ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g23 අංක 1 9-11 පි.
  • වනාන්තර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වනාන්තර
  • 2023 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වනාන්තරවලට තර්ජනයක්!
  • තර්ජනයට පෘථිවියෙන් උත්තරයක්!
  • තර්ජනයට මිනිස්සුන්ගෙන් උත්තරයක්!
  • තර්ජනයට බයිබලයෙන් උත්තරයක්!
  • වර්ෂා වනාන්තර—ඒවා බේරාගන්නේ කවුද?
    2003 පිබිදෙව්!
  • වර්ෂා වනාන්තර—ඒවා බේරාගත හැකිද?
    2003 පිබිදෙව්!
  • වර්ෂා වනාන්තරයෙන් ඇති ප්‍රයෝජන
    1998 පිබිදෙව්!
  • වර්ෂා වනාන්තර වැනසීම
    1998 පිබිදෙව්!
තව තොරතුරු
2023 පිබිදෙව්!
g23 අංක 1 9-11 පි.
කාන්තාවක් වැසි වනාන්තරයක තියෙන එල්ලෙන පාලමක ඇවිදිනවා.

පෘථිවිය අවසන් හුස්ම හෙළයිද?

වනාන්තර

වනාන්තරවල තියෙන ගස් මිනිස්සුන්ට හානි කරන කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනවා. ඒ වගේම ලෝකේ ගොඩබිම වෙසෙන සත්තුන්ගෙන් සහ ශාකවලින් 80%ක්ම දකින්න ලැබෙන්නේ වනාන්තරවල. එහෙම බලද්දී වනාන්තර “පෘථිවියේ පෙනහලු” විදිහට හඳුන්වලා තියෙන එක පුදුමයක් නෙවෙයි. ඒ පෙනහලු නැවතුණොත් මිනිස්සු විදිහට අපේ හදගැස්මත් නවතිනවා.

වනාන්තරවලට තර්ජනයක්!

හැම අවුරුද්දකම ගස් බිලියන ගාණක් මහ පොළොව සිපගන්නවා. මේකට මූලිකම හේතුව වගා කටයුතුවලට වනාන්තර එළිපෙහෙළි කරන එකයි. 1940 ගණන් එක්ක බලද්දී අද වෙද්දී වැසි වනාන්තරවලින් 1⁄2ක්ම විනාශ වෙලා ගිහින්.

වනාන්තර විනාශ වෙද්දී ඒවායේ සරුසාර ගස්වැල් විතරක් නෙවෙයි පුංචිම කෘමියාගේ ඉඳන් දැවැන්තයා දක්වා සත්ව ලෝකයත් අපිට අහිමි වෙනවා.

තර්ජනයට පෘථිවියෙන් උත්තරයක්!

වනාන්තර විනාශ කරලා දැම්මත් ඒවා සදහටම නිදි කරවන්න මිනිසාට බැහැ. පරිසරවේදීන් කියන විදිහට, යම් කාලයක් ඇතුළත ආයෙත් සශ්‍රීකව වැඩෙන්න විතරක් නෙවෙයි කලින්ට වඩා ව්‍යාප්ත වෙන්නත් වනාන්තරවලට පුළුවන්. මේ උදාහරණ බලන්න.

  • ඇමරිකාවේ සහ බටහිර අප්‍රිකාවේ වගා කරලා අතහැරලා දාපු වනාන්තර බිම් 2,200ක් පර්යේෂකයන් සෝදිසි කළා. ඒ අය කිව්වේ වනාන්තරයක් ඇති වෙන්න සුදුසු විදිහට පස ආයෙත් ස්වාභාවිකවම සකස් වෙන්න අවුරුදු 10ක්වත් යන්නේ නැහැ කියලා.

  • එළිපෙහෙළි කරපු වනාන්තර බිමක් ආයෙත් ගස් කොළන්වලින් ගහණ වෙලා සත්තුන්ගේ රජදහනක් වෙන්න යන්නේ අවුරුදු 100ක් වගේ කාලයක් කියලා විද්‍යා සඟරාවක සඳහන් වුණා.—Science.

  • මිනිසාගේ උදව් ඇතුව සහ නැතුව වනාන්තර වැවෙන විදිහ බ්‍රසීලයේ විද්‍යාඥයන් සන්සන්දනය කළා. දියුණු තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා වනාන්තරයක් නිර්මාණය කරන්න ගත වුණ කාලයට වඩා ස්වාභාවිකවම වනාන්තරයක් ඇති වෙන්න ගත වුණ කාලය අඩුයි කියලා එයාලා හොයාගත්තා.

