ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 23 ලිපිය
  • දෙවියන්ගේ පාලනයෙන් කරන දේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගේ පාලනයෙන් කරන දේ
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • දේවරාජ්‍යයෙන් ඉටු කරන්නේ මොනවාද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දේවරාජ්‍යය
    2013 පිබිදෙව්!
  • නව ලොවක සාමකාමී ජීවිතයක්
    නව ලොවක සාමකාමී ජීවිතයක්
  • දෙවි පොරොන්දු වී ඇති පාරාදීසය
    අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 23 ලිපිය
පාරාදීසය

දෙවියන්ගේ පාලනයෙන් කරන දේ

බයිබලයේ ඒ ගැන කියන දේ

මිනිස් ආණ්ඩු වෙනුවට සැබෑ දෙවියන් මුළු ලෝකයම පාලනය කිරීමට නියමිතයි. (දානියෙල් 2:44; එළිදරව් 16:14) ඉන්පස්සේ දෙවියන් මේ වගේ දේවල් කරනවා.

  • අපි හැමෝටම කරදර කරන ආත්මාර්ථකාමී දුෂ්ට මිනිසුන්ව පොළොවෙන් අයින් කරනවා. ඒ ගැන බයිබලයේ කියන්නේ “දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය” කියලයි.—හිතෝපදේශ 2:22.

  • සෑම යුද්ධයක්ම අවසන් කරනවා. “සියලු යුද්ධ [දෙවි] නවත්වා දමන්නේය” කියලා දෙවි පොරොන්දු වෙනවා.—ගීතාවලිය 46:9.

  • සාමයෙන් හා සුරක්ෂිතව ජීවත් වෙන්න අවස්ථාව සලසලා දෙනවා. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.”—මීකා 4:4.

  • පොළොව පාරාදීසයක් කරනවා. “වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය” කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—යෙසායා 35:1.

  • හැමෝටම සතුටෙන් වැඩ කරන්න අවස්ථාව ලබා දෙන බව බයිබලයේ කියන මේ දෙයින් පැහැදිලියි. දෙවිගේ පාලනය යටතේ සිටින අය ‘තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය. ඔවුන්ගේ වෙහෙස මහන්සිය කිසිවිටෙක අපතේ යන්නේ’ නැහැ.—යෙසායා 65:21-23.

  • අසනීප නැති කරනවා. “කිසිවෙකුවත් ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත” කියලා දෙවි සහතික වෙනවා.—යෙසායා 33:24.

  • කවුරුත් මහලු වෙන්නේ නැහැ. “ඔහුගේ සම දරුවෙකුගේ සමට වඩා මෘදු වන්නේය. ඔහු නැවත තරුණ වියට පැමිණෙන්නේය” කියලා දෙවි මහලු අයට පොරොන්දු වෙනවා.—යෝබ් 33:25.

  • මැරිලා ඉන්න අය නැවත නැඟිටිනවා. ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම [යේසුස්ගේ] හඬ ඇසෙන අතර ඔවුන් නැවත නැඟිටීමක් ලබනවා.’ මේ පොරොන්දුව දීලා තියෙන්නේ දෙවියි.—යොහන් 5:28, 29.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න