ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 10/1 16-17 පි.
  • ෂෙම් දුටු නපුරු ලෝකය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ෂෙම් දුටු නපුරු ලෝකය
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • නෝවාගේ නැව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • නෝවා විශාල නැවක් හදයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ලෝකය ආයෙත් ජලගැල්මකින් විනාශ වෙයිද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • අතීතයෙන් අනතුරු ඇඟවීමක්
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 10/1 16-17 පි.

ඔබේ දරුවන්ට උගන්වන්න

ෂෙම් දුටු නපුරු ලෝකය

නෝවාගේ කාලයේදී ජලගැල්මක් ඇති වුණා. ඒ ජලගැල්මෙන් බේරුණු අය අතර නෝවාගේ පුතෙක් වුණු ෂෙම්ද සිටියා. එදා සිටි නරක මිනිසුන් ජලගැල්මෙන් විනාශ වුණෙත් ෂෙම් සහ එයාගේ පවුලේ අය විතරක් බේරුණෙත් කොහොමද කියලා ඔයා දන්නවාද?—a අපි දැන් ඒ ගැන ටිකක් හොයලා බලමු.

ෂෙම්ගේ කුඩා කාලයේදී මිනිසුන් දුෂ්ට විදිහට හැසිරුණා කියලත් ඔවුන්ගේ සිත් ‘නපුරටම යොමු වී තිබුණා’ කියලත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි ඒ අයට මොනවාද කළේ කියලා ඔයා දන්නවාද?— දෙවි ජලගැල්මක් ඇති කරලා ඒ අයව විනාශ කළා. “එකල තිබුණු ලෝකය ජලගැල්මට යට වී විනාශ” වුණා කියලා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—උත්පත්ති 6:5, නව ලොව පරිවර්තනය, NW; 2 පේතෘස් 3:6.

දෙවි ඒ මිනිසුන්ව ජලගැල්මකින් විනාශ කළේ ඇයි කියලා ඔයාට තේරුණාද?— එක හේතුවක් නම් ඒ මිනිසුන් හැම තිස්සේම නපුරු දේවල් ගැන සිතීමයි. අනික් හේතුව ඒ අය දුෂ්ට විදිහට කටයුතු කිරීමයි. ඒ මිනිසුන් ගැන යේසුස් මෙහෙම කිව්වා. ‘ජලගැල්මට පෙර ඔවුහු කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියහ. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නොකර සිටියහ.’—මතෙව් 24:37-39.

ඒ මිනිසුන් කිසිම තැකීමක් කළේ නැත්තේ මොනවා ගැනද?— නෝවා “ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු” වුණත් ඒ අය ඔහු කිව්ව දේවල් ගණන් ගත්තේ නැහැ. නමුත් නෝවා යෙහෝවා දෙවිට කීකරු වෙලා තමන්ගේ පවුලේ අයව ගලවාගන්න නැවක් හැදුවා. දෙවි කිව්ව විදිහට වැඩ කළේ නෝවයි එයාගේ බිරිඳයි පුතුන් තුන්දෙනා වුණ ෂෙම්, හාම්, යාෆෙත් සහ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනා විතරයි. අනික් මිනිසුන් වැඩ කළේ තම තමන්ට ඕනේ විදිහටයි. ඒ නිසා ජලගැල්මෙන් ඔවුන් විනාශ වුණා.—2 පේතෘස් 2:5; 1 පේතෘස් 3:20.

ජලගැල්මෙන් අවුරුද්දකට විතර පස්සේ ෂෙම් සහ එයාගේ පවුලේ අය නැවෙන් එළියට ආවා. ඒ වෙනකොට නරක මිනිසුන් කවුරුත් පොළොවේ හිටියේ නැහැ. ඒත් වැඩි කාලයක් යන්න කලින් මිනිසුන් ආයෙත් නරක දේවල් කරන්න පටන්ගත්තා. ෂෙම්ගේ සහෝදරයා වූ හාම්ගේ පුතා වුණ කානාන් නරක දෙයක් කළා. ඒ නිසා නෝවා කිව්වා “කානාන්ට ශාප වේවා” කියලා. හාම්ගේ මුණුපුරෙක් වුණු නිම්රොද් ඊටත් වඩා නරක දේවල් කළා. එයා යෙහෝවා දෙවිට විරුද්ධ වෙලා මිනිසුන්ව එකතු කරගෙන බාබෙල් නමින් ලොකු කොතක් හදන්න පටන්ගත්තා. එයා එහෙම කළේ ජනප්‍රිය වෙන්න තිබුණ ආශාව නිසයි. ඒ ගැන ෂෙම්ටත් නෝවාටත් කොහොම හැඟෙන්න ඇද්ද?—උත්පත්ති 9:25, NW; 10:6-10; 11:4, 5.