  • ඒ අධ්‍යයනය ගැන ‘නැෂනල් ජියෝග්‍රැෆික්’ සඟරාවේ මෙහෙම වාර්තා කළා. “වනාන්තර ඇති කරන්න ගස් හිටවන්නම ඕනෙ නැහැ.” පුදුමේ කියන්නේ කිසිම දෙයක් නොකර තියපු බිම්වල “ගස් වැවෙන්න” ගත වුණේ අවුරුදු 5ක් වගේ සුළු කාලයක්!

    ඔයා දැනගෙන හිටියාද?

    ගොවිබිමෙන් වනාන්තරයක්!

    වගා කරන්න එළි කරලා අතහැරලා දාපු වනාන්තර බිමක් පෙන්නන පින්තූරයක්. අවුරුදු 10කට පස්සේ පස යථා තත්වයකට පත් වෙනවා. අවුරුදු 100ක් හෝ ඊට වැඩි අවුරුදු ගාණකට පස්සේ ඝන වනාන්තරයක් වෙනවා.

    වගාබිම් අතහැරලා දැම්මාට පස්සේ ඉබේම ඒවායේ ගස් වැවිලා ආයෙත් ඝන වනාන්තර ඇති වෙනවා. මොන හේතුව නිසා වනාන්තර විනාශ වෙලා ගියත් හරිම ඉක්මනින් ඒ භූමි ප්‍රදේශ මලින්, කොළින්, පලින් බර වෙනවා. ඒ හැකියාව පුදුමාකාරයි.

තර්ජනයට මිනිස්සුන්ගෙන් උත්තරයක්!

ලෝකේ පුරාම වනාන්තර ආරක්ෂා කරන්න වගේම විනාශ වුණ ඒවා ආයෙත් යථා තත්වයට ගේන්න ලොකු වැඩ කොටසක් කෙරෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පහුගිය අවුරුදු 25 ඇතුළත “ලෝකේ පුරා වනාන්තර විනාශය 50%කින් අඩු වෙලා තියෙනවා” කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා තියෙනවා.

ඒත් වනාන්තර සුරකින්න ඒ දේ විතරක් මදි. “පහුගිය අවුරුදු කීපයේම නිවර්තන කලාපයේ වනාන්තරවලට වෙන විනාශය එන්න එන්නම වැඩි වෙලා තියෙනවා” කියලා එක සංවිධානයක් සඳහන් කරනවා.—Global Forest Watch.

ඒකට ප්‍රධානම හේතුව රජයේ අනවසරයෙන් ගස් කපන එකයි. ඒ වගේ සමාගම් ඩොලර් බිලියන ගාණක් ලාභ ලබනවා.

වනාන්තර බලාගන්න කෙනෙක් කැලෑවක තියෙන ගස්වලට තවත් හොඳින් වැඩෙන්න උදව් වෙන දේවල් කරනවා.

වනාන්තර බලාගන්න කණ්ඩායම් කැලෑවක තියෙන ගස්වලට තවත් හොඳින් වැඩෙන්න උදව් වෙන දේවල් කරනවා. ඒ වගේම ගස් හිටවලා අලුත් වනාන්තර ප්‍රදේශ නිර්මාණය කරනවා

තර්ජනයට බයිබලයෙන් උත්තරයක්!

“යෙහෝවා දෙවිa ඇසට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය.”—උත්පත්ති 2:9.

මිනිස්සු කරන හානියෙන් සම්පූර්ණයෙන්ම ගොඩ එන්න පුළුවන් හැකියාව ඇතුවයි යෙහෝවා දෙවියන් වනාන්තර නිර්මාණය කරලා තියෙන්නේ. ගස් කොළන්වලින් වට වුණ පරිසරයේ සුන්දරත්වය අපි උපරිමයටම විඳිනවා දකින්න දෙවියන් ආසයි.

මේ පොළොවේ සම්පත්වලට වෙන විනාශය සම්පූර්ණයෙන්ම නවත්තලා පෘථිවිය ආරක්ෂා කරන්න දෙවියන් පියවර ගන්නවා කියලා බයිබලයේ කියනවා. 15වෙනි පිටුවේ තියෙන “පෘථිවියේ ආරක්ෂාව ගැන දෙවියන්ගෙන් සහතිකයක්!” කියන ලිපිය බලන්න.

a යෙහෝවා කියන්නේ දෙවියන්ගේ පෞද්ගලික නමයි.—ගීතාවලිය 83:18.

තවත් දැනගන්න

පාරාදීස පොළොවක ඇවිදින් යන යුවළක්.

මිනිසා පොළොවේ සම්පත් නැති නාස්ති කළත් මේ පොළොව විනාශ වෙලා යන්නේ නැහැ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි? jw.org වෙබ් අඩවියේ තියෙන ‘දෙවියන් පොළොව නිර්මාණය කළේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න