ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 12/1 3 පි.
  • බයිබලය තේරුම්ගන්න ඕන ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය තේරුම්ගන්න ඕන ඇයි?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තේරුම්ගන්න පුළුවන්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් සමහර අය එක්ක පාඩමක් පටන්ගන්න අමාරු නම් . . .
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවි අනුමත කරන සත්‍යය සොයාගත හැකි තැන
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 12/1 3 පි.

මුල් පිටුවෙන් | බයිබලය තේරුම්ගන්න පුළුවන් පොතක්

බයිබලය තේරුම්ගන්න ඕන ඇයි?

“බයිබලය ප්‍රසිද්ධ ආගමික පොතක් වුණත් චීනයේ ඉන්න අය ඒක ගැන වැඩිය දන්නේ නැහැ.”—චීනයේ ලින්.

“හින්දු ආගමේ පොත්වත් තේරුම්ගන්න බැරි මං කොහොමද බයිබලය තේරුම්ගන්නේ?”—ඉන්දියාවේ අමිත්.

“බයිබලය පැරණි ශුද්ධ පොතක් කියලත් වැඩියෙන්ම විකිණිලා තියෙන පොත ඒක කියලත් මං දන්නවා. ඒත් මං කවදාවත් බයිබලයක් දැකලා නෑ.”—ජපානයේ යූමිකො.

ලෝකේ පුරා ඉන්න හුඟදෙනෙක් බයිබලය වටිනා පොතක් කියලා දන්නවා වුණත් ඒකේ තියෙන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. ආසියාවේ ඉන්න හුඟක් අයගේ තත්වයත් ඒකයි. බයිබලය වැඩියෙන්ම බෙදාහැරලා තියෙන රටවල තත්වයත් ඒකමයි.

කාන්තාවක් බයිබලය කියවනවා

දැන් ඔයා කල්පනා කරයි ‘බයිබලය කියවන එකෙන් මට ප්‍රයෝජනයක් තියෙයිද’ කියලා. බයිබලයේ තියෙන දේවල් තේරුම්ගත්තොත් ඔයාට මේ වගේ ප්‍රයෝජන ලැබෙනවා.

  • සතුට සැනසුම ලබාගන්න පුළුවන්

  • පවුලේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්

  • සිත්තැවුල්වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්

  • බැඳීම් ශක්තිමත් කරගන්න පුළුවන්

  • නැණවත්ව මුදල් පාලනය කරන්න පුළුවන්

ජපානයේ යොෂිකෝගේ අද්දැකීම බලන්න. බයිබලයේ තියෙන දේවල් දැනගන්න කුතුහලයක් ඇති වුණ නිසා ඇය ඒක කියවන්න ගත්තා. ඊටපස්සේ ඇය මෙහෙම කිව්වා. “ජීවිතේට අරමුණකුත් බලාපොරොත්තුවකුත් තියෙනවා කියලා මං දැනගත්තා. දැන් මට ජීවිතේ හිස්බවක් දැනෙන්නේ නැහැ.” බයිබලය තේරුම්ගන්න බැහැයි කියලා හිතපු අමිත් කෙරුවේ මොකක්ද? එයාත් බයිබලය කියවලා මෙහෙම කිව්වා. “හැමෝටම අදාළ කරගන්න පුළුවන් වටිනා තොරතුරු ඒකේ තියෙනවා දැකලා මං පුදුම වුණා!”

බයිබලය අධ්‍යයනය කරපු හුඟක් අයට යහපත් ජීවිතයක් ගත කරන්න ඒක උදව් වෙලා තියෙනවා. ඔයාත් බයිබලයේ තියෙන දේවල් හොයලා බලන්නේ නැත්තේ ඇයි?

සතුටින් පිරි ජීවිතයකට මඟ

බයිබලයේ තියෙන දේවලින් ලැබෙන ප්‍රයෝජන ගැන වැඩි විස්තර දැනගන්න ‘සතුටින් පිරි ජීවිතයකට මඟ’ කියන සඟරාව බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න