11වෙනි කොටසට හැඳින්වීම
මේ කොටසෙන් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල හඳුන්වලා දෙනවා. යේසුස් ඉපදුණේ පුංචි නගරයක ජීවත් වුණු අහිංසක පවුලක. වඩු වැඩ කරපු තාත්තාත් එක්ක යේසුත් වැඩ කළා. යෙහෝවා මිනිස්සුන්ව ගලවගන්න තෝරගත්තේ යේසුස්ව. දේවරාජ්‍යයේ රජ විදිහට ඔහු තෝරගත්තෙත් යේසුස්ව. දරුවෙක් විදිහට යේසුස්ට හැදෙන්න සුදුසුම පවුලක් සුදුසුම පරිසරයක් යෙහෝවා තෝරගත්ත විදිහ ගැන දරුවාගේ හිතේ අගයක් ඇති කරන්න. යෙහෝවා හෙරොද්ගෙන් යේසුස්ව ආරක්ෂා කරගත්ත විදිහත් දෙවියන් කරන්න හිතන් ඉන්න දේ වෙනස් කරන්න කිසිම දේකට බැහැ කියන දේත් දැනගන්න. යේසුස්ට මාර්ගය සූදානම් කරන්න යෙහෝවා යොහන්ව පාවිච්චි කළේ කොහොමද කියලත් බලන්න. පුංචි කාලේ ඉඳන්ම යෙහෝවා ගැන කතා කරන්න යේසුස්ට කොච්චර ආසාවක් තිබුණාද කියලා දරුවාට පෙන්නන්න.