4වෙනි පාඩම
බයිබල් පද හොඳින් හඳුන්වා දීම
මතෙව් 22:41-45
සාරාංශය: බයිබල් පදයක් කියවන්න කලින් ඒකට හොඳින් ඇහුම්කන් දීමට සවන් දෙන අයගේ මනස සූදානම් කරන්න.
ඒක කරන විදිහ:
බයිබල් පදය කියවන්නේ ඇයි කියලා හිතන්න. ඔයා කාවද්දන්න හදන කරුණ හොයාගන්න උදව් වන විදිහට හැම බයිබල් පදයක්ම හඳුන්වා දෙන්න.
කියන හැම දේකටම පදනම බයිබලයේ කියලා පෙන්වන්න. දෙවි ගැන විශ්වාසයක් තියෙන අයට කතා කරද්දී බයිබලය දෙවිගේ වචනය කියන දේ කාවද්දන්න. ප්රඥාවන්තම උපදෙස් තියෙන්නේ බයිබලයේ කියලා ඒකෙන් තේරෙයි.
බයිබල් පදය ගැන උනන්දුවක් ඇති කරන්න. බයිබල් පදයෙන් උත්තරය හොයාගන්න පුළුවන් ප්රශ්නයක් අහන්න. එහෙම නැත්නම් කියවන බයිබල් කොටසෙන් තේරුම්ගන්න පුළුවන් ප්රතිපත්තියක් ගැන සඳහන් කරන්න.