දෙවිට සවන් දෙන්න මිනිසුන්ට උදව් කරන්න
1. අපිට ලැබුණ සඟරා දෙක මොකක්ද? ඒවායේ තියෙන විශේෂත්වය මොකක්ද?
1 ‘දෙවිගේ රාජ්‍යය පැමිණේවා!’ කියන තුන්දින සමුළුවේදී දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න සහ දෙවිට සවන් දෙන්න කියන මාසික නොවන සඟරා දෙක අපිට ලැබුණා. මේ සඟරා දෙකේ පණිවිඩය කෙටියෙන් තියෙන නිසා ඒවා ඉක්මනින් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ නිසා දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න කියන සඟරාව භාෂා 431කට පරිවර්තනය කරන්න ඒ අවුරුද්දේ අවසර ලැබුණා.
2. මේ සඟරා දෙක ප්‍රයෝජනවත් වෙන්නේ කාටද?
2 මේ සඟරා දෙක ප්‍රයෝජනවත් වෙන්නේ කාටද? මේ වගේ අවස්ථා ගැන හිතන්න.
• ප්‍රචාරකයා ගෙහිමියෙක් එක්ක කතා කරනවා. මේක මුල් හමුවීම හරි නැවත බැලීමක් හරි වෙන්න පුළුවන්. ගෙහිමියාට කියවන්න බැහැ කියලා හරි කියවන්න අමාරුයි කියලා හරි ප්‍රචාරකයා තේරුම්ගන්නවා.
• ප්‍රචාරකයෙක් වෙනත් භාෂාවක් කතා කරන මිනිසුන්ට දේශනා කරනවා. හැබැයි ඒ භාෂාවෙන් අපේ ප්‍රකාශන තියෙන්නේ කීපයක් විතරයි. නැත්නම් එකක්වත් නැහැ. එහෙමත් නැත්නම් ඒ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ට කියවන්න දන්නේ නැහැ.
• බිහිරි කෙනෙක්ට දේශනා කරන්න ප්‍රචාරකයෙක් සංඥා භාෂාව පාවිච්චි කරනවා.
• තවමත් කියවන්න දන්නේ නැති තමන්ගේ දරුවට දෙවි ගැන කියලා දෙන්න අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ආසාවෙන් ඉන්නවා.
3. දෙවිට සවන් දෙන්න කියන සඟරාව සකස් කරලා තියෙන්නේ කොහොමද?
3 සඟරා සකස් කරලා තියෙන විදිහ: ඔයාලා කියවන්න දන්නේ නැති භාෂාවකින් සඟරාවක් ලැබුණොත් ඒකෙ ලස්සන පින්තූර තිබුණත් ඒක කියවන්න ඔයාලට උනන්දුවක් ඇති වෙයිද? ඒ වගේ තමයි කියවන්න දන්නේ නැති කෙනෙක්ට හුඟක් අකුරු තියෙන සඟරාවක් ලැබුණම ඒක කියවන්න එයාට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දෙවිට සවන් දෙන්න කියන සඟරාවේ හැම පිටුවකම සාකච්ඡාවක් කරගෙන යන්න පුළුවන් විදිහට පින්තූරයි කෙටි විස්තරයකුයි දාලා තියෙන්නේ. ප්‍රධාන කරුණ කාවද්දන බයිබල් පද විතරක් දීලා තියෙන්නෙත් ඒ නිසයි. ඒ වගේම එක පින්තූරයකින් තව පින්තූරයකට ශිෂ්‍යාව මඟ පෙන්වන්න පොඩි ඉඟියක් දකින්නත් තියෙනවා.
4. දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න කියන සඟරාව සකස් කරලා තියෙන්නේ කොහොමද?
4 දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න කියන සඟරාවේ තියෙන්නෙත් දෙවිට සවන් දෙන්න කියන සඟරාවේ තියෙන පින්තූරමයි. ඒක සකස් කරලා තියෙන්නේ ටිකක් කියවන්න පුළුවන් අය එක්ක හරි කියවන්න ඉගෙනගන්න අය එක්ක හරි පාඩමක් කරන්නයි. ශිෂ්‍යයා අනිත් සඟරාව පාවිච්චි කරනවා නම් ගුරුවරයාට පුළුවන් මේ සඟරාව පාවිච්චි කරන්න. හැම පාඩමකම වම් පැත්තේ පිටුවේ උඩින් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තර තමයි ඒ පාඩමේ සාකච්ඡා කරන්නේ. හැම පින්තූරයකටම පොඩි විස්තරයක් වගේම බයිබල් පදත් ඇතුල් කරලා තියෙනවා. හැම පාඩමකම වගේ සුදු පාටට හුරු කොටුවක අමතර කරුණු සහ බයිබල් පද තියෙනවා. ශිෂ්‍යාගේ හැකියාවට අනුව ඒවා සාකච්ඡා කරනවාද නැද්ද කියලා තීරණය කරන්න.
5. මේ සඟරාව දෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? කොහොමද?
5 පාවිච්චි කරන විදිහ: දේශනා සේවයේ යන කොට සුදුසු අවස්ථාවලදී මේ සඟරා දෙන්න. වෙනත් පොත් පත් ඉදිරිපත් කරන්න තියෙන මාසවල වුණත් මේ සඟරා ඉදිරිපත් කරන්න පුළුවන්. (“මෙහෙම කියමු” යන කොටුව බලන්න.) නැවත බැලීමකදී වුණත් “අද මම ඔයාට පෙන්නන්න ලස්සන සඟරාවක් ගෙනාවා” කියලා මේ සඟරාව දෙන්න පුළුවන්.
