට, තව තවත් වියදම් කිරීමට පෙලඹවීම සඳහා, මුදලට කෑදර ඇඟලුම් කර්මාන්තය, සිත් අලවන සඟරා සහ රූපවාහිනී දැන්වීම් භාවිත කරයි! සමවයසේ මිතුරන්ගේ පීඩනයෙන් තවත් ශක්තිය ලැබ, මෙම දක්ෂ උපාය සාර්ථක ප්‍රතිඵල නෙළාගනියි. ගුරුවරයෙක් මෙසේ කනගාටු වේ: “සෑමදෙනෙකුම ඇඳුම්වලට විශාල මුදලක් වැය කරන අතර, ඒවාට මුදල් වියදම් කළ නොහැකි ළමයි නවීන පන්නයේ ‘ජීන්ස්’ ගැනීම සඳහා . . . පාසැල් වේලාවෙන් පසු රැකියාවල යෙදෙති.”
විලාසිතාවකට වහලෙකු වීමෙන් මුදල් වියදම් වන අතර, ඔබට ඇත්තෙන්ම අවශ්‍ය වඩාත් යෝග්‍ය ඇඳුම් සඳහා මුදල් ඉතිරි කරගන්ට ඔබට නොහැකි වේ. රෝම 12:2 මෙසේ පවසමින් හොඳ අවවාදයක් දෙයි: “මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, . . . සිත අලුත් කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා.” වෙනස් කෙනෙකු ලෙස සිටීම සැමවිටම පහසු නැති බව සැබෑවකි. දාසය-හැවිරිදි ෂාර්ලින් මෙසේ පිළිගනියි: “ඔබ පාසැලේ සිටින ළමයින් වාගේ අඳින්නේ නැති විට ඔවුන් ඔබ දෙස බලන්නේ අමුතු විදිහකටයි.” කෙසේවුවත්, ඔබ මේ මේ දේ කළ යුතු යයි කීමට අන් අයට ඉඩහරින විට, ඔබ ඔවුන්ගේ දාසයා බවට පත්වේ. (රෝම 6:16 සසඳන්න.) ජොහැනා නම් යෞවන ස්ත්‍රිය මෙසේ පවසයි: “මා සැමවිටම අඳින්නේ හරියට තව කෙනෙකු සතුටු කිරීමට මෙන් යයි හැඟෙන නිසා මට තරහා යනවා.”
මෙය සැමවිටම ඥානවන්ත දෙයක්ද? උදාහරණයක් ලෙස, වීදි-කල්ලි, හිප්-හොප් සහ “ග්‍රන්ජ්” ඇඳුම් මෝස්තර ගැන සලකා බලන්න. බොහෝදෙනෙකු මෙම මෝස්තර අඳින්නේ ඒවා ජනප්‍රිය නිසා පමණි. එහෙත්, ඒවායින් සැබවින්ම ප්‍රකාශ කරන්නේ කෝපය සහ කැරලිකාරකමය. ඒවා ඇඳීමෙන් ඔබ ගැන අන්‍යයන්ට වැරදි හැඟීමක් දෙනවා වෙන්ට පුළුවන්ද? (යොහන් 15:19; සසඳන්න 2 කොරින්ති 6:4.) කල්ලියක සාමාජිකයෙකු මෙන් පෙනීමෙන් ඔබට මැරුම්කන්න පවා සිදුවිය හැක. මෙබැවින් එක්සත් ජනපදයේ සමහර පාසැල්වල, කල්ලි අඳින ඇඳුම් මෝස්තර ඇඳීම තහනම් කර තිබේ. පාඩම? ඔබේ ඇඳුම් තේරීමට ඔබේ මිතුරන්ට ඉඩහැරීම, එනම් ඔබේ ජීවිතය පාලනය කිරීමට ඉඩහැරීම කිසිදු තේරුමක් නැති ක්‍රියාවකි. ඔවුන්ව සතුටු කරන්නේ කිමෙක්දැයි උනන්දුවෙන් සිටිනවාට වඩා, “ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාග” කරන්න!—එපීස 5:10.
ඔබේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම
ඔබව විලාසිතා මගින් පාලනය වීමෙන් ඔබවම නිදහස් කරගත්තාට පසු, ඔබේ සැබෑ අවශ්‍යතා අනුව ඇඳුම් එකතු කරගැනීමට පටන්ගැනීමට ඔබට හැකියි. උදාහරණයක් වශයෙන්, ඔබ වැඩි කාලයක් ගත කරන්නේ පාසැලෙහිය. පාසැලට නිල ඇඳුමක් ඇඳිය යුතු නම් හෝ ඇඳුම සම්බන්ධයෙන් යම් දැඩි නීති අනුගමනය කිරීමට තිබේ නම්, ඔබට කළ හැක්කේ සීමිත තේරීමකි. එහෙත් බොහෝ පාසැල්වල තෝරාගැනීමට ඉඩහැර තිබෙන අතර සාමාන්‍ය ඇඳුමක් සුදුසු වේ.
