ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 4 පාඩම 7 පි.
  • බයිබල් පද හොඳින් හඳුන්වා දීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබල් පද හොඳින් හඳුන්වා දීම
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • බයිබල් පද අදාළ වන විදිහ පැහැදිලි කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • ශුද්ධ ලියවිලි පද බලපෑමෙන් යුතුව හඳුන්වා දීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • හිතට කාවදින හැඳින්වීමක්
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • හදවතට කතා කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 4 පාඩම 7 පි.

4වෙනි පාඩම

බයිබල් පද හොඳින් හඳුන්වා දීම

බයිබල් පදයක්

මතෙව් 22:41-45

සාරාංශය: බයිබල් පදයක් කියවන්න කලින් ඒකට හොඳින් ඇහුම්කන් දීමට සවන් දෙන අයගේ මනස සූදානම් කරන්න.

ඒක කරන විදිහ:

  • බයිබල් පදය කියවන්නේ ඇයි කියලා හිතන්න. ඔයා කාවද්දන්න හදන කරුණ හොයාගන්න උදව් වන විදිහට හැම බයිබල් පදයක්ම හඳුන්වා දෙන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    අවට පද බලන්න. බයිබල් පදයක් හඳුන්වා දෙද්දී ඒක කිව්වේ කවුද, ඒ පොත ලිව්වේ කවුද කියලා කියනවා නම් ඒක නිවැරදිද කියලා බලන්න.

  • කියන හැම දේකටම පදනම බයිබලයේ කියලා පෙන්වන්න. දෙවි ගැන විශ්වාසයක් තියෙන අයට කතා කරද්දී බයිබලය දෙවිගේ වචනය කියන දේ කාවද්දන්න. ප්‍රඥාවන්තම උපදෙස් තියෙන්නේ බයිබලයේ කියලා ඒකෙන් තේරෙයි.

  • බයිබල් පදය ගැන උනන්දුවක් ඇති කරන්න. බයිබල් පදයෙන් උත්තරය හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න. එහෙම නැත්නම් කියවන බයිබල් කොටසෙන් තේරුම්ගන්න පුළුවන් ප්‍රතිපත්තියක් ගැන සඳහන් කරන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    බයිබල් පදය ගැන, විෂය ගැන සවන් දෙන්නන් දැනටමත් දන්නේ මොනවාද කියලා හිතන්න. හොඳින් දන්න පදයක් වුණත් ඒක ගැන ආයෙත් හිතන්න පෙලඹෙන විදිහට, ඒකේ සඳහන් කරුණක් තව හොඳින් තේරුම්ගන්න උදව් වන විදිහට ඒක හඳුන්වා දෙන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න