සියරා ලියොන් සහ ගිනියාව
සියරා ලියොන්වලට මගේ හිත ගියා
සින්ඩි මැක්එන්ටීර්
ඉපදුණේ 1960
බව්තීස්ම වුණේ 1974
තොරතුරු 1992 සිට මිෂනාරි සේවයේ යෙදෙන සහෝදරියක්. ගිනියාවේ සහ සෙනගාලයේ සේවය කර තිබෙන අතර දැන් සේවය කරන්නේ සියරා ලියොන්වල.
සියරා ලියොන්වලට ඇවිත් සති දෙකක් යනකොටම මේ රටට මගේ හිත ගියා. මිනිස්සු බඩු මුට්ටු ඔලුව උඩ තියාගෙන යන විදිහ හරි පුදුමයි. එයාලා හරි කඩිසරයි. ළමයි නිතරම පාර දිගේ සිංදු කියකියා නටනටා සෙල්ලම් කරනවා. කොහේ බැලුවත් පාටපාට දේවල් දකින්න තියෙනවා. නිතරම සංගීතයත් ඇහෙනවා. මේ රටේ මිනිස්සු ඉන්නේ හරිම උද්යෝගයෙන්.
ඒත් මම වැඩියෙන් ආස මෙහේ දේශනා සේවයට. මිනිස්සු අමුත්තන්ව පිළිගන්නේ හරිම ආදරෙන්. බයිබලයට ගරු කරනවා වගේම අපේ පණිවිඩයටත් ඇහුම්කන් දෙනවා. දේශනා සේවයේ ගියාම ගේ ඇතුළට ඇවිත් ඉඳගන්න කියනවා. මම එයාලගෙ ගෙදරින් යනකොට මාත් එක්ක පාර ගාවටම එනවා. හිටි ගමන් වතුර, විදුලිය නැති වෙන නිසා අපහසුතාවක් දැනුණත් ඒ අය ළඟ තියෙන ආදරය නිසා ඒවා මට ලොකු ගැටලු නෙමෙයි.
මම තාම බැඳලා නැති නිසා සමහරු අහනවා තනිකමක් දැනෙන්නේ නැද්ද කියලා. ඇත්තටම මට කොයිතරම් වැඩ තියෙනවාද කිව්වොත් මට තනිකමක් දැනෙන්නවත් වෙලාවක් නැහැ. මම ජීවිතය ගත කරන්නේ හරිම සතුටින්.