ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwhf 13 ලිපිය
  • රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා
  • පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැනගන්න ඕන දේ
  • දේවල් සමබරව කරන්න යෝජනා
  • දෙන්නා එක්ක කතා කරන්න පුළුවන් දේවල්
  • තාක්ෂණය ඔයාගේ විවාහයට කොහොම බලපායිද?
    2021 පිබිදෙව්!
  • “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි”
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • තාක්ෂණයට වහල් වෙන්න එපා
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • යාළුකම දුර දිග ගිහින්ද?
    2013 පිබිදෙව්!
තව තොරතුරු
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
ijwhf 13 ලිපිය
සැමියෙක් සහ බිරිඳක් එකට ඉඳගෙන තේ එකක් බොනවා. එයාලගේ ෆෝන් සහ රස්සාවට සම්බන්ධ ලියකියවිලි එයාලා පැත්තකින් තියලා.

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | විවාහය

රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා

අපි ජීවත් වෙන්නේ තාක්ෂණය අතින් දියුණු යුගයක නිසා මිනිසුන්ට පුළුවන් අපිත් එක්ක ඕනෙම වෙලාවක කතා කරන්න. ඒ නිසා ඔයාගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා, ඔයාත් එක්ක වැඩ කරන අය එහෙම නැත්නම් ඔයා යම් සේවාවක් සපයන අය හිතන්න පුළුවන් ඕනෙම දවසක, ඕනෙම වෙලාවක ඔයා එක්ක කතා කරලා ඔයාට කියලා වැඩක් කරගන්න පුළුවන් කියලා. හැබැයි ඒකෙන් වෙන්නේ විවාහ ජීවිතේ ඇතුළු ඔයාගේ ජීවිතේ අනිත් වැදගත් දේවල්වලට දෙන්න ඕනෙ තැන ඔයාට දෙන්න බැරි වෙන එකයි.

  • දැනගන්න ඕන දේ

  • දේවල් සමබරව කරන්න යෝජනා

  • විවාහක යුවළයන් කියන දේ

  • දෙන්නා එක්ක කතා කරන්න පුළුවන් දේවල්

දැනගන්න ඕන දේ

  • කොම්පියුටර්, ටැබ්, ෆෝන් අපි ළඟ නිතරම තියෙන නිසා ගෙදර ඉද්දීත් වැඩට සම්බන්ධ කෝල් එකක්, ඊ-මේල් එකක්, මෙසේජ් එකක් ආවාම ඒ වෙලාවේම ඒකට උත්තර දෙන්න ඕනෙ කියලා අපිට හිතෙයි. ඒකෙන් වෙන්නේ සැමියාට/බිරිඳට දෙන්න ඕනෙ කාලේ දෙන්න බැරි වෙන එකයි.

    “ඉස්සර නම් අපි රස්සාව ඉවර වෙලා ගෙදර ඇවිල්ලා පවුලේ අය එක්ක සතුටින් කාලේ ගත කරනවා. ඒත් දැන් රස්සාවට සම්බන්ධ ඊ-මේල්ස්, ෆෝන් කෝල්ස් නිතරම එන නිසා ඒක කරන්න හරිම අමාරුයි.”—ජැනෙට්.

  • රස්සාව හරියට කරන ගමන් පවුලේ අයට දෙන්න ඕනෙ කාලේ දෙන්න නම් ඔයාට හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ. එහෙම කළේ නැත්නම් සැමියාට/බිරිඳට දෙන්න ඕනෙ කාලය ඔයා රස්සාවට දෙයි.

    “රස්සාවට වැඩිපුර කාලයක් දෙන්න ඕනෙ වුණාම හුඟක් අය මුලින්ම කරන්නේ එයාලගේ සැමියා/බිරිඳ එක්ක ගත කරන කාලේ අඩු කරන එකයි. මොකද එයාලා හිතනවා ‘එයා මාව තේරුම්ගනියි, එයා මට සමාව දෙයි. පස්සේ එයාත් එක්ක කාලේ ගත කරන්න පුළුවන්නේ’ කියලා.”—හොලී.