එවන් අවස්ථාවකදී, ජැකට්ටුවකින් හා කර පටියකින් හෝ ඉතා වටිනා සායකින් කැපීපෙනී සිටින්ට සැලැස්වීම ඥානවන්ත නොවිය හැක. විලාසිතා පෙනුමකින් හෝ අපිළිවෙළකින් නොසිට සාමාන්‍ය පෙනුමකින් සිටීමට ඔබට අවශ්‍ය වනු ඇත. මිලී නම් නහඹර ගැහැනු ළමයෙක් එසේ කළාය. පාසැලේදී ඈ අන්තයටම ගිය ඇඳුම්වලින් වැළකී සිටියාය. ඔබේ තත්වයත් එයාකාර නම්, ඔබටත් එලෙසම සාමාන්‍ය කලිසම්, කමිස හෝ හැට්ට කීපයක් එකතු කරගත හැක. මුදල් හිඟ නම්, මේ ඇඳුම්වලින් ස්වල්පයක් පමණක් වුවත් සෑහේ.—ලූක් 10:42 සසඳන්න.
ඔබේ පාසැල් ඇඳුම් සුදුසු ප්‍රමාණයකට තබාගැනීමෙන්, වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් මුදලක් ඔබට ඉතිරි විය හැක. උදාහරණයක් වශයෙන්, ඔබට නිවසෙන් පිටත රැකියාවක් හෝ ගෙදර දොර කටයුත්තක් ඉටු කිරීමට හෝ තිබේද? එසේනම් ඔබට යම් කල්පවතින, දිරා නොයන ඇඳුම් ගැනීමට අවශ්‍ය වේ. ක්‍රීඩාවලට සහ වෙනත් සෙල්ලම්වලට යෝග්‍ය ඇඳුම්ද අවශ්‍ය විය හැක. නවීන පන්නයේ කොට කලිසම්, කමිස සහ ක්‍රීඩා පාවහන් ඇඳීම ව්‍යවහාරයේ තිබෙන්නක් විය හැකි වුවත්, අඩු වියදමක් වැය වන ඇඳුම්ද ඒ හා සමානවම ප්‍රයෝජනවත් වන බව ඔබ දැනගනු ඇත.
ඔබ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු නම්, නමස්කාරය සඳහා සාමාන්‍ය ඇඳුම් යෝග්‍ය නොවන බැවින්, ක්‍රිස්තියානි රැස්වීම්වලට සුදුසු ඇඳුම් ඇඳීම සඳහා ඔබේ අවශ්‍යතාව ගැනද සලකා බැලිය යුතු වේ. බටහිර-පන්නයේ ඇඳුම් අඳින රටවල, යෞවන පුරුෂයන් සාමාන්‍යයෙන් අඳින්නේ හොඳ වර්ගයේ කලිසමක්, හොඳ කමිසයක්, කර පටියක් සහ ජැකට්ටුවකි. යෞවන ස්ත්‍රීහු සාමාන්‍යයෙන්ම ගවුමක් හෝ සායක් සහ හැට්ටයක් අඳිනු ලැබේ. ගෙයින්-ගෙට දේශනා වැඩයෙහිදීද එවැනිම ඇඳුම් අඳිති. එවැනි ඇඳුම් කෙතරම් ප්‍රමාණයක් මිල දී ගත හැකිදැයි රඳා පවතිනු ඇත්තේ ඔබ සතු මුදල අනුවය. භාග්‍යයකට, ඔබට ඇඳුම් බහුල ලෙස තිබීමට හෝ ඒවා නවීනතම විලාසිතා වීමට අවශ්‍ය නැත. ඒවා පිළිවෙළකට හා පිරිසිදුව තිබිය යුතුය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විවාහ මංගල්‍යයකට සහභාගි වූ අතර, ඔබට යම් පිළිගත් උත්සවයකට ආරාධනාවක් ලැබෙන්ට පුළුවන. (යොහන් 2:1, 2) එවැනි උත්සවයකට හොඳින් හැඳ පැළඳ සිටීම ව්‍යවහාරයේ පවතින්නක් නම්, සුදුසු ඇඳුම් සමහරක් අතැතිව තබාගැනීම නුවණට හුරුය. “උත්සවයට ගැළපෙන සේ මා ඇඳ පැළඳ නොසිටි අවස්ථා තිබී ඇති අතර, එය ප්‍රසන්න අද්දැකීමක් වූයේ නැත,” යයි ජොහැනා පිළිගනියි. අඩුම තරමින් එක හොඳ ඇඳුමක්වත් සතුව තිබේ නම් අන්තිම-මොහොතේ සාප්පු යෑමේ තදබදයද, වියදම්ද අඩු කරගැනීමට හැක.