ඔවුන් දෙදෙනාටත් යෙහෝවා දෙවිටත් ඒ ගැන හුඟක් දුක හිතුණා. ඒ නිසා යෙහෝවා දෙවි මොනවාද කළේ කියලා ඔයා දන්නවාද?— යෙහෝවා දෙවි ඒ අය කතා කළ භාෂාව අවුල් කළා. ඒ නිසා ඒ අය කතා කළ දේවල් අනික් අයට තේරුණේ නැහැ. ඊටපස්සේ ඒ මිනිසුන් බාබෙල් කොත හදන එක නතර කරලා පොළොව පුරා විසිරිලා ගියා. (උත්පත්ති 11:6-9) කොහොමවුණත් යෙහෝවා දෙවි ෂෙම්ගේ පවුලේ අය කතා කළ භාෂාව වෙනස් කළේ නැහැ. ඒ නිසා ඒ අයට දිගටම එකමුතුව ඉන්නත් යෙහෝවා දෙවිට සේවය කරන්නත් පුළුවන් වුණා. ෂෙම්, දෙවිට කොච්චර කාලයක් සේවය කළාද කියලා ඔයා දන්නවාද?—

ජලගැල්ම ඇති වෙනකොට ෂෙම්ට වයස අවුරුදු 98යි. ජලගැල්මෙන් පස්සේ එයා තවත් අවුරුදු 502ක් ජීවත් වුණා. ඒ අනුව ෂෙම් අවුරුදු 600ක් ජීවත් වෙලා තියෙනවා. ජලගැල්මට කලින් එයා නැව හදන්නත් ජලගැල්ම ගැන මිනිසුන්ට අනතුරු අඟවන්නත් නෝවාට උදව් කරන්න ඇති. ඒත් ජලගැල්මෙන් පස්සේ අවුරුදු 502ක් පුරා එයා මොනවාද කළේ කියලා ඔයා දන්නවාද?— ෂෙම් අනිවාර්යයෙන්ම එයාගේ පවුලේ අය එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිට සේවය කරන්න ඇති. නෝවා එක අවස්ථාවකදී යෙහෝවා දෙවිව “ෂෙම්ගේ දෙවි” හැටියට හැඳින්වූයේ ඒ නිසයි. පස්සේ කාලෙක ෂෙම්ගේ පෙළපතින් ආබ්‍රහම්, සාරා සහ ඊසාක් ඉපදුණා.—උත්පත්ති 9:26; 11:10-31; 21:1-3.

දැන් ටිකකට අපි ජීවත් වෙන මේ සමාජය ගැන හිතන්න. ෂෙම්ගේ කාලයෙන් පටන්ගත්ත දුෂ්ටකම මේ වෙනකොට පොළොව පුරාම පැතිරිලා. ඒ නිසා මේ දුෂ්ටකම් කරන මිනිසුන්ට මොනවා වෙයිද?— බයිබලයේ සඳහන් වෙලා තියෙන්නේ ඒ අය විනාශ වෙනවා කියලයි. ඒත් ‘දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතිනවා.’ අපි දෙවිගේ කැමැත්ත කළොත් දෙවි ගෙනෙන විනාශයෙන් බේරිලා මේ පොළොවේ සන්තෝෂයෙන් හැමදාටම ජීවත් වෙන්න අපිට පුළුවන් වෙනවා.—1 යොහන් 2:17; ගීතාවලිය 37:29; යෙසායා 65:17.

a ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙක් සමඟ නම් ඉරක් (—) යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.

ප්‍රශ්න:

  • ජලගැල්මට කලින් ෂෙම් ජීවත් වුණේ මොන වගේ සමාජයකද? දෙවි ඒ දුෂ්ට මිනිසුන්ව විනාශ කළේ කුමන හේතු දෙක නිසාද?

  • ෂෙම් කොච්චර කාලයක් ජීවත් වුණාද? එයාගේ ජීවිත කාලය පුරාම එයා කළේ මොනවාද?

  • අපි ජීවත් වෙන මේ සමාජයට ළඟදීම සිදු වෙන්නේ කුමක්ද?

  • ඉදිරියේදී සිදු වන විනාශයෙන් බේරෙන්න අපි කරන්න ඕනේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න