දේවල් සමබරව කරන්න යෝජනා

  • ඔයාගේ විවාහ ජීවිතේට මුල් තැන දෙන්න. බයිබලේ කියන්නේ “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි” කියලා. (මතෙව් 19:6) ඔයාව ඔයාගේ සැමියාගෙන්/බිරිඳගෙන් ‘වෙන් කරන්න’ ඔයා කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නේ නැත්නම් ඒ දේ කරන්න ඇයි ඔයා ඔයාගේ රස්සාවට ඉඩ දෙන්නේ?

    “මගේ සේවය ලබන සමහර අය හිතනවා එයාලා මට ගෙවන නිසා ඕනෙම දවසක, ඕනෙම වෙලාවක මට කතා කරන්න එයාලට අයිතියක් තියෙනවා කියලා. ඒත් මං මගේ බිරිඳත් එක්ක ගත කරන කාලේ රස්සාවේ වැඩවලට දෙන්න කැමති නැහැ. ඒ නිසා මං එයාලට කියනවා මං සාමාන්‍යයෙන් නිවාඩු දවස්වල වැඩ කරන්නේ නැහැ. මං පස්සේ එයාලට කතා කරන්නම් කියලා.”—මාක්.

    මේ ගැන හිතන්න. ‘මගේ රස්සාවට වඩා මට මගේ සැමියාව/බිරිඳව වටිනවා කියලා මං කරන කියන දේවලින් පේනවාද?’

  • බැහැ කියන්නත් ඉගෙනගන්න. බයිබලේ කියන්නේ “නිහතමානී අය ප්‍රඥාවන්තය” කියලා. (හිතෝපදේශ 11:2) නිහතමානී කෙනෙක් තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කරනවා. ඒ වගේ කෙනෙක් තේරුම්ගන්නවා සමහර වැඩ භාර නොගෙන ඉන්න එක එහෙම නැත්නම් ඒ වැඩ තව කෙනෙක්ට භාර දෙන එක හොඳයි කියලා.

    “මං පයිප්ප වැඩ කරන කෙනෙක්. කාගේ හරි ගෙදරක පයිප්පයක් කැඩුණොත් එයා කලබල වෙලා මට කියනවා ඉක්මනට ඇවිත් ඒක හදලා දෙන්න කියලා. එයා බලාපොරොත්තු වෙන වෙලාවට යන්න මට බැරි නම් මං කරන්නේ ඒ වැඩේ කරන්න පුළුවන් වෙන කෙනෙක්ගේ නොම්බරයක් එයාට දෙන එකයි.”—ක්‍රිස්ටොෆර්.

    මේ ගැන හිතන්න. ‘වැඩ වෙලාවෙන් පස්සේ මට භාර දෙන වැඩක් නිසා සැමියාට/බිරිඳට දෙන්න ඕනෙ කාලේ මට දෙන්න බැහැ කියලා තේරෙනවා නම් මං ඒ වැඩේ කරන්න බැහැ කියනවාද? මං ඒ වගේ කෙනෙක්ද කියලා මගේ බිරිඳගෙන්/සැමියාගෙන් ඇහුවොත් එයා මොනවා කියයිද?’

  • දෙන්නා එක්ක එකට කාලේ ගත කරන්න සැලසුම් කරන්න. බයිබලේ කියනවා “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියලා. (දේශනාකාරයා 3:1) රස්සාවේ කරන්න වැඩ ගොඩක් තියෙද්දී තමයි විශේෂයෙන්ම සැමියා/බිරිඳ එක්ක කාලේ ගත කරන්න සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කරලා විතරක් නවතින්නේ නැතුව ඒක කොහොමහරි කරන්නත් උත්සාහ කරන්න.

    “අපිට වැඩ කන්දරාවක් කරන්න තියෙන දවස්වල අපි දෙන්නා කතා වෙනවා ටික වෙලාවක් හරි කොහේට හරි ගිහිල්ලා නිදහසේ කතා කරන්න. කොහේට හරි ගිහිල්ලා කෑම ටිකක් කන්න එහෙම නැත්නම් මුහුදු වෙරළට යන්න අපි කතා වෙනවා.”—ඩෙබෝරා.

    මේ ගැන හිතන්න. ‘අනිත් වැඩ ඔක්කොම පැත්තකට දාලා මගේ සැමියා/බිරිඳ එක්ක තනියම කාලේ ගත කරන්න මං සැලසුම් කරනවාද? මං එහෙම කරනවාද කියලා මගේ සැමියාගෙන්/බිරිඳගෙන් ඇහුවොත් එයා මොනවා කියයිද?’