බඩු ලැයිස්තුව ගැනීම
ඉශ්‍රායලයේ පූජකවරු යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාවේ භාවිත කළ අයිතමවල ලැයිස්තුවක් ගත්හ. (නික්මයාම 38:21) එලෙසම, ලේඛක ජීන් පැටන් විසින් හඳුන්වන ඇඳුම්වල ගණන් ගැනීමක් කිරීමට ඔබට හැක. (පාටෙන් පාටට) වෙනම තැනක තබා ඇති අයිතමද ඇතුළත්ව ඔබේ ඇඳුම් වර්ග කරන්න. ඔබට අමතක වී ඇති ඇඳුම් සොයාගැනීමට ඔබට හැකි වෙයි. ඒ සමඟම, ඔබට අඳින්ට බැරි හෝ ඔබ අඳින්ට අකමැති ඇඳුම් ඉවත් කිරීමටද ඔබට හැක.
ඉන්පසු, සමහරවිට ප්‍රධාන කෑලි (කබා, කලිසම් හා කමිස කට්ටල, ගවුම්, බ්ලේසර් කබා, ක්‍රීඩා ජැකෙට්ටු) ආධාරක වශයෙන් අඳින කෑලි (හැට්ට, ස්වෙටර, හොඳ කමිස) සහ ආයිත්තම් (කර ලේන්සු, බඳ පටි, අත්වැසුම්, තොප්පි, පාවහන්, අත්බෑග, කර පටි) වශයෙන් සංවිධානය කරගැනීමෙන් ඇඳුම් ලැයිස්තුවක් සාදාගත හැක. ඔබේ ඇඳුම් එකතුව සම්පූර්ණ කරගැනීමට ඔබට අවශ්‍ය විය හැක්කේ කුමන අයිතමදැයි විශේෂ කොට දැක්වීමට එවන් ලැයිස්තුවක් උපකාරවත් වේ.
සාප්පු යෑමේ දක්ෂතාව
සමහර රටවල අලුත් ඇඳුම් ඇඳීම සුඛෝපබෝගී දෙයක් වේ. එවැනි රටවල යෞවනයෝ තමන් සතු ඇඳුම් පරෙස්සම් කරගැනීමටත්, සුදුසු අන්දමින් පිළිවෙළකට හා පිරිසිදුව තබාගැනීමටත් වෑයම් කරති. එහෙත්, ඔබ යම් අලුත් ඇඳුම් මිල දී ගැනීමට හැකි තත්වයක සිටිනවා නම්, කුමක් කිව හැකිද? ජැනට් වොලැක්ගේ වර්කිං වොර්ඩ්රෝබ් යන පොතෙහි ඇය සඳහන් කරන්නේ “ස්ත්‍රියක් කලින් සැලසුම් කර තම ඇඳුම් මිල දී ගත්තා නම් ඇයට කාලය සහ මුදල් ඉතිරි කරගැනීමට හැකි” බවය. යෞවනපුරුෂයන් සඳහාත් එය සැබෑය. ඔබට තිබෙන්නේ සීමිත මුදලක් විය හැකි බැවින්, ඔබ මිල දී ගන්නා ඕනෑම දෙයකට වැයවන මිල ගණන් බැලිය යුතුය. (ලූක් 14:28 සසඳන්න.) ඉන් අදහස් වන්නේ ඔබේ සාප්පු ලැයිස්තුවේ අනවශ්‍ය අයිතම කපා හැර, වඩා-වැදගත් අයිතම්වල රැඳී සිටීමයි. ඔබ වැඩියෙන්ම අඳින ඇඳුම්වලට වැඩියෙන්ම මුදල් වැය කිරීම හොඳම දෙයයි.
