පාපයෙන් හා මරණයෙන් අපිව බේරාගන්න අන්දම
35 පළමු මිනිසා වූ ආදම් පව් කළ බව ඔබට මතකයිද? ඔහු ඔහුගේ ජීවිතයත් පාරාදීසයත් නැති කරගත්තා. අපි ඔහුගේ දරුවන් නිසා අපි සියලුදෙනාත් මැරෙනවා.—රෝම 5:12; 3:23
36 මෙම නැති කරගත්ත පරිපූර්ණ ජීවිතය නැවත ලබාගන්න පුළුවන්. නමුත් ඒ සඳහා තවත් පරිපූර්ණ මිනිසෙක් අපි වෙනුවෙන් තම ජීවිතය දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිව මරණයෙන් ගළවගන්න මිදීමේ මිලයක් ගෙවන්න ඕනේ.—1 කොරින්ති 15:45; රෝම 5:19, 20
37 යේසුස් දෙවිගේ පුත්‍රයා. ඔහු පොළොවේ ඉන්නකොට පරිපූර්ණ මිනිසෙක්. ඔහු පව් කළේ නැහැ.—හෙබ්‍රෙව් 5:9, 10; 7:26
38 ඔහු දෙවිට ආදරයක් තිබුණේ නැති මිනිසුන්ට තමාව මරන්න ඉඩ දුන්නා.—ක්‍රියා 2:23
මෙය තමාගේ ජීවිතය දී, ඔහු අපි වෙනුවෙන් කළ පූජාවයි.—1 තිමෝති 2:6
39 යේසුස් මිය ගියාට පස්සේ ඔහුව සොහොන් ගෙයක තැන්පත් කළා. ඔහු දවස් තුනක්ම ඒ තත්වයේ සිටියා. ඊට පස්සේ දෙවි ඔහුව නැවත නැඟිට්ටෙව්වා.—ක්‍රියා 2:24
40 ඔහු නැවතත් ස්වර්ගයට ගියා. දෙවිට කීකරු වන අය වෙනුවෙන්, දැන් යේසුස්ට දෙවිගෙන් උපකාර ඉල්ලන්න පුළුවන්.—හෙබ්‍රෙව් 9:24; 1 යොහන් 2:1, 2