  • ඔයාගේ ෆෝන් එක, ටැබ් එක ඕෆ් කරන්න. බයිබලේ කියන්නේ “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න” කියලා. (ෆිලිප්පි 1:10) ඔයාට පුළුවන්ද සමහර වෙලාවලදී ඔයාගේ ටැබ් එක, ෆෝන් එක ඕෆ් කරන්න? එතකොට රැකියා ස්ථානයෙන් ඔයාට කෝල්ස්, ඊ-මේල්ස් එන්නේ නැති නිසා ඔයාට පුළුවන් ඒ කාලේ ඔයාගේ සැමියා/බිරිද වෙනුවෙන් දෙන්න.

    “මං රස්සාවේ වැඩ නතර කරන්න දවසේ නිශ්චිත වෙලාවක් දාගන්නවා. ඒ වෙලාවෙන් පස්සේ රස්සාවේ වැඩවලට සම්බන්ධ මේසේජ් එන්නේ නැති විදිහට මං මගේ ෆෝන් එක හදාගන්නවා.”—ජෙරමි.

    මේ ගැන හිතන්න. ‘රැකියා ස්ථානයේ ප්‍රධානියා එහෙම නැත්නම් මගෙන් සේවාවක් ලබන කෙනෙක් ඕනෙම වෙලාවක කෝල් කරන්න ඉඩ තියෙනවා කියලා හිතන නිසා මගේ ෆෝන් එක පැය 24ම වැඩද? ඒ ගැන මගේ සැමියාගෙන්/බිරිඳගෙන් ඇහුවොත් එයා මොනවා කියයිද?’

  • ඕනෑවට වඩා බලාපොරොත්තු වෙන්න එපා. බයිබලේ කියන්නේ “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි” කියලා. (ෆිලිප්පි 4:5) ඇත්තටම කියනවා නම් ඔයාගේ සැමියාට/බිරිඳට ඔයාත් එක්ක එකට ගත කරන්න තියෙන කාලේ රැකියාවේ වැඩ වෙනුවෙන් දෙන්න වෙන අවස්ථා තියෙනවා. සමහරවිට එයා කරන්නේ වැඩ වෙලාවෙන් පස්සෙත් එයාගේ සේවය ඕනෙ වෙන රස්සාවක් වෙන්න පුළුවන්. ඒ නිසා සාධාරණ වෙන්න. ඔයාගේ සැමියාට/බිරිඳට ඔයා වෙනුවෙන් දෙන්න පුළුවන් කාලෙට වඩා එයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

    “මගේ මහත්තයාට පොඩි බිස්නස් එකක් තියෙනවා. සමහර වෙලාවට වැඩ වෙලාවෙන් පස්සෙත් එයාට හදිසි වැඩ වැටෙනවා. ඉඳලා හිටලා මට ඒ ගැන පොඩි කේන්තියකුත් එනවා. ඒත් අපි දෙන්නා කොහොමත් හුඟක් වෙලා එකට කාලේ ගත කරන නිසා මට ඒක එච්චර ගාණක් නැහැ.”—බෙවලි.

    මේ ගැන හිතන්න. ‘මගේ සැමියාට/බිරිඳට හුඟක් වැඩ තියෙන වෙලාවලදී මං එයාගේ තත්වය තේරුම් අරන් එයාගේ කාලය ඕනෑවට වඩා බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉන්නවාද? මගේ සැමියාගෙන්/බිරිඳගෙන් ඒ ප්‍රශ්නය ඇහුවොත් එයා මොනවා කියයිද?’

බල්බ් එකක්.

යෝජනාවක්: රස්සාව හොඳට කරන ගමන් පවුලේ අයට දෙන්න ඕනෙ කාලේ අපි දෙනවාද කියන දේ ගැන අපි නිතර නිතර හොයලා බලන්න ඕනේ. මේ ලිපියේ දෙන්නා එක්ක කතා කරන්න පුළුවන් දේවල් කියන කොටස යටතේ තියෙන තොරතුරු දෙන්නාම එකතු වෙලා කියවලා ඔය දෙන්නාට වෙනස්කම් කරගන්න තියෙනවාද කියලා කතා කරගන්න.

