සත්‍යය ගැන සාක්ෂි දරන සඟරා බෙදාහරින්න
1. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලින් ඉටු කෙරෙන කාර්යය කුමක්ද?
1 රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ හා ගෝලයන් කිරීමේ කාර්යයේ අතිවැදගත් වැඩ කොටසක් යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරන මුරටැඹ සඟරාව සහ පිබිදෙව්! සඟරාව මගින් ඉටු කරනවා. (මතෙ. 24:14; 28:19, 20) අපි විවිධ ආකාරවලින් ජනයාට සාක්ෂි දරන විට මේ කාලෝචිත සඟරා ඔවුන්ට ලබා දෙන්නේ මහත් සතුටින්.
2. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල කර තිබෙන වෙනස්කම් මොනවාද? එසේ කර තිබෙන්නේ ඇයි?
2 පසුගිය වසර ගණනාව පුරා මේ සඟරාවල ප්‍රමාණයද ඒවායේ අඩංගු කරුණු මෙන්ම බෙදාහැරීමට යොදාගන්න ක්රමවලද වෙනස්කම් සිදු වී තිබෙනවා. මේ වෙනස්කම්වල පරමාර්ථය වන්නේ “සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීම” සඳහා ඔවුන්ට සිත්ගන්නා ආකාරයෙන් රාජ්‍යයේ පණිවිඩය ඉදිරිපත් කිරීමයි.—1 තිමෝ. 2:4.
3. දේවසේවයේදී සඟරා ඉදිරිපත් කළ හැක්කේ කෙසේද?
3 කලින් පිබිදෙව්! සඟරාව ඇතැම් භාෂාවලින් මසකට දෙකක් පළ කළද 2006 ජනවාරි මාසයේ සිට පළ කරන්නේ මසකට එක සඟරාවක් පමණයි. මේ සඟරාව විවිධ හැඳින්වීම් යොදාගනිමින් මාසයක් පුරා ඉදිරිපත් කරන්න අපි පුරුදු වී සිටිනවා. යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරන මුරටැඹ සඟරාවද දැන් මහජනයාට බෙදාහරින්නේ එක කලාපයක් පමණයි. මේ නිසා මෙය බෙදාහැරීමේදීද අපිට මාසයක් පුරා විවිධ හැඳින්වීම් යොදාගන්න පුළුවන්. පිබිදෙව්! සහ මුරටැඹ සඟරා හඳුන්වා දිය හැකි ආකාර අපගේ රාජ්‍ය සේවාවේ අවසාන පිටුවේ පළ වෙනවා. බොහෝවිට මේ හැඳින්වීම්වලදී සලකා බලන්නේ සඟරාවක මුල්ම ලිපිවලින් එකක් වුණත් සමහර අවස්ථාවලදී සිත්ගන්නා වෙනත් ලිපිවලින්ද හැඳින්වීම් ඉදිරිපත් කරනවා. අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් හැඳින්වීම් හොඳින් සූදානම් වීමෙන් හා අපේ ප්‍රදේශයට ගැළපෙන පරිදි එම හැඳින්වීම් සකස් කරගෙන අපේම වචනවලින් ඉදිරිපත් කරන විට හොඳ ප්‍රතිඵල අත් කරගත හැකියි.
4. අපගේ රාජ්‍ය සේවාවේ පළ වන හැඳින්වීම් හැර වෙනත් හැඳින්වීම්ද යොදාගැනීම ප්‍රයෝජනදායක වන්නේ ඇයි?
4 පිබිදෙව්! සහ මුරටැඹ සඟරා සඳහා හැඳින්වීම් දෙකක් අපගේ රාජ්‍ය සේවාවේ පළ වුණත් ඊට වඩා වෙනස් හැඳින්වීම්ද අපිට යොදාගන්න පුළුවන්. මෙසේ කිරීමට තිබෙන එක් හොඳ හේතුවක් වන්නේ ඒ සඟරාවල වෙනත් ලිපි ඔබේ ප්‍රදේශයේ සිටින ජනයාගේ සිත්ගත හැකි වීමයි. එසේත් නැත්නම් ඔබේ සිත්ගත් ලිපියක් හොඳින් සූදානම් වී ඉදිරිපත් කිරීමෙන්ද වඩා හොඳ ප්‍රතිඵල අත් කරගත හැකියි.
5. සඟරාවක ලිපි හඳුන්වා දීමට කලින් ඔබ කළ යුත්තේ කුමක්ද?
5 හැඳින්වීමක් සූදානම් වීම: මුලින්ම කළ යුත්තේ ඔබ ඉදිරිපත් කරන ලිපියේ කරුණු හොඳින් කියවීමයි. සඟරාවක් ක්ෂේත්‍ර සේවයේදී ඉදිරිපත් කිරීමට කලින් එහි සෑම ලිපියක්ම කියවීමට ඔබට නොහැකි විය හැකියි. ඒ වුණත් ඔබ තෝරාගත් ලිපිය හඳුන්වා දෙන විට ඔබ එය කියවා තිබෙන බවට හැඟීමක් ගෙවැසියා තුළ ඇති විය යුතුයි. එම ලිපිය ඔබගෙත් සිත්ගෙන තිබෙන බව එය ඉදිරිපත් කරන ආකාරයෙන් දිස් විය යුතුයි. ඔබට මෙසේ සඟරාවක් හඳුන්වා දිය හැක්කේ ඔබ ඉදිරිපත් කරන තොරතුරු හොඳින් කියවා තිබෙනවා නම් පමණයි.
