ඉක්මනින්ම සේවය පටන්ගන්න
අපි සේවයේ යන්න රැස් වුණාම එකතු වෙලා කතාබහ කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් ක්ෂේත්‍ර සේවා රැස්වීම ඉවර වුණ ගමන්ම සේවය පටන්ගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද දේශනා සේවය ප්‍රමාද නොකර කළ යුතු දෙයක්. (2 තිමෝ. 4:2) අපි ප්‍රමාද වෙවී ඉන්නවා නම් සේවයේ යන්න ලැබෙන කාලය අඩු වෙනවා. සේවයේ යන ගමන් එකිනෙකාව ගොඩනංවන විදිහට ආශ්‍රය කරන්න අපිට පුළුවන්. අපි ඉක්මනින්ම සේවය පටන්ගන්නවා නම් යෙහෝවා දෙවි හා යේසුස්ගේ දාසයන් විදිහට වෙහෙස වෙනවා කියලා පෙන්වනවා.—රෝම 12:11.