ද බෙටර් බිස්නස් බ්යූරෝ A ටු Z බයිං ගයිඩ් යන පොත මෙම අවවාදය දෙයි: “තද නිල් සහ අළු හෝ දම් පැහැයට හුරු රතු සහ කළු වැනි ප්‍රධාන වර්ණ කාණ්ඩවලින් ඇඳුම් එකතු කරගන්න. එම වර්ණවලින් ප්‍රධාන ඇඳුම් අයිතම තෝරාගෙන, කමිස, හැට්ට සහ වෙනත් ආයිත්තම් සඳහා දීප්තිමත් අනුපූරක වර්ණ ඉතිරි කරගන්න.” මධ්‍යස්ථ-වර්ණයෙන් යුත් ඇඳුම් බොහෝ කලක් පවතින විලාසිතා වේ. ප්‍රධාන වර්ණ වෙත රැඳී සිටීමෙන්, ඔබට වඩා පහසුවෙන්ම අලුත් ඇඳුම් සකසාගැනීමට සහ සාදාගැනීමට හැකි වේ.
හිතෝපදේශ 14:15 මෙසේ පවසයි: “බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි,” එමෙන්ම ඔබ මිල දී ගන්නා බඩු ගැන නිශ්චිත සැලසුම් කිරීමකින් හදිසියේ මිල දී ගැනීම්වලින් වැළකීමට ඔබට උපකාරවත් විය හැකිය. “මා සාප්පු යන විට සැමවිටම බඩු ලැයිස්තුවද රැගෙන යනවා,” යයි එක් යෞවන ස්ත්‍රියක් පවසයි. දිගු කාලීනව බලන කල, ප්‍රමාණය නොව නමුත් ගුණයෙන් යුතු ඇඳුම් තෝරාගැනීමත් වටිනා බව මතක තබාගන්න. ගුණයෙන් යුතු ඇඳුමක් අවුරුදු ගණන් පැවතිය හැක. “නහඹර වියේදී මා ඇන්ද ස්වෙටර මා ළඟ තවමත් තිබෙනවා,” යයි එක් යෞවන ස්ත්‍රියක් පවසයි. කෙසේවුවත්, ගුණය ගැන ස්ථිර වීමට අනිවාර්යයෙන්ම වෙළඳ නම සහතිකයක් නොවන අතර, පරෙස්සමින් ඇඳුම සෝදිසි කර බැලීමෙන් හොඳම දෙය කුමක්දැයි තීරණය කළ හැක.a
මෝස්තරය ගැන සලකන්ට සිදුවන විට මධ්‍යස්ථ වන්න. සම්ප්රදායක ඇඳුමක් හෝ මිනිසෙකුගේ ඇඳුම් කට්ටලයක් සැමවිටම පාහේ මෝස්තරයක්ව තිබේ. වෙනස්වනසුලු මෝස්තරවල ජනප්‍රියත්වය විගස පහ වී යයි. එමීල්යා ෆැට් කොන්සර්වේටිව් ෂීක් නම් ඇගේ පොතෙහි මෙසේ සඳහන් කරයි: “මධ්‍යස්ථ ඇඳුම් ආයිත්තම්වලින් සැරසීම වඩාත් පහසුය, ඊළඟ වසරටත් තබාගත හැකියි, වඩාත් හොඳ ආයෝජනයකි.”
ඔබේ දෙමව්පියන්ට ඇඳුම් ගැනීමෙහි අවුරුදු ගණනාවක පළපුරුද්දක් තිබෙන බව අමතක නොකරන්න. ඔබේ සමහර රුචිකත්වයන්වල පරම්පරා පරතරයක් තිබිය හැකි නමුත්, ඔබ හිතනවාට වඩා මූලික දේවල් සම්බන්ධයෙන් ඔබ එකඟ වන්ට පුළුවන. “මගේ මව මට සහ මගේ සහෝදරියට ඇඳුම් සම්බන්ධයෙන් හොඳ රුචිකත්වයක් ගොඩනංවාගැනීමට උපකාර කළා,” යයි ඇන්ජෙලා සිහිපත් කරයි. කාලය සහ ඉවසීම සමඟින්, ඔබටත් සුදුසු, ඵලදායී ඇඳුම් එකතු කරගැනීමට පුළුවන් විය හැකියි. ‘මට අඳින්න ඇඳුමක් නෑ’ යයි සමහරවිට ඔබට නැවත කිසිදා කියන්ට සිදු නොවනු ඇත. g95 1/22
[පාදසටහන්වල]
a “යෞවන අය අසති . . . නිසි ඇඳුම් තෝරාගැනීමේ රහස කුමක් ද?” යන අපගේ 1990 අප්‍රියෙල් 8 කලාපය බලන්න.
[21වන පිටුවේ පින්තූරය]
දැනටමත් ඔබ සතුව ඇති ඇඳුම් ආයිත්තම්වල ලැයිස්තුවක් ගන්න