6. සඟරාවක් හඳුන්වා දෙන ආකාරය සූදානම් කරගත හැක්කේ කෙසේද?
6 ඔබට කළ හැකි තවත් දෙයක් නම් අවස්ථාවට අනුව අපේ හැඳින්වීම වෙනස් කිරීමයි. ඉදිරිපත් කරන ලිපියේ සඳහන් කරුණුවලට අදාළව උනන්දුව ඇති කරන ප්‍රශ්නයක් ඇසීමෙන් සංවාදයක් ඇරඹිය හැකියි. සවන් දෙන්නාගේ හදවතට කතා කිරීමට දේවවචනය සතු බලයට සැමවිටම ඉඩහරින්න. (හෙබ්‍රෙ. 4:12) ඔබ හඳුන්වා දෙන කරුණට ගැළපෙන බයිබල් පදයක් තෝරාගන්න. ඔබ ඉදිරිපත් කරන ලිපියේ සඳහන් කර තිබෙන බයිබල් පදයක් තෝරාගන්නවා නම් වඩාත් හොඳයි. එම බයිබල් පදය ලිපියට සම්බන්ධ වන ආකාරය සලකා බලන්න.
7. සඟරා හඳුන්වා දීම තවත් බලපෑමෙන් යුක්තව කළ හැක්කේ කෙසේද?
7 සෑම අවස්ථාවකදීම යොදාගන්න: අපි සූදානම් කරගත් ඉදිරිපත් කිරීමකින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් එම හැඳින්වීම යොදාගනිමින් සඟරා ඉදිරිපත් කළ යුතුයි. එසේ කිරීම සඳහා සෙනසුරාදා දිනවල සභාව සමඟ සඟරා බෙදාහැරීමේ හවුල් වන්න. කලින් අපේ පොත් පත් විවරණිකා ලබාගෙන තිබෙන අයට, බයිබල් ශිෂ්‍යයන්ට හා නැවත බැලීම්වලට සඟරා ඉදිරිපත් කරද්දී එම හැඳින්වීම යොදාගන්න. ඔබ සාප්පු යන විට, දුම්රියේ හෝ බස් රථවල ගමන් කරන විට හෝ වෛද්‍යවරයෙක් හමුවීමට බලා සිටින විට හමු වන අයටද එසේ කරන්න. මාසය පුරාම ඔබ එම හැඳින්වීම් යොදාගන්නා විට එය ඉදිරිපත් කරන ක්‍රමය තවත් බලපෑමෙන් යුක්ත කරගන්න ඔබට හැකි වෙයි.
8. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල තිබෙන විශේෂත්වය කුමක්ද?
8 වෙන කිසිම සඟරාවකට වඩා මුරටැඹ සහ පිබිදෙව්! සඟරා වෙනස්. ඒවායේ ප්‍රධානතම අරමුණ වන්නේ මුළු විශ්වයේම එකම පාලකයා වීමට අයිතිය තිබෙන තැනැත්තා ලෙස යෙහෝවා දෙවිව ගෞරවයට පත් කිරීමයි. (ක්‍රියා 4:24) මේ සඟරා දෙකෙන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මගින් ජනයාට සැනසිල්ල ලබා දෙන අතර යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමටද ඔවුන්ව උනන්දු කරනවා. (මතෙ. 24:14; ක්‍රියා 10:43) බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වන ආකාරය ලෝකයේ සිදු වන දේවලින් පැහැදිලිව පෙනී යනවා. මේ සඟරාවල ඒ බව නිතර පළ වෙනවා. (මතෙ. 25:13) මේ සඟරා හඳුන්වා දෙන ආකාරය හොඳින් සූදානම් වී, හැකි සෑම අවස්ථාවකදීම ඒවා ඉදිරිපත් කරන්න. එවිට ඔබේ ප්‍රදේශයේ සිටින ජනයා ඉන් ඉමහත් ප්‍රයෝජන ලබනවා නිසැකයි.
9. නැවත බැලීමකට අවස්ථාව උදා කරගත හැක්කේ කෙසේද?
9 යම් කෙනෙකුට සඟරාවක් ඉදිරිපත් කිරීමට හෝ බයිබලයේ සඳහන් කරුණක් ගැන කතා කිරීමට හැකි වුණොත් එය අවසානයේදී ඔහුගෙන් උනන්දුව ඇති කරන ප්‍රශ්නයක් අසන්න. එසේ කිරීමෙන් එම පුද්ගලයාව නැවත හමු වී බයිබලයේ සඳහන් තවත් කරුණක් ගැන කතා කිරීමට අවස්ථාව උදා කරගත හැකියි. සත්‍යයේ බීජ වැපිරීමේ කාර්යයේ අපි උද්යෝගයෙන් හවුල් වෙනවා නම් යෙහෝවා දෙවිව දැන හඳුනා ගෙන ඔහුට සේවය කිරීමට කැමති අයගේ සිත් විවෘත කරන්න දෙවිට හැකි බවට සැකයක් නැහැ.—1 කොරි. 3:6.