විවාහක යුවළයන් කියන දේ

ජෝසෙප් සහ හැනා.

“අපි එකට කෑම කන වෙලාවලදී ෆෝන් එකට මෙසේජස් එන්න බැරි විදිහට අපි ෆෝන් එක සකස් කරගන්නවා. පවුලේ අය එක්ක එකට ගත කරන කාලේ අපිට ගොඩක් වටින නිසා ඒ කාලේ අපි වෙන කිසිම දේකට දෙන්න හොඳ නැහැ.”—ජෝසෙප් සහ එයාගේ බිරිඳ හැනා.

කේරා සහ ඩැනියෙල්.

“ජීවිතේ ගොඩක් දේවලින් පුරවගන්නේ නැතුව සරලව ජීවිතේ ගත කරන එක තමයි හොඳම දේ. ජීවිතේ සරලව තියාගන්න තරමට සමබරව දේවල් කරන්න ලේසියි. මොකද ඒකෙන් අපේ කාලේ ගොඩක් ඉතුරු වෙනවා.”—කේරා සහ එයාගේ සැමියා ඩැනියෙල්.

දෙන්නා එක්ක කතා කරන්න පුළුවන් දේවල්

මුලින්ම ඔය දෙන්නාටම පුළුවන් මේ ප්‍රශ්න ගැන වෙන වෙනම හිතන්න. ඊටපස්සේ දෙන්නා එකතු වෙලා කතා කරන්න.

  • ඔයා රස්සාවේ වැඩ ගෙදර ගේනවා කියලා ඔයාගේ සැමියා නැත්නම් බිරිඳ ඔයාට කියලා තියෙනවාද? ඔයා ඇත්තටම එහෙම කරනවාද?

  • රස්සාව හොඳට කරන ගමන් ඔයාගේ පවුලේ අයට තවත් හොඳින් අවධානය දෙන්න ඔයාට පුළුවන් කොහොමද?

  • ඔයාගේ සැමියා නැත්නම් බිරිඳ හැම තිස්සේම රස්සාවේ වැඩ ගෙදර ගේනවා කියලා ඔයාට හිතිලා තියෙනවාද? ඒ වගේ අවස්ථා ඔයාට මතකද?

  • ඔයාගේ සැමියා නැත්නම් බිරිඳ රස්සාවේ වැඩ තව සමබරව කරනවා දකින්න ඔයා කැමතියි නම් එයා කරගන්න ඕනෙ මොන වගේ වෙනස්කම් කියලාද ඔයා හිතන්නේ?

සාරංශය: රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා

  • ඔයාගේ විවාහ ජීවිතේට මුල් තැන දෙන්න. ඔයාගේ බිරිඳට/සැමියාට දෙන්න ඕනෙ කාලේ රස්සාවට දෙන්න එපා.

  • බැහැ කියන්නත් ඉගෙනගන්න. සමහර අවස්ථාවලදී වැඩේ භාර ගන්නේ නැතුව ඉන්න එක, එහෙම නැත්නම් ඒ වැඩේ තව කෙනෙක්ට භාර දෙන එක තමයි හොඳම දේ.

  • දෙන්නා එක්ක එකට කාලේ ගත කරන්න සැලසුම් කරන්න. විශේෂයෙන්ම වැඩ කන්දරාවක් තියෙද්දී කොහොමහරි ඔයාගේ සැමියා/බිරිඳ එක්ක කාලේ ගත කරන්න.

  • ඔයාගේ ෆෝන් එක, ටැබ් එක ඕෆ් කරන්න. එහෙම කරන එකෙන් රස්සාවේ වැඩවලට අවධානය දෙන්නේ නැතුව ඔයාගේ සැමියාට/බිරිඳට කාලේ දෙන්න ඔයාට පුළුවන්.

  • ඕනෑවට වඩා බලාපොරොත්තු වෙන්න එපා. රස්සාවේ වැඩ හොඳට කරන ගමන් අපි සැමියාට/බිරිඳට කාලේ දෙනවාද කියලා නිතරම හොයලා බලන්න ඕනේ. ඔයාගේ සැමියාට/බිරිඳට දෙන්න පුළුවන් කාලෙට වඩා එයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න