6. මේ සඟරා පාවිච්චි කරලා බයිබල් පාඩමක් කරන්නේ කොහොමද?
6 දෙවිට සවන් දෙන්න කියන සඟරාවේ සාකච්ඡා කරන්න ප්‍රශ්න නැහැ. ඒ නිසා බයිබලයේ ඉගැන්වීම් පොතෙන් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් කරන විදිහට මේ සඟරාව සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සු කතන්දර අහන්න ආසයි. ඒ නිසා සඟරාවේ පින්තූර පාවිච්චි කරලා බයිබලයේ තියෙන තොරතුරු කතන්දරයක් වගේ ශිෂ්‍යයාට කියලා දෙන්න. බයිබල් පද කියවලා පැහැදිලි කරන්න. උගන්නන දේ ශිෂ්‍යයාට තේරුණාද කියලා දැනගන්නත් එයාව සාකච්ඡාවට හවුල් කරගන්නත් ප්‍රශ්න අහන්න. ශිෂ්‍යයාත් පාවිච්චි කරන්නේ දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න කියන සඟරාව නම් හැම පින්තූරයකටම තියෙන විස්තරයත් බයිබල් පදත් කියවලා සාකච්ඡා කරන්න.
7. ශිෂ්‍යයාට දියුණු වෙන්න උදව් කරන්නේ කොහොමද?
7 ශිෂ්‍යයාට දියුණු වෙන්න උදව් කරමු: ශිෂ්‍යයා එක්ක කරන මේ සාකච්ඡාව නිසා යෙහෝවා දෙවි ගැන තව දැනගන්න එයාට ආසාවක් ඇති වුණොත් කොච්චර හොඳද! සමහර වෙලාවට ඒ ආසාව නිසා එයා අකුරු කියවන්න ඉගෙනගන්න කැමති වෙන්නත් පුළුවන්. (මතෙ. 5:3; යොහ. 17:3) එහෙම වුණොත් මොකක්ද කරන්නේ? කලින් එයා ඉගෙනගත්තේ දෙවිට සවන් දෙන්න කියන සඟරාවෙන් නම් දැන් දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න කියන සඟරාව පාවිච්චි කරලා එයාට උගන්නන්න. එතකොට ටික ටික එයාට කියවන්න උගන්වන්න පුළුවන් වෙයි. ඒත් ඒ සඟරාවලින් ඉගෙනගත්තා කියලා කෙනෙක්ට බව්තීස්ම වෙන්න තරම් දැනුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බයිබලයේ ඉගැන්වීම් පොතෙන් හරි බයිබලය ගැන හොඳ අවබෝධයක් ලබා දෙන වෙනත් ප්රකාශනයකින් හරි පාඩම කරන්න ඕනේ.
8. අලුත් සඟරා දෙක ගැන ඔයාලා සතුටු වෙන්නේ ඇයි?
8 සදාකල් ජීවත් වෙන්න නම් මිනිස්සු විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිට සවන් දන්න ඕනේ. (යෙසා. 55:3) යෙහෝවා දෙවිගේ කැමැත්ත වෙන්නේ අකුරු කියවන්න දන්නේ නැති අය ඇතුළු “සෑම තරාතිරමකම සිටින මිනිසුන්” ඔහුට සවන් දෙන්න ඉගෙනගන්න එකයි. (1 තිමෝ. 2:3, 4) දෙවිට සවන් දෙන්න මිනිසුන්ට උදව් කරන මේ අලුත් සඟරා දෙක ලැබුණ එක ගැන අපි කොච්චර සතුටු වෙනවද!
[3වන පිටුවේ කොටුව]
මෙහෙම කියමු
ගෙහිමියාට සඟරාවේ 2 සහ 3 පිටු පෙන්නලා මෙහෙම කියන්න: “මේ වගේ තැනක ජීවත් වෙන්න ඔයා කැමතිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ළඟදීම මේ මුළු ලෝකෙම මේ වගේ ලස්සන සාමකාමී තැනක් කරනවා කියලා දෙවි බයිබලයේ [නැත්නම් මේ ශුද්ධ පොතේ] පොරොන්දු වෙලා තියෙනවා. ඒ කාලෙදී දුප්පත්කම නිසාවත් ලෙඩ රෝග නිසාවත් කවුරුවත් දුකින් ඉන්නේ නැහැ. ඒ කාලේ ජීවත් වෙන්න නම් අපි මොනාද කරන්න ඕනේ කියලා දෙවි මෙහෙම කියනවා. [3වන පිටුවේ උඩින්ම තියෙන යෙසායා 55:3 කියවන්න.] මෙතන දෙවි කියනවා එයා ළඟට අවිල්ලා එයාට සවන් දෙන්න කියලා. ඒක අපි කරන්නේ කොහොමද?” ඊළඟට 4 සහ 5 පිටුවලට හරවලා එයත් එක්ක ඒ ප්‍රශ්නයට පිළිතුර සාකච්ඡා කරන්න. එයාට කාලය නැත්නම් සඟරාව දීලා වෙන දවසක සාකච්ඡා කරන්න සැලසුම් කරන්න.