දේවවචනය නිධානයක් | උත්පත්ති 6-8
“නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය”
නවීන උපකරණවත් දියුණු ඉදි කිරීම් ක්‍රමවත් නොතිබුණු කාලෙක නෝවාටත් එයාගේ පවුලේ අයටත් නැව හදන්න කොයි තරම් වෙහෙසක් දරන්න සිද්ධ වුණාද කියලා හිතලා බලන්න.
- අඩි 437ක් (මීටර 133ක්) විතර දිග, අඩි 73ක් (මීටර 22ක්) විතර පළල සහ අඩි 44ක් (මීටර 13ක්) විතර උස විශාල නැවක් හදන්න සිද්ධ වුණා 
- ගස් කපලා හදන තැනට අරන් එන්න සිද්ධ වුණා 
- නැවේ පිටතිනුත් ඇතුළතිනුත් තාර ගාන්න සිද්ධ වුණා 
- නෝවාගේ පවුලේ අයටත් සතුන්ටත් අවුරුද්දකට ඇති තරම් ආහාර රැස් කරන්න වුණා 
- පේන විදිහට නැව හදලා ඉවර කරන්න අවුරුදු 40ක් 50ක් අතර කාලයක් ගත වුණා 
දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන ඕනම අමාරු දෙයක් වුණත් ඉටු කරන්න මේ වාර්